ලසා එක්ක ජිවිතේ - 01 කොටස



අතේ ඇඟිලි පහම එක වගේ නෑලු...
                 
ඒ උනාට තමන් වගේම කෙනෙක් හොයන්න ගොඩක් අය මහන්සි වෙනව..
                 

ජිවිතේ දුකක්ලු...හැබැයි තව තවත් බැඳීම් හදාගෙන ජිවිතේ දුකටම පත් වෙන්න හදනවා...ඔව් ඒකතමයි ස්වභාවය..මිනිස්සුන්ට ඕනි තමන් වගේම හිතන පතන අය..මිනිසුන්ට් ඕනි හොඳ බැඳීම්...මිනිසුන්ට ඕනි බැඳීම් එක්ක තත්වය...මිනිසුන්ට ඕනි බැඳීම් එක්ක මිල මුදල්...



                             මිනිස්සු ජිවිතේ වරද්ද ගන්නෙත් ඔන්න ඔය දේවල් අස්සෙ අපිළිවෙලට ජිවිතේ හොයන්න ගිහිං..බැඳීම් නිසා ආදරේ නිසා තත්වය නිසා සල්ලි නිසා මිනිස්සු ආතක් පාතක් නැති එවුන් වගේ ඉබාගාතෙ යනව...ඉතින් ඔයාටත් වැදගත් වේවි මේ කියන දේවල්...එන්න අපි කතා කරමු..


                         පොඩිකාලෙ කවුරු හරි අපෙන් ඇහුවොත්”පුතේ ඔයා ලොකුවෙලා කවුරු වෙන්නද කැමති කියල ඔයා එක පාරට දෙන උත්තරය තමයි’ටිචර්කෙනෙක් නැත්නම් දොස්තර කෙනෙක්,ගුවන් නියමුවෙක් වෙන්න කියන උත්තර...මොකද ඔයාට අහන්න දකින්න ලැබුනෙ ඒ දේවල්...නමුත් හිතන්න එහෙම ලොකු ලස්සන හීන තිබුණු අපි වයසට එන්න එන්න ඒ හීන වලින් ඈත් වෙලා ජිවිතේ එක කාන්තාරයකට වගේ තැනකට ගසාගෙන ගිහිං..කෙනෙක්ට හිහන්න පුළුවන් ඔච්චරටම ගුරුවරු ඉංජිනේරුවෝ හිටියහම උන් විතරක්ම මේ ලෝකෙවෙයි කියල...නෑ මම කියන්නේකම්කරුවකරන්නෙත් හොඳ රස්සාවක්...කම්කරුවටත් එහා ගිය ගංජා ඔතන සිගරට් බොන බේබද්දෙක් විදියටත්,රුපියලට තුට්ටුවට හරි ඇඟ විකුණන,චරිතයක් ජන්මයක් නැතුව අසරණ වෙච්චි ජීවිතයත් අතර කම්කරුවා ගොඩක් ඉස්සරහින් ඉන්නව..මට පෙන්නලා දෙන්න ඕනි වෙනස අන්න ඒකයි..කොතනද වැරදුනේ......


                              මට මතකයි සරුංගලයක් හදාගෙන කිරිල්ල බටයක් හදාගෙන ඉස්සර අපි ලඳු ගානෙ කුඹුරු උඩින් පැනගෙන දුවපු හැටි..අපිට ඉස්සර ලොකුවට හීන තිබ්බෙ නැතත් ගහක අත්තකින් කඩාගන්න වෙරළු ගෙඩිය පේරගෙඩිය අඹ ගෙඩිය අපේ ජිවිත වලට වින්දනය ගෙනාව...ලඳු ඕවිටි බඩවැටි අස්සෙ ගෙවපු අපේ ජීවිතේට පරිසරය හුළඟ එක්ක මුසු වෙච්චි හරි ආදරණිය ජිවන ගීතයක් ලියන්න අපිට හයියක් උනා...දොස්තර කෙනෙක් වෛද්යවරෙයක් කියන සම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් ජිවිතේ හොයාගන්න ඒ දේවල් උදව් උනා කිව්වොත් නිවැරදි...


                               අපි සෙල්ලම් කරන්න අත් පටලවාගෙන දුවපු ලඳු වැටිවල ළමා කාලය නව යොවුන් විය හැංගිලා ගංජා සිගරට් බොනවා...කෙල්ලන් ගහනියන් වී වැතිර හිඳින හිඟන ආදරයේ මිටියාවතක් වෙලා...ගස් යට කුලී කාමර ආදරයේ රෝස මල් ඇතිරූ යහනාවන් වෙලා...ඔළුගෙඩි වල කිරිමැටි පුරවාගෙන වගේ දුවනවා වගේ ජීවිතේම අනාගතයම පුංචි රාමුවකට කොටු කරගෙන ජිවිතේ හොයන්න පටන් අරගෙන..අඩු වයසෙන් කෙල්ලන ගැහැනියන් වී උපන් ගෙයි පතිනියන් මරාගෙන ජිවත් වෙයි..සිගරට් එක අදින කොල්ලන් නහර ඉලිප්පුණු හිරළුවන් වගේ තැන තැන වැටි වැටි කඩවල් පල්ලේ හන්දි පල්ලේ දුම් දමයි..තුට්ටුවට වැටුණු ජීවිතය කර පින්නාගෙන ඉස්සරහට යන උඹල ඉක්මනටම අතරමන් වෙනව..හරියට කතරක තනියම වතුර හොයාගෙන යන මන්ද මානසික පිස්සන් වගේ...උඹල හොයන ආදරය,තත්වය සල්ලි උඹල ඔය යන පාරවල් වල නැති බව නම් හොඳටම දන්නව....


                           දුප්පත්ව ඉපදීම යනු යමෙකු ජිවිත කාලයම දුප්පත් කිරීමට හොඳ හේතුවක් නෙවේ..දුප්පත්ව ඉපදිලා තමන් විතරක් නෙවේ ලෝකයම සුඅපත් කල මිනිස්සු අනේකව ඉඳි...ඇපල් නිර්මාතෘ ස්ටීව් ජෝබ්ස් එක තැනකදී කියනව..”හොඳ කෑම වේලක් ලබාගන්න මම සැතපුම් හතක්නගරය හරහා ඇවිද්ද..ඒ වගේම මම නිදාගත්තෙමගේ මිතුරාගේ කාමරයේ බිම..පරණ බිම බෝතල් නැවත කඩයට දීල ඒවගෙන් ලැබුණු සත පහ මම ආසාවෙන් එකතු කළා...ස්ටීව් ජෝබ්ස් අතීතයට එකතු වන්නේ ලෝකයම වෙනස් කර සල්ලි කාර හිපියකු ලෙසයි....ඒ මිනිස්සු ජීවිතේට මුහුණ දීපු හැටි...ඒ ඉනිස්සු ප්‍රශ්නත් එක්ක හැප්පුණු හැටි..ඒ මිනිස්සු ජිවිතේ විඳපු හැටි...


“අනේ මට ඔයා නැතුව ඉන්න බෑ,ඔයා තමයි මගේ පන,දුක හිර කරගෙන ජීවිතේම ගෙවන්නෙකොහොමද......උඹේ හිතට තට්ටු කරගෙන බලපන්...ඔන්න ඔය කතාව උඹ කීපාරක් නම් දොඩවලාඇතිද..කී පාරක් උඹ දුක කියා කියා එක එකා ගාව බැගෑපත් වෙලා ඇතිද..හැබැයි උඹට මට නෙවේ හැමෝටම එක ඇත්ත දෙයක් පිළිගන්න වෙනව...ඒ තමයි උඹ මම අතීතයේ ගත්තු තීරණ වල ප්‍රතිපල විදිහට තමයි අපේ වර්තමානය සිත්තම් වෙලා තියෙන්නෙ..උඹ මම දුකින්ද සතුටින්ද ඒ සේරටම හේතු තමයි උඹ අතීතයේ කල කී දෑ..ඒ වගේම උඹ දැනගන්න ඕනි උඹ අද ගන්න තීරණ තමයි උඹේ අනාගතය සිත්තම් වෙන්නෙ කියලත්...උඹ අද ගොන් වැඩක් බූරුවැඩක් කරොත් අනාගතය කට උත්තර නැතුවම උඹට රිටන් එක දේවි...ඒ වගේම උඹ අද ශක්තිමත් අර්ථවත් තීරණ ගත්තොත් අනාගතයත් ශක්තිමත් අර්ථවත් වේවි....
       



-ලසා-

0 comments:

Post a Comment