ක්‍රිකට් ක්‍රීඩා කරන ලද නිවුන් සහෝදර සහෝදරියන්


මාක් වෝ සහ ස්ටීව් වෝ  
                         

වෝ සහෝදරයෝ

ක්‍රිකට් හි වඩාත් ප්‍රචලිත නිවුන් සොහොයුරන් වෝ සහෝදරයෝ ලෙස සැලකීම වැරද්දක් නොවේ. ඕස්ට්‍රේලියාවේ එක්දින කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් වූ මාර්ක් සහ ස්ටීව් වෝ සොහොයුරන් ප්‍රතිවාදී පිල් නිතරම පීඩනයකට ලක්කළ ක්‍රීඩකයින් විය. මෙම ක්‍රීඩකයින් දෙදෙනා අන්තර්ජාතික තරඟ තුල ලකුණු 35,000ක්, ශතක 73ක් සහ කඩුලු 400ක් වාර්තාකර ඇත. ස්ටීව් ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු පිල නියෝජනය කල අතර ඔහුගේ සොහොයුරු මාර්ක් , ස්ටීව් වෝ ගේ ස්ථානය ට පැමිණෙමින් අන්තර්ජාතික ක්‍රිකට් අත්පොත් තබන ලද බව ප්‍රසිද්ධ සිදුවීමකි. 


බෙඩ්සර් සහෝදරවරු 

එංගලන්තයේ බෙඩ්සර් සහෝදරවරුවන්ගේ විශේෂත්වය වුයේ ඔවුන් එකම මුහුණක් සහිත නිවුන් සොහොයුරන් වීමයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු  අවුරුදු 15ක් සරේ පිලට ක්‍රීඩා කරපු බෙඩ්සර් සහෝදරවරුන්ට පිට පිට කණ්ඩායම් ශූරතා 7ක් දිනාගැනීමට සම්මාදම් වීමට හැකි විය.



බෙඩ්සර් සහෝදරවරු (කණිෂ්ඨ) 

දකුණු අප්‍රිකාවේ දීත් බෙඩ්සර් නිවුන් සහෝදර දෙපලක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී ඇති බවට වාර්තා ඇත. ඔවුන් ද එංගලන්තයේ සුප්‍රසිද්ධ ඇලෙක් සහ එරික් සහෝදරයින්ගේ නම යෙදී තිබීම විශේෂ කාරණයක් විය. මෙම සහෝදරයින් ගෙන් ඇලෙක් මාර්ග අනතුරකින් මිය යනවිට වයස 33ක් විය.


සිග්නල් සහෝදරියන් 

මුල්ම වතාවට එකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරපු නිවුන්නු වුයේ, මෙම සහෝදරවරියන් දෙදෙනා යි. 1984 එංගලන්ත සංචාරයට යද්දී ලිස් සහ රෝස් සිග්නල් හෙඩින්ග්ලි හිදී කාන්තා ටෙස්ට් තරගයකට එකවර මුහුණ දෙන ලදී. මේ දෙපළෙන් රෝස් අසාර්ථක වෙද්දී, ලිස් තවත් ටෙස්ට් තරග 5 කට පමණක් ක්‍රීඩා කළා ය.


බ්ලැක්වෙල් සහෝදරියන්

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් 2004 වසරේ එක්දින තරඟයක දී එකවර නියෝජනය කරමින් බ්ලැක්වෙල් සහෝදරියන් ලෝක වාර්තාවක් පිහිටුවිය. ඒ එකම මුහුණක් සහිත නිවුන් ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන් අතුරින් අන්තර්ජාතික තරඟයක දී එකවර ක්‍රීඩා කිරීමයි. ඇලෙක්ස් සහ කේට් යන නමින් හැඳින්වෙන මේ ක්‍රීඩිකාවන් දෙපල කාන්තා ක්‍රිකට් නරඹන්නන් ට නම් හුරුපුරුදු ය. 

                                                         බ්ලැක්වෙල් සොහොයුරියන් 



මාර්ෂල්  සහෝදරයින්  

හමිෂ් සහ ජේම්ස් මාර්ෂල් මෑත කාලීනව ක්‍රිකට් ලොවේ වඩාත් කැපී පෙනෙන ලද නිවුන් ක්‍රීඩකයන් විය. ඔවුන් ඉතිහාසගත වෙන්නේ සමාන මුහුණක් ඇති නිවුන් පිරිමි ක්‍රීඩකයින් අතරින් ටෙස්ට් තරඟයකට එකවර මුහුණ දුන් ප්‍රථම ක්‍රීඩකයින් ලෙස යි.

[first identical twins to play together in a (men's) Test match]. 2005දි එක ටෙස්ට් තරගයකදී ඕස්ට්‍රේලියානු නායක රිකි පොන්ටින්ට මොවුන් දෙදෙනා හදුනා ගැනීමට ද අපහසු වු බව ප්‍රසිද්ධ සිදුවීමකි. ඒ අනුව මෙම සහෝදරවරු හදුනාගන්නට ජේම්ස් මාර්ෂල් පමණක් forearm guard එකක් පැළඳ ගෙන ක්‍රීඩා කලේ ය. ජේම්ස් මාර්ෂල් ගේ අවසන් එක්දින තරගය ද වාර්තාවකි, අයර්ලන්තයට එරෙහිව ලකුණු 161ක් රැස් කලත් ඉන්පසුව නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහුට අවසථාවක් නොලැබිණි. 

                                                                 මාෂල් සහෝදරයින් 
                                    
මීට අමතරව ඩෙන්ටන් සහෝදරවරු සහ රිපන් සහෝදරවරුන් සමකාලින නිවුන් ක්‍රීඩකයන් යුගල් දෙකක් ද ක්‍රිකට් ඉතිහාසය පිරික්සීමේ දී සොයා ගැනීමට හැකි ය. මේ ක්‍රීඩකයින් 1914 වසරේ පළමුපෙළ තරඟ සඳහා ඔවුන්ගේ සහය ලබා දී ඇත. සිම්බාබ්වේ පිල නියෝජනය කළ එවර්ටන් මටම්බනඩ්සොස්  ගේ නිවුන් සොහොයුරා වන ඩාලින්ග්ටන් ට ටෙස්ට් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබිණ. එමෙන්ම වෙරිස් සහෝදරවරු, ටේලර් සහෝදරවරු (මයික් සහ ඩෙරෙක්) ද ක්‍රිකට් හි කැපී පෙනෙන නිවුන් සොහොයුරන් විය. එමෙන්ම පවෙල් සොහොයුරියන්, ශෙවිල් සොහොයුරියන් ද ක්‍රිකට් ඉතිහාසයෙන් සොයාගත හැකි අනෙක් නිවුන් ක්‍රීඩිකාවන් වේ.





@AKSCOOP6 

0 comments:

Post a Comment