බොලිවුඩය

Gossip 

"තාත්තගෙයි පුතාගෙයි මුම්බායි සවාරිය" 



ෂාරුක් ඛාන් සහ ඔහුගේ හුරතල් පුංචි පුතු ඒබ් - රාම් ඛාන් කියන්නේ මේ වනවිට ඉන්දියානු මාධ්‍යන් වල ප්‍රමුඛ පෙලේ මාතෘකාවක්.පුංචි කාලේ ඉඳන්ම තමන්ගේ තාත්තාත් එක්ක එහේ මෙහේ ගියපු නිසා එබ් රාම්ට මාධ්‍ය කියන දේත් අලුත් දෙයක් නෙමෙයි.වයස අවුරුදු තුන හමාරක් උනත් බොහොම අපූරුවට මාධ්‍ය වලට ප්‍රතිචාර දක්වන්න ඒබ්රාම් දන්නවා.ඒ වගෙම ඔහුගේ හුරතල් හැසිරීම නිසා ඔහු කාගෙත් ආදරය දිනාගන්නත් සමත්වෙලා. IPL තරඟ වලින් පස්සෙ විවිධ අවස්තා වලදී එබ්රාම් මාධ්‍යට මුණ ගැහුනා.විශේෂයෙන් විදෙස් සංචාර වලින් පසුව වගෙම පහුගිය දිනෙක ෂාරුක් සිය චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනක් වෙනුවෙන් ෆේස්බුක් ලයිව් ආව වෙලාවක ඒබ්රාම් එයට සම්බන්ධ වෙලත් තිබ්බා.කොහොම උනත් අන්තර්ජාලය පුරා බෙහෙවින් කතා බහට ලක්වෙන මේ පුංචි දරුවා පහුගිය සතියක තමන්ගේ සුපිරි නලු තාත්තාත් එක්ක මුම්බායි නගරයේ සවාරියක් ගියා.ඒබ්රාම්ගෙ අලුත් ඡායාරූපයක් ගන්න දෑස් අයාන බලන් ඉන්න ඉන්දීයානු මාධ්‍යට මීට වඩා පුවතක් තිබ්බෙ නෑ.කොහොම උනත් විවෘත කාරයක තමන්ගෙ තාත්තත් එක්ක ගියපු ඒ ගමනින් ඒබ් රාම් ලොකු විනෝදයක් ලැබුවා කියල මේ වීඩියෝ එක් බැලුවම අපටත් කියන්න පුලුවන්.



"මීෂා "  




ෂාහිඩ් කපූර් සහ මීරා රාජ්පුට් බොලිවුඩයේ ආදරය දවසින් දවස දිනාගනිමින් ජීවත් වෙන යුවලක්.වසර ගනනාවක් බොලිවුඩයේ බොහොම ජනප්‍රිය නිලියන් කිහිප දෙනෙක් එක්කම ආදර සම්බන්ධතා තිබුණු ෂාහිඩ් කපූර් එක්වරම යෝජිත විවාහයකින් විවාහ වෙන්න තීරණය කරනවා.ඒ 2015 අවුරුද්දෙ.සිනමා ක්ෂේත්‍රයට කිසිම සම්බන්ධයක් නැති ඒ වගේම තමන්ට වඩා අවුරුදු 10ක් පමණ බාල යුවතියක් වුනු මීරා රාජ්පුත් එක්ක ෂාහිඩ් විවාහ වීම හැමදෙනාම පුදුමයට පත්කල කරුණක්.ඡායාරූපවලට අනුව නම් මීරා බොහොම සුන්දර දිල්ලි වල යුවතියක්.කොහොම හරි විවාහයෙන් වසරකට පස්සෙ මේ යුවලට පුංචි දියණියකුත් ලැබෙනවා.හරියටම අවුරුද්දකට පස්සේ මීරා මාධ්‍ය හමුවේ පෙනී සිටින්නෙත් මේ කාලෙමයි.ඒ කියන්නෙ ෂාහිඩ් එක්ක කරන් ජෝහර් ගේ "කොෆි විත් කරන්" වැඩසටහනේ අලුත් සීසන් එකේ කෝපි බොන්න මීරා එක්වුනා.ඉතින් මේ දවස් වල බොලිවුඩයේ පුවත් මවන යුවල විදියට ෂාහිඩ් මීරා අනිවාර්‍යෙන්ම හඳුන්වන්න පුලුවන්.ඊටත් දවස් කිහිපයකට පස්සෙ ෂාහිඩ් තවත් පුවතක් මාධ්‍ය වලට දෙනවා.එ තමන්ගෙ අලුත උපන් පුංචි දියණිය "මීෂා" ගේ ප්‍රථම ඡායාරූපය මාධ්‍යට නිකුත් කරල.ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් පිටුවේ "hello world" ලෙස නම් කල මෙහි මීරා සුරතල් දියණිය සමඟ සිටින පහත සුන්දර ඡායාරූපය පලවෙලා තිබුණා..



ආදරණීය ගීත 

ගීත වලට අපි කවුරුත් ආදරේ කරනවා. ගීත වලට මිනිසුන්ගේ සිත් සතන් සුවපත් වෙනවා. එසේනම් කතුරු ඔන්චිල්ලාවේ අපිත් සෑම කලාපයකම ජනප්‍රිය බොලිවුඩ් ගීත ද්විත්වයක් තෝරාගෙන ඒ පිලිබදව කෙටි හැදින්වීමක් කරන්නට අදහස් කරගත්තා. මෙම විශේෂාංගයෙහි විශේෂත්වය වන්නේ අප සෑම විටම තෝරාගන්නේ 2000 වසරට පෙර නිර්මාණය වූ ගීතයක් සහ 2000 හෝ 2000 වසරෙන් පසුව නිර්මාණයක් වුන ගීතයක් වීමය. එසේනම් ප්‍රථම කලාපයෙන් අප තෝරාගනු ලැබුවේ මෙම ගීත ද්විත්වය යි.



Yaad Aa Raha Hai Tera Pyar - Disco Dancer 

1980 දශකයේ මුල් භාගයේ හින්දි සිනමාවට ආදරය කරන කාගේත් සිත් පැහැරගත් චිත්‍රපටයක් තමා ඩිස්කො ඩාන්සර්.හින්දි සිනමාවේ විශිෂ්ඨ රංගනයන්ගෙන් කාගෙත් හදවත් දිනූ මිතුන් චක්‍රබෝර්ති ගේ රංගනයෙන් හැඩ වුනු ඩිස්කො ඩාන්සර් මුලින්ම ප්‍රදර්ශනය වෙන්නේ 1982 අවුරුද්දේ.බබ්බර් සුභාෂ් නම් අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කල හා නිෂ්පාදනය සිදු කල මේ චිත්‍රපටයේ එන පහත සඳහන් ගීතය ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුනු ගීතයක්.සංගීත සන්දර්ශනයක ඉදිරිපත් කෙරෙන මේ ගීතයේ ගායනය බප්පි ලහිරි විසින්.චිත්‍රපටයේ සංගීතයත් බප්පි ලහිරි විසින්ම තමා සිදු කරල තියෙන්නෙ.මිතුන් චක්‍රබෝර්තිට අමතරව  ඕම් පුරි, රාජේෂ් කන්නා වැනි බොලිවුඩ් සිනමාවේ අග්‍රගන්‍ය චරිත රැසක් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටය මිතුන් චක්‍රබෝර්තිගෙ රංගන ජීවිතයේ විශේෂ චිත්‍රපටයක්.බොහොම මියුරු ගීතයක් වන මේ ගීතය ඔබටත් පහතින් රසවිඳින්න පුලුවන්.




 





Gore Gore Yeh Chore - Hum Thum 


2004 වර්ෂය බොලිවුඩයට ආදරය කරන බොහෝ දෙනාගෙ සිත් අමන්දානන්දයට පත් කල චිත්‍රපටයක් තමයි Hum Tum (ඔයයි මමයි) කියන්නේ.සයිෆ් අලි ඛාන් එක්ක රාණි මුකර්ජි ප්‍රධාන චරිත නිරූපණය කරපු මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතර මතකයේ රැඳෙන ආදරණීය සිනමා සිත්තමක් වෙන්නත් සමත් වුනා.කුනාල් කෝලි අධ්‍යක්ෂණය කරපු ආදිත්‍ය චොප්රාගේ නිෂ්පාදනයක් වුනු Hum Tum චිත්‍රපටය යාශ් රාජ් චිත්‍රපට සමාගමේ බැනරය යටතේ ලොව පුරා ප්‍රදර්ශනය සිදු වුනු අතර ඒ කාලයේ බොහො දෙනාගේ මුවඟ රැව් දුන් මියුරු ගීත රැසක් අඩංගු වුනු හම් තුම් චිත්‍රපටයේ සංගීත අධ්‍යෂකවරයා වුනේ Jatin - Lalit. ඒ අතර බොහොම මියුරු ගීතයක් ලෙස අපට මේ Gore Gore Yeh Chore (මේ ලස්සන ලස්සන කොල්ලො ) ගීතය හඳුන්වන්න පුලුවන්.විවාහ මංගල්‍යක් ආශ්‍රිත මෙහෙන්දි උත්සවයක රූගත කරන ලද මේ ගීතය බොහොම වින්දනීය වගෙම මුවගට සිනාවකුත් එකතු කරන රූප රචනාවකිනුත් සමන්විත වෙනවා.. ගීතය ගායනා කරන්නේ ඒ කාලයේ බොලිවුඩයේ බොහොම මියුරු හඬක් හිමි ගායිකාවක් වූ අල්කා යග්නික්.රාණි මුකර්ජි,සයිෆ් අලි ඛාන් එක්ක කිරන් කේර් මෙහි රංගනයෙන් දායක වෙනවා.



 









හංසි ජයතිලක 













0 comments:

Post a Comment