බොලිවුඩය

දර්ශීල් සෆාරි


අවුරුදු දහයක් ගෙවිලා ගිහින් වුනත් කාටවත් තවම අමතක නැතුව ඇති ආමිර් ඛාන්ගෙ“තාරේ සමී පර්“චිත්‍රපටියෙ ඩිස්ලෙක්ෂියා රෝගයෙන් පෙළුනු දඟකාර පොඩි එකා,ඉෂාන් නන්දකිශෝර් ආවස්ති.

ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල

බොලිවුඩය.. නැතහොත් හින්දි සිනමාව අද වන විට ලෝකයේ බොහෝ කතාබහට ලක්වෙන එමෙන්ම බොහෝ නව්‍යකරණයන්ට ලක් වෙමින් හොලිවුඩය හා කරට කර ගමන් කරනා ලොව ප්‍රධානතම සිනමා ක්ෂේත්‍රයක් ලෙස අපට දක්වන්නට පුලුවන.එකී හින්දි සිනමාවේ ප්‍රධානතම ඇගයීමේ උළෙල නැතහොත් සම්මාන උළෙල කුමක්දැයි ඇසුවහොත් අනිවාර්‍යෙන්ම බොලිවුඩයට ආදරය කරන්නන්ගේ මුවගට නැගෙන පලමු පිලිතුර වන්නේ " ෆිල්ම්ෆෙයාර්"යන්නයි.නිවැරදිය.


ජීවත්වීමට අයිතිය ඉල්ලා සිටින මිනිසුන් අතරේ මරණයට ඇති අයිතිය ඉල්ලා සිටින්නන්....




කලකට ඉහත දී ලොවක් මවිත කළ හෙතෙම කඩවසම් දක්ෂ මැජික් ශිල්පියෙකි. නමුත් දැන් ඔහු තම සිතැඟි කිසිවක් කර ගත නොහැකි අවම වශයෙන් තමාගේ ශරීර කෘත්‍යයන් සිදුවන ආකාරය පිළිබඳවත් නොදන්නා අංශභාග රෝගියකි. වසර 13ක් යනතුරැම භාහිර ලෝකයෙන් වෙන් වු ඔහු යදම්වලින් නොබැඳි සිරකරැවෙකි. නමුත් වසර දහතුනකට පසුව, පළමු වරට, එක්තරා දිනක දී ඔහු ඔහුගේ ප්‍රියතම ඇදුමින් සැරසී ලෝකයා වෙත පිවිසේ. ඒ අන් කිසිවක් සඳහා නොව දෙවියන් විසින් මෙතෙක් කල් ඔහු වෙත ළගා කර නොදුන් මරණය අධිකරණයෙන් ඉල්ලා සිටීම සඳහා ය.

Nocturnal Animals (2016)

දකින චිත්‍රපටයක නොපෙනෙන පැත්ත ගැන කතා කරමු... 









නරඹන්නාව අන්දමන්ද කරවපු චිත්‍රපට කතන්දරයක්. චිත්‍රපටය නැරඹීමෙන් ලද තෘප්තිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ගැටළුකාරී තත්ත්වයකට පත් වීම සාමාන්‍ය දෙයක්. මොකද රටාව වෙනස්. "A story within a story" කියන එක නුපුරුදු රටාවක් නොවන නමුත් 'Nocturnal Animals' සම්බන්ධයෙන් කොතනක හරි වැරැද්දක් සිද්ද වෙලාද කියන එක නරඹපු කෙනාගේ හිතට වද දෙන්න පුළුවන් කාරණයක්.


රංගනය අතිවිශිෂ්ඨයි. කතන්දරය සාහිත්‍ය රසයෙන් අනූනයි. අඳුරුයි නමුත් සිත්ගන්නාසුළුයි... එහෙනම් කොතනද වැරැද්දක් තිබෙන්නේ...? සැළකිල්ලෙන් බැලුවොත් "වරදක්" කියල පේන දේ වරදක් නෙවෙයි. ඒ තමයි මේ අඳුරු කතන්දරය දැකල තියෙන බොහෝ කතන්දර වලින් වෙන් කරවන සාධකය. බලපු අයත් එක්ක මේ ගැන විස්තර ඇතුව කතා කරන්නට කලින් නොබලපු අයට සුළුවෙන් හඳුන්වලා දෙන්නම් සිද්ද වෙන දේ... ඒ කියන්නෙ මේ සටහන හුදෙක්ම චිත්‍රපටය බලපු අයට පමණයි. නොබලපු අය මුලින් බලල ඉවරවෙලා කියවන එකයි වඩාත් සුදුසු...

මෙහෙමයි වෙන්නේ:

*Quick Overview


'Susan Morrow' නම් වන ඇයගේ ජීවිතය ගැන කතන්දරයක් මේ. Art collector කෙනෙක් විදිහටත් Promoter කෙනෙක් විදිහටත් ක්ශේත්‍රය තුළ ඉහළම සාර්ථකත්වයකට පත්ව සිටින්නියක්. නමුත් ඇය තෘප්තිමත් නැහැ. ඇගේ ජීවන රේඛාව වැරදි අතට ගමන් කරන සෙයකිනුයි ඇය මානසිකව පීඩා විඳින්නේ. බොහෝ දේ දිනා ඇතත් ඒ අතරවාරයේම යමක් ඇයට අහිමි වේගෙන යන බවකුයි ඇයට හැඟෙන්නේ. කතන්දරය ආරම්භ වෙන්නේ ඇගේ කලින් සැමියා Edward Sheffield විසින් ඔහු ලියූ නවකතාවක කටු පිටපතක් ඇයට ලැබෙන්නට සලස්වන අවස්ථාවකින්. ඇය පොත කියවන්නට පටන් ගනිද්දි ඒ පොතේ ඇතුලත් කතන්දරයයි ප්‍රේක්ෂකයාට දැන් දකින්නට ලැබෙන්නේ. අවාසනාවන්ත දිනයකදී ඉතාමත්ම ශෝචනීය වූ ඉරණමකට මුහුණ පාන්නට සිදුවන සැමියෙක්, බිරිඳක් සහ නවයොවුන් දියණියක් පිළිබඳව කියවෙන දුක්ඛිත සහ ප්‍රචන්ඩකාරී කතන්දරයක්. කුතුහලාත්මක පොතේ කතන්දරය හා සමගාමීව දිගහැරෙන Susanගේ අතීතාවර්ජන ජීවන සටහන් වලින් අපට දැනගන්නට ලැබෙනවා Susan විසින් Edwardගේ ජීවිතයට එල්ල කරපු බලපෑම ගැන.

එතකොට අර Edward ලියල එවලා තියෙන්නෙ එයාලා දෙන්නගෙම කතාවද?

දෙන්න අතර සිද්ද වෙච්ච ඇත්තම සංසිද්දිය Edward ලියල තියෙන තරම්ම සාහසික එකක්ද?

එහෙමත් නැත්නම් තමන්ගෙන් වෙන්වෙලා ගිය බිරිඳගෙ හදවත තළල පොඩිකරල කෑලි කෑලි වලට කඩලා පළිගන්න කියල හිතාගෙනද තමන්ගෙ ජීවිත කතාව ආශ්‍රයෙන් දරුණු කතන්දරයක් ලියල එවන්නෙ, "ඉඳා කියවපං, මේ තමයි උඹ මට කරපු දේ, මේ තමයි මගේ පළිගැනීමේ සංඛේතය" කියන පණිවිඩය ඇයට ලැබෙන්නට සලස්වන්නේ... එතකොට බලපු අය Confuse වෙනවා, "නෑනේ, Susan-Edward
අතර සිද්ද වුන දේට හාත්පසින්ම වෙනස් ඛේදවාචකයක්නෙ ලියපු කතන්දරේ ඇතුලෙ තියෙන්නෙ. මොකක්ද සිද්දි දෙකේ සම්බන්ධතාවය?" කියන එක සම්බන්ධයෙන්...

එහෙනම් අපි ඒ ගැන කතා කරමු. "දකින චිත්‍රපටයක නොපෙනෙන පැත්ත" විදිහට... නොබලපු අය බලල ඉවරවෙලා මෙතනින් එහාට කියවන්න...





*Timelines


මහ ලොකුවට Complicated බවක් නොතිබුනත් Timelines කියන දේට කතන්දරේ ඇතුලේ ආකර්ශනීයව ඉඩක් ලැබිල තිබුනා. මෙහිදී ප්‍රධාන වශයෙන් Timelines 3ක් දකින්නට හැකියි. ඒ ඒ Timelines වලට අදාළ වන චරිතයන් මේ සමඟම දක්වා ඇති.

1) වර්ථමානය හෙවත් Susan තම වෘත්තීය දිවියේ සාර්ථකත්වයට සපැමිණි අවස්ථාව / දෙවන විවාහ දිවිය (Susan Morrow - Hutton Morrow)

2) පොතේ කතන්දරය හෙවත් Edward විසින් ලියා ඇයට එවන "Hastings" පවුලේ ඛේදවාචකය පිළිබඳ පුවත (Tony - Laura - India)

3) Susanගේ අතීතාවර්ජන හෙවත් Susan-Edward ආදර අන්දරය, විවාහය සහ වෙන්වයාම (Susan Sheffield - Edward Sheffield)

පැහැදිලිවම කිසිම ව්‍යාකූලත්වයක් නැහැ. Hastings පවුල කියන්නෙ Fictional family එකක් කියන එකත් නරඹන්නාට ක්ෂණිකවම අවබෝධ වෙන්නක්.


*Susan Morrow - Edward Sheffield Storyline


චිත්‍රපටය ආරම්භ වෙන්නේ Art Exhibition එකකින්. චිත්‍රපටයෙහි කලාත්මක ගැඹුර මතුකර පෙන්වන්නට බොහෝමයක් වූ දැවැන්ත දේවල් නිර්මාණකරුවා විසින් ඊට එකතු කොට තිබුනා. Open credits scene එක වගේ එකක් දැකලම නැති තරම්. ආරම්භක දර්ශනය එනම් Art Exhibition එක Susanගේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක්. නමුත් ඇගේ දෙවන සැමියා ඊට සහභාගී නොවී ඇයව මඟහැර යන්නේ වෙනත් කතකගේ පහස පතා. Susanටත් මේ ගැන සැකයක් ඇතිවෙනවා අහඹු හෝඩුවාවකින්. ජීවිතයේ ඉහළම සාර්ථක්ත්වය වෘත්තීමය වශයෙන් ලැබිල තියෙද්දී පවුල් සංස්ථාවේ කඩා වැටීමෙන් ඇය මානසිකව පීඩාවට පත් වෙනවා.


ඒ මොහොතෙදිමයි ඇගේ නමට පාර්සලයක් පැමිණෙන්නේ ඇගේ පළමු සැමියාගෙන්. එතුල අඩංගු වෙන්නෙ ලියා අවසන් කළ පොතක කටු පිටපතක්. ඒකේ නම "Nocturnal Animals". පොත කියවාගෙන යන අතරවාරයේදී ඇයට ඉබේටම ඇගේ පළමු සැමියාව මතකෙට නැගෙනවා. ඇය කියවන්නේ ඔහු ලියූ වෙනස් සංකල්පයකට අනුව ගොතන ලද කතන්දරයක් වුවත්, ඇගේ සිහියට එනවා ඔහු හා පෙමින් වෙළුන අයුරු. තමන්ගේ අම්මගෙ කීමට පිටුපා ඔහු හා විවාහ වූ අයුරු. නමුත් මේ විවාහය දෙදරා යන්නෙ අම්මගෙ කීම සනාථ කරවමින්. "අතීතාවර්ජන Timeline" එකට අදාළව ලොකු විස්තරයක් ඇතුලත් වෙනවා මේ අසාර්ථක යුගදිවිය සම්බන්ධව. අන්තිමේදී වෙන්නෙ Susan විසින් Edwardව හැර දමා ගොස් ඇයට අළුතෙන් මුණගැසෙන ධනවත් Hutton නැමැත්තෙක් හා විවාහ වෙන එක. බැලූ බැල්මට සාම්ප්‍රදායිකයි වගේ පෙනුනත් නොපෙනුන ඇතුල් පැත්තක් තිබෙනවා Edward ගෙ මනසින් නිර්මාණය කරන Fictional Hastings Family එකත් එක්ක ගැටගැහිච්ච.




එතනට අපි පස්සෙ එමු.


*The Hastings Storyline


මේ තමයි පොතේ කතාව...

අකුරෙන් අකුර තමන්ගෙම ජීවිතය ගැන ලියපු Edwardගෙ masterpiece වැඩක්. Edward කොහොමත් තමන් ගැනම ලියන්න පුරුදු වෙලා හිටපු කෙනෙක්. වරක් Susan විසින් ඔහුට දොස් පවරනවා ඔහුගේ කාර්යයන් හෑල්ලුවට පවා ලක් කරමින්, "ඔයාට හොඳ ලේඛකයෙක් වෙන්න ඕනි නම් කරුණාකරලා තමන් ගැනම ලියන එක නතර කරන්න" යනුවෙන්. දෙන්නගෙ විවාහ දිවිය කඩා වැටෙන්නට මුල් අඩිතාලම වැටෙන්නෙත් එවැනි රණ්ඩු සරුවල් නිසාවෙන්.


ඇත්තම කිවුවොත් පොතේ කතාව නම් නෙවෙයි ප්‍රධාන කතන්දරය. නරඹන ඔබගේ ඉලක්කය විය යුත්තේ පොතේ කතාවෙන් සැබෑ කතන්දරය තෝරගන්න එක. මේ ගැන තමයි ගැඹුරෙන් කතා කළ යුත්තේ..
පියා Tony, බිරිඳ Laura සහ දුව India කියන පිරිස වාහනයක ගමන් කරන අවස්ථාවකිනුයි පොතේ කතාව පටන් ගන්නෙ. මහ රෑක, පාළු පාරක කට්ටිය කොහේ යනවද කියන එක ගැන විස්තරයක් අඩංගු නැහැ. අනපේක්ෂිතව හැමදේම ආරම්භ වෙනවා. කොහේදෝ ඉඳන් එන තවත් කාර් දෙකක් මෙයාලට බාධා කරමින් හැසිරෙනවා. දුව විසින් දක්වන එකට එක ප්‍රතිචාරයක් නිසා ආගන්තුකයන් තදින්ම කෝප  වෙනවා. මුලින් ඔවුන් බාධා කළා පමනයි. නමුත් දැන් ඔවුන්ට අවශ්‍යයි මෙයාලව නතර කරගෙන ප්‍රශ්නයක් ඇතිකරගන්න. හැමදේම ඉතා වේගයෙන් සිද්ද වෙනවා. කාර් එකිනෙක හැප්පෙනවා.


අන්තිමේදී කාර් තුනම පාරේ කොනක නවත්වනවා. කරදරකාරයන්ගෙ ග්‍රහණයට අවනත වන්නට සිද්ද වෙනවා. නමුත් එයාලම Hastingsලගෙ කාර් එකේ punch වෙච්ච ටයර් මාරු කරලා දෙනවා. ඊට පස්සෙ Tonyව අන්ත අසරණ බවකට පත් කරවලා ඔවුන් Tonyගෙ කාර් එකේම දාගෙන Lauraවයි, Indiaවයි කොහෙදෝ ඈතකට අරගෙන යනවා. Tonyට වෙන්නෙ කරකියා ගන්න දෙයක් නැතුව බලන් ඉන්න එක විතරයි. මහමඟ අනාත වෙච්ච Tonyව පිරිසේ අනෙකා විසින් වෙනත් ඉසව්වක අතහැර දමා යනවා. කතරක අතරමං වුනා වැනි තත්වයකට පත්වෙන Tony පලා යනවා. පොළිස් නිළධාරියෙකුගේ සහය ලබාගන්නා ඔහු පැහැරගත්තවුන් හඹා යන අතර තම බිරිඳ, දියණිය අමාණුෂිකව දූශණය කර මරා දමා ඇති  බව දැනගන්නවා. සිද්ද වෙලා තියෙන තිරිසන් පාපකාරී ක්‍රියාවට නීතියෙන් නියම වෙන දඬුවමට කලින් Tony විසින්ම පාපතරයින්ගෙන් පළිය ගන්නවා. සියල්ලන්ම මරා දැමෙනවා. පොළිස් සඟයාගෙනුත් ඒ සඳහා ඔහුට නීතියට පිටින් උපකාර ලැබෙනවා. නමුත් පළිගැනීම අවසන් වෙන්නෙ අරගලයේදී Tonyගෙ අවසන් හුස්මත් එක්කයි. මේකයි Hasting පවලේ ඛේදවාචකය.


එතකොට Susan - Edward storyline එක කියවා අවසන් ඔබට හිතාගන්න අමාරුයි කතන්දර දෙකේ සම්බන්ධතාවය මොකක්ද කියන එක. දැන් අපි බලමු  Tonyගෙ වෙසින් Edward මොකක්ද Susanව Laura කියන චරිතයට ආදේශ කරලා දෙන්න හදන පණිවිඩේ කියන එක..




*The Connection


මේ කතන්දර දෙකම එකක්. කියැවෙන්නෙ එකම සත්‍යයක්.  Fact එකක් විදිහට ගන්න පුළුවන්, Edward වරක් Susanව අමතනවා "Nocturnal Animal" නමින්. ඔහු එයමයි ලියපු කතාවේ title එකට භාවිතා කරන්නෙත්. කාරනේ තව දුරටත් පැහැදිලි කරගන්න නම් අපිට ආයෙත් යන්න වෙනවා Edward-Susan කතාවේ අවසානය සිද්ද වුන තැනට. Susan සහ Edward විවාහ වී සිටින අතරදිමයි Hutton හේතුවෙන් Susanව ගැබ් ගන්නේ. Hutton සහ Susan තීරණය කරනවා දරු ගැබ විනාශ කරන්න. දෙන්නවම Abortion clinic එකේදී Edward ට දකින්න ලැබෙනවා එකට. නමුත් ඒක අහම්බෙන් දකින දෙයක් වුනත් Edwardගෙ ඔලුවට එන්නෙ Hutton විසින් විනාශ කරන්න හැදුවේ තමන් නිසා Susanගෙ කුසෙහි පිළිසිඳ ගත් දරුවා කියලයි. Hutton තමන්ගෙ දරුවව සාහසික විදිහට මරල දැම්මා කියන වෛරී හැඟීමයි Edwardගෙ හිතට පිවිසෙන්නෙ...


මේ සිද්දිය අපි  Hastings family එකත් එක්ක ගැළපුවොත් අපිට ලැබෙන්නෙ මෙහෙම දෙයක්. Edward කියන්නෙ Tony. Laura කියන්නෙ Edwardගෙ බිරිඳ වෙලා හිටපු සැබෑ ජීවිතේ Susanම තමයි. එතකොට India කියන්නෙ තමන්ගෙ ලෙයින් උපන් දරුවා කියලා Edward විශ්වාස කරපු නමුත් කිසි දිනෙක උපත නොලැබූ Edward-Susanගෙ දරුවායි. එතකොට Hutton? Hutton කියන්නෙ, තමන්ගෙ මඟ අවුරවලා තමන්ගෙන් තම බිරිඳයි, දරුවයි උදුරගෙන ගිහින් දූශනය කරල මරලා දාලා, තමන්ව හසරක් නොදන්න කතරක අතරමං කරලා දාපු කොහෙන්දෝ ඉඳන් ආපු පාදඩ මැර රැළට. මානසිකව අන්තයටම වැටුන ලේඛක Edward විසින් තමන්ට කරපු සාපාරධයට තම හැර ගිය බිරිඳගෙන් පළිය ගත්තේ මේ කතාව ලියලා. ඒ වගේම ඔහු Huttonගෙනුත් පළිය ගත්තා. පොතට අනුව සල්ලාලයින් මැරුම් කන්නෙ ඔහුගෙම අතින්. වෙනත් විදිහකින් Edward විසින් Huttonවයි අන්වර්ථයෙන් මරල දාන්නෙ. ..


ගොතපු කතාව ඇතුලෙදි Tonyගෙ චරිත විස්තරය බොහොම නිර්මල එකක් කරල තිබුනා. අවසානයට තමයි ඔහු දරුණු වෙන්නෙත් ඝාතකයෙක් වෙන්නෙත්. Edward කියන්නෙත් සැබෑ ජිවීතේදී නිර්මල පුද්ගලයෙක්. ඔහු සාහිත්‍යකරුවෙක්. කොහේදෝ ඉඳන් ආපු වෙනත් පිරිමියෙක් තමන්ගෙ බිරිඳගේ ආදරේ දිනාගත්තට, තමන්ගෙ දරුවව ගබ්සා කරාට Edwardට බෑ මිනීමරුවෙක් වෙලා පළියක් ගන්න. ඔහු තෝරගන්නෙ වෙනත් මඟක්. ඔහුට සිද්ද වෙනවා තමන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ වෙනත් අයෙක් වෙන්නට. ඔහු තීරණය කරනවා Tony වෙන්නට.  තමන්ට ගන්න බැරි වුන පළිය ඔහු Tony ලවා සිදු කරවනවා. ඒ එක්කම ඔහු කතන්දරේ ඇතුලෙදිම Tonyවත් මරලා දානවා. තව දුරටත් Edwardට Tony වීමෙන් පළක් නැති නිසා. ඔහුගේ කාර්යය අවසන්. ඔහු තමන්ගෙ පළිය ගත්තා...


ව්‍යංගයෙන් ගොතල තිබ්බ හැම කාරණයක්ම Susanවිසින් කතාව කියවා අවසානයේ තේරුම් ගන්නවා. ඇය තීරණය කරනවා ඔහු හමුවන්නට. මොකද මේ වෙනකොට Hutton හා ගෙවන ඇගේ යුග දිවියටත් කණ කොකා හඬා අවසන්. දැන් තත්වය අනුව සිද්ද වෙන්න ඕන Susan විසින් සිද්ද වූ හැමදේටම Edward
ගෙන් සමාව අයැද සිටීමත්. දෙන්නා ආපහු එක් වෙන එකත්. ඒත් ඒක එහෙම වුනෙත් නෑනේ. අවසානයත් අනපේක්ෂිත එකක් වුනා. ඒ නිසයි මේ චිත්‍රපටය අතිඅගයින්ම වෙනස්ම මඟක් ගත්ත දුර්ලභ සිනමා නිර්මාණයක් වුනෙත්...


ඒ නිසා අවසානය සිද්ද වුන හැටි ගැනත් පොඩ්ඩක් කතා කරලා මේ සටහන අවසන් කරන්නම්.


*The Ending 


Edward ආවේ නෑ. පැය ගණන් බලන් හිටියත් ඔහු ආවේ නෑ. ඇයි ආවේ නැත්තේ? ඔහුට තව දුරටත් ඇගෙන් පළක් නැති නිසා. ඔහුට ඇයව මුණ ගැහෙන්නට ඕනෑකමක් තිබ්බ නම් අර විදිහට පොතක් ලියලා ඇයට එවන්නෙ නෑ. තමන්ට කියන්න ඕන සේරම දේ අඩුවක් නෑර අකුරක් නෑර කෲරතම විදිහට ඔහු ඇයට කියා අවසන්. ඔහුට අවශ්‍ය වුනේ පළිය ගන්න විතරයි. ඉතින් ඔහු ඒක කළා. දුප්පත් තමාව අමානුෂික විදිහට අතෑරලා දාලා මුදලට කෑදරකමෙන් ධනවතෙක් එක්ක ගියපු ඇය අද තනිවෙලා. සාර්ථකත්වය ලුහුබැඳ ඇය ආදරය ඇතැර පළා ගියා. මුදුන් පමුණුවා ගන්නට හීන මවපු උසස් තළය ඇය මේ වෙනකොට හිමි කරගෙන අවසන් නමුත් සියල්ල පුස්සක් වෙලා. ඇගේ ධනවත් සැමියා දැන් වෙනත් තුරුලක. යළි නොඑන කෙනෙක් වෙනුවෙන් තනිව මඟ බලන් ඉන්නට ඇයට සිද්ද වෙලා.



මෙන්න මෙහෙමයි සියල්ල සිද්ද වුනේ. බලපු කෙනෙක්ට දැන් පුළුවන් ආයෙමත් සැරයක් විස්තර සහිතව විග්‍රහයක යෙදෙමින්ම නරඹන්න. Dark movie එකක් වුනත් අන්තර්ගතය good message එකක්.


**Success is not more important than love. Family is more important than money. And we should do everything in our power to avoid the allure of this “Junk Culture”.




ලක්ෂ්මන් අරංවල

ලසා එක්ක ජිවිතේ - 01 කොටස



අතේ ඇඟිලි පහම එක වගේ නෑලු...
                 
ඒ උනාට තමන් වගේම කෙනෙක් හොයන්න ගොඩක් අය මහන්සි වෙනව..
                 

ජිවිතේ දුකක්ලු...හැබැයි තව තවත් බැඳීම් හදාගෙන ජිවිතේ දුකටම පත් වෙන්න හදනවා...ඔව් ඒකතමයි ස්වභාවය..මිනිස්සුන්ට ඕනි තමන් වගේම හිතන පතන අය..මිනිසුන්ට් ඕනි හොඳ බැඳීම්...මිනිසුන්ට ඕනි බැඳීම් එක්ක තත්වය...මිනිසුන්ට ඕනි බැඳීම් එක්ක මිල මුදල්...

නවකතා මංසල

ඇසල අහසේ පෑයූ රාමලාන් සඳවතිය - 2 කොටස



ඇසලගේ මුහුණ තිබු සලුව ඉවත් වි ඉදිරියේ සිටි රුව දැක පුදුමයට පත්විය..ජිවිතයේ ප්‍රථම වරට ගැහැනු රුවකට සිත සසල විය..මොහොතකට හදවත නතර වුනා ඒ රුව ලග..ඇය ද තත්පරය කිහිපයක් ඔහු දෙසත් ඔහු ඇය දෙසත් බලා සිටියෝ ය..

දියවැඩියාව - (Diabetes) 2 කොටස

දියවැඩියාව සහ පරීක්ෂණ




පසුගිය ලිපිය මගින් දියවැඩියා රෝගය පිළිබද මුලික අවබෝදයක් අප ලබාගනු ලැබුවා. එහිදී මුලිකවම දියවැඩියාව යනු කුමක්ද, එහි විවිද ආකාර, රෝග වැළදීමට හේතු, රෝගය නිසා ඇතිවන සංකුලතා හදුනාගනු ලැබුවා. මෙම ලිපිය මගින් අප මුලිකවම රෝග විනිශ්චය පිලිබදව අවදානය යොමු කරමු.

නවලොව


පර්යේෂකයන් පිරිසක් DNA අණුවක් තුල 100% නිවැරදිව තොරතුරු රැසක් ගබඩා කිරීමට සමත් වෙයි. 




මේ දවස්වල විශේෂ අවධානයක් යොමු වූ කාරණාවලින් එකක් තමයි දත්ත ගබඩා උපාන්ගවල අනාගතය කියන්නේ.පර්යේෂකයන් පිරිසක් DNA අණුවක් තුල පරිගණක මෙහෙයුම් පද්ධතියක්, ප්‍රංශ චිත්‍ර පටයක් හා පරිගණක වයිරසයක් ආදිය 100% නිවැරදිව ගබඩා කරපු පුවතක් වාර්තා වෙනවා.ඔන්න ඒ  ගැන තමයි මේ විස්තරය.

නුතන ලෝකයේ නව තාක්ෂනයන් සමග තරඟ කල හැකි වන ලෙස දත්ත ගබඩා තාක්ෂනයන් වැඩි දියුණු කිරීමේ අරමුණින් කටයුතු කරන Colombia විශ්වවිද්‍යාලයේ දත්ත විද්‍යා අංශයේ පර්යේෂකයන් පිරිසක් තමයි මේ වැඩේ කරල තියෙන්නේ. මේ පර්යේෂකයන් පිරිස සමත් වෙලා තියෙනව එක් DNA රුපකයක් තුල පරිගණක මෙහෙයුම් පද්ධතියක්, ප්‍රංශ චිත්‍ර පටයක් හා පරිගණක වයිරසයක් ආදිය 100% නිවැරදිව ගබඩා කරන්න සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ තැන්පත් කල තොරතුරු 100% නිවැරදිව කියවීමටත් මේ පර්යේෂකයන් සමත් වෙලා තියෙනවා.


මේ DNA තුල දත්ත ගබඩා කිරීමේදී ඇතිවෙන විශේෂතම වාසිය තමයි එහි දත්ත වල ඇති කල් පැවැත්ම හා අති විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කල හැකි වීම. මෙවන් ව්‍යාපෘතීන් වලට Microsoft වැනි ආයතන පවා විශාල ලෙස මුදල් වැය කරනවා. තවද Colombia විශ්වවිද්‍යාලයේ දත්ත විද්‍යා අංශය හා New York Genome Center පුවත් පතක් නිකුත් කොට තිබුනා කොහොමද මේ DNA තුල සංඛ්යාංක තොරතුරු (digital information) ගබඩා කිරීමේ ක්‍රමය ගැන.


නමුත් දැනට මෙම ක්‍රියාවලිය සිදුකිරීමට ඉතා විශාල මුදලක් වැයවන බැවින් මහා පරිමාන ව්‍යාපෘතිය නුසුදුසුයි. මෙම පර්යේෂකයන් කණ්ඩායමට 2MB වැනි ඉතා කුඩා දත්ත ප්‍රමාණයක් තැන්පත් කිරීමට ඩොලර් 7000ක් (රු.1058820.00 ආසන්න) මුදලක් වැය කිරීමට සිදුවූ බවත් එම දත්ත කියවීමට ඩොලර් 2000ක් වැනි මුදලක් වැය කිරීමට සිදුවී ඇත.

කෙසේ වෙතත් ඉදිරියට මෙම පිරිවැය අඩු කිරීමට හැකි වන ලෙස කටයුතු කරන්නට හැකි වේවි. තවද Califonia විශ්වවිද්‍යාලයෙහි Yaniv Erlich මහතා පවසා සිටියේ මෙම තාක්ෂණයේ කෙළපැමිණීමට තවත් දශකයකට අධික කාලයක් ගත විය හැකි බවත්ය. කෙසේ වෙතත් මෙය අනාගත තාක්ෂනයන් අදහා ගත නොහැකි ආකාරයෙන් දියුණු වීමට මුල පිරීමක් නොවේද?.



විනාඩි හයෙන් සුපිරියටම පීසා හදල දෙන BeeHex robot 



මීට කලින් අහල තියෙනවද BeeHex Robot කියල උපාංගයක් ගැන. මෙයාට කරන්න පුළුවන් දේ තමයි
විනාඩි 6ක්  වැනි කෙටි කාලයක් ඇතුලත පරිශීලකයාට අවශ්‍යතාවයට අනුකුල ඉතාම රසවත් පිසා එකක් ප්‍රින්ට් කරලා දෙන එක. ප්‍රින්ට් කරනවා යනුවෙන් අදහස් කෙරෙන්නේ උයල දෙනවා කියන අදහසින්මයි. මේ උපකරණය ප්‍රින්ටරයකට සමාන ක්‍රියාවලියක් සිදු කරන නිසා තමයි එලෙස හදුන්වා දෙන්න ඇත්තේ.        

මෙහි තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි පරිශීලකයාගේ ස්මාර්ට් ජංගම දුරකතනයට එන App එකක් මගින් පිසා එකෙහි ප්‍රමාණය, අඩංගු කල යුතු ද්‍රව්‍ය, සෝස් වර්ගය, චීස් ආදිය තේරීම කල හැකි වීම. BeeHex Robotට ඒ විදිහට App එකෙන් තොරණ දේවල් ගානට මිශ්‍ර කරලා අවශ්‍ය විදිහට සකසන්න යන්නේ තත්පර හැටයි. ඊට පස්සේ එයා පරිශීලකයාට දැනුම් දීල පීසා එක අවන් එකට යොමු කරනව. අන්න ඒ අවන් එකේ තියෙන විනාඩි 5ත් එක්ක තමයි සම්පුර්ණ විනාඩි හයක් වෙන්නේ.

ඒ විතරක් නෙමේ පරිශීලකයාට පුළුවන් පීසා එක කස්ටමයිස් කරන්න. සරලවම කියනවනම් පීසා එකේ හැඩය තමන්ට ඕනේ විදිහට වෙනස් කරගන්න පුළුවන්, ඒ කියන්නේ ලේසියෙන්ම අර මුලින් කිව App එකට JPEG එකක් විදිහට අවශ්‍ය හැඩය ඇතුලත් කරන්න විතරයි. ඉතුරු සියලුම වැඩ ටික ඉතාම ඉක්මනින් ගානට මිම්මට BeeHex Robot කරලා දෙනවා. අනිත් එක මේ රොබෝවරයා හදල දෙන පීසා එක ඉතාමත් පිරිසිදුයි.




ඉතින් මේ BeeHex Robot ව්‍යාපෘතියට දැන් NASA ආයතනයේ සහය ලැබෙනව. මොකද අඟහරු මත කෙරෙන මිනිස් මෙහෙයුම් වලට ඉතාමත් ලේසියෙන් මේ BeeHex Robot රැගෙන යන්න පුළුවන් නිසා. කොහොම උනත් මේ BeeHex Robotලගේ ප්‍රවර්ධන වැඩසටහන් මේ අවුරුද්ද අවසානයේ ඉඳන් කරන්න බලාපොරොත්තුවන බවයි TNW කියා සිටින්නේ.


මේ වගේ ව්‍යාපෘතියක් මගින් එයාලගේ අරමුණ වෙලා තියෙන්නේ කෝකිවරුන් ගොඩක් ඉන්න තැන්වලට එක ඔපරේටර් කෙනෙක් විතරක් දාල ඉතාම ඉක්මනින් ඉතා පිරිසිදු පීසා නිපදවන එක. පෙන විදියට තව ටිකක් කල් යනකොට අපිට කරන්න වැඩක් ඉතුරු වෙන්නෙම නැතිවෙයි වගේ නේද?




දේවින්ද 

වැඩිම පළමුපෙළ කඩුලු දවාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5








1) මුත්තයියා මුරලිදරන් - 1,374


ඉනිම් - 276, හො.ප.යැ - 9/51, සාමන්‍යය - 19.64, කඩුලු 5 බැගින් - 119

විශ්මිත නැවත පැමිණීම - චැම්පියන්ස් ලීග් පාපන්දු තරඟාවලිය




පාපන්දු යනු අසිරිමත් ක්‍රීඩාවකි. ලෝකයේ සතර දිග් භාගයෙහිම පාපන්දු ජනප්‍රිය වී ඇත්තේ එබැවිනි. මෙම අසිරිමත් පාපන්දු ක්‍රීඩාවේ තවත් එක් අසිරිමත් සිදුවීමක් පසුගිය 08 වනදා සිදුවිය. අද අපි ඒ පිලිබදව විමසා බලමු.