වැඩිම පළමුපෙළ කඩුලු දවාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5








1) මුත්තයියා මුරලිදරන් - 1,374


ඉනිම් - 276, හො.ප.යැ - 9/51, සාමන්‍යය - 19.64, කඩුලු 5 බැගින් - 119


එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම දඟ පන්දු යවන්නා වන මුරලි ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ය. ශ්‍රී ලාංකිකයින් අතුරින් පළමුපෙළ කඩුලු 1000 පසුකල ප්‍රථම සහ එකම පන්දුයවන්නා ද මුරලි ය.


2) රංගන හේරත් - 997




ඉනිම් - 365, හො.ප.යැ - 9/127, සාමන්‍යය - 24.96, කඩුලු 5 බැගින් - 64


වමත් පන්දුයවන්නන් අතුරින් හොඳම පන්දුයැවීමේ වාර්තාව හිමිවන්නේ රංගන හේරත් ට ය. ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානුවන් ට එරෙහිව ලබාගත් එකම ටෙස්ට් ජයග්‍රහණයේ දී ටෙස්ට් වරම් දිනාගත් හේරත් වසර ගණනාවක් තිස්සේ කණ්ඩායමේ මුරලිට පසු ප්‍රධාන දඟ පන්දු යවන්නා ගේ කාර්යභාරය ඉටු කල ක්‍රීඩකයෙකි. වර්තමාන ශ්‍රී ලාංකික පන්දු යවන්නන් අතුරින් පළමුපෙළ කඩුලු 1,000ක් ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් ඇති පන්දු යවන්නා ද හේරත් වේ. එමෙන්ම මේ වනවිට පැවැත්වෙන බංගලාදේශ ටෙස්ට් තරඟාවලියේ දී මෙම වාර්තාව කරා පැමිණීමට රංගනට බොහෝ අවස්තාවක් ඇත.


3) දිනුක හෙට්ටිආරච්චි - 929




ඉනිම් - 272, හො.ප.යැ - 8/26, සාමන්‍යය - 23.36, කඩුලු 5 බැගින් - 64


එක ටෙස්ට් තරඟයක් පමණක් ක්‍රීඩා කල දිනුක ද ඉතාමත් දක්ෂ වමත් දඟ පන්දු යවන්නෙකි. තවමත් මෙරට දේශීය පළමුපෙළ තරඟාවලියේ සක්‍රිය පන්දුයවන්නෙකු වන දිනුක ගේ හොඳම පන්දු යැවීම වාර්තාවූයේ මාතර ක්‍රීඩා සමාජයට එරෙහිවයි. දිනුක මේ වනවිට ක්‍රම ක්‍රමයේන් කඩුලු දහසේ සීමාව අසලට පැමිණමින් සිටියි.


4) සජීව වීරකෝන් - 802




ඉනිම් - 223, හො.ප.යැ - 7/40, සාමන්‍යය - 21.83, කඩුලු 5 බැගින් - 49


කඩුලු 700ක් හෝ ඊට වැඩි කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දුයවන්නන් අතුරින් කිසිදු ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කිරීමට අවස්තාවක් නොලද එකම පන්දු යවන්නා සජීව වේ. වර්තමානයේ ඔහු පුහුණුකරුවෙක් මෙන්ම ක්‍රීඩකයෙක් ලෙස සේවය කරයි.


5) චමින්ද වාස් - 772




ඉනිම් - 300, හො.ප.යැ - 7/28, සාමන්‍යය - 24.64, කඩුලු 5 බැගින් - 34


ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නන් අතුරින් වැඩිම කඩුලු දවාගෙන ඇති පන්දු යවන්නා වාස් ය. ඕනෑම අවස්තාවක ඉනිමක මුල් කඩුලු ඉක්මනින් දවාගැනීමට විශේෂ හැකියාවක් තිබු පන්දුයවන්නෙක් ලෙස ප්‍රකට වාස් පිතිකරණයෙන් ද සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකි.





@AKSCOOP6

0 comments:

Post a Comment