නවලොව


පර්යේෂකයන් පිරිසක් DNA අණුවක් තුල 100% නිවැරදිව තොරතුරු රැසක් ගබඩා කිරීමට සමත් වෙයි. 




මේ දවස්වල විශේෂ අවධානයක් යොමු වූ කාරණාවලින් එකක් තමයි දත්ත ගබඩා උපාන්ගවල අනාගතය කියන්නේ.පර්යේෂකයන් පිරිසක් DNA අණුවක් තුල පරිගණක මෙහෙයුම් පද්ධතියක්, ප්‍රංශ චිත්‍ර පටයක් හා පරිගණක වයිරසයක් ආදිය 100% නිවැරදිව ගබඩා කරපු පුවතක් වාර්තා වෙනවා.ඔන්න ඒ  ගැන තමයි මේ විස්තරය.

නුතන ලෝකයේ නව තාක්ෂනයන් සමග තරඟ කල හැකි වන ලෙස දත්ත ගබඩා තාක්ෂනයන් වැඩි දියුණු කිරීමේ අරමුණින් කටයුතු කරන Colombia විශ්වවිද්‍යාලයේ දත්ත විද්‍යා අංශයේ පර්යේෂකයන් පිරිසක් තමයි මේ වැඩේ කරල තියෙන්නේ. මේ පර්යේෂකයන් පිරිස සමත් වෙලා තියෙනව එක් DNA රුපකයක් තුල පරිගණක මෙහෙයුම් පද්ධතියක්, ප්‍රංශ චිත්‍ර පටයක් හා පරිගණක වයිරසයක් ආදිය 100% නිවැරදිව ගබඩා කරන්න සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ තැන්පත් කල තොරතුරු 100% නිවැරදිව කියවීමටත් මේ පර්යේෂකයන් සමත් වෙලා තියෙනවා.


මේ DNA තුල දත්ත ගබඩා කිරීමේදී ඇතිවෙන විශේෂතම වාසිය තමයි එහි දත්ත වල ඇති කල් පැවැත්ම හා අති විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කල හැකි වීම. මෙවන් ව්‍යාපෘතීන් වලට Microsoft වැනි ආයතන පවා විශාල ලෙස මුදල් වැය කරනවා. තවද Colombia විශ්වවිද්‍යාලයේ දත්ත විද්‍යා අංශය හා New York Genome Center පුවත් පතක් නිකුත් කොට තිබුනා කොහොමද මේ DNA තුල සංඛ්යාංක තොරතුරු (digital information) ගබඩා කිරීමේ ක්‍රමය ගැන.


නමුත් දැනට මෙම ක්‍රියාවලිය සිදුකිරීමට ඉතා විශාල මුදලක් වැයවන බැවින් මහා පරිමාන ව්‍යාපෘතිය නුසුදුසුයි. මෙම පර්යේෂකයන් කණ්ඩායමට 2MB වැනි ඉතා කුඩා දත්ත ප්‍රමාණයක් තැන්පත් කිරීමට ඩොලර් 7000ක් (රු.1058820.00 ආසන්න) මුදලක් වැය කිරීමට සිදුවූ බවත් එම දත්ත කියවීමට ඩොලර් 2000ක් වැනි මුදලක් වැය කිරීමට සිදුවී ඇත.

කෙසේ වෙතත් ඉදිරියට මෙම පිරිවැය අඩු කිරීමට හැකි වන ලෙස කටයුතු කරන්නට හැකි වේවි. තවද Califonia විශ්වවිද්‍යාලයෙහි Yaniv Erlich මහතා පවසා සිටියේ මෙම තාක්ෂණයේ කෙළපැමිණීමට තවත් දශකයකට අධික කාලයක් ගත විය හැකි බවත්ය. කෙසේ වෙතත් මෙය අනාගත තාක්ෂනයන් අදහා ගත නොහැකි ආකාරයෙන් දියුණු වීමට මුල පිරීමක් නොවේද?.



විනාඩි හයෙන් සුපිරියටම පීසා හදල දෙන BeeHex robot 



මීට කලින් අහල තියෙනවද BeeHex Robot කියල උපාංගයක් ගැන. මෙයාට කරන්න පුළුවන් දේ තමයි
විනාඩි 6ක්  වැනි කෙටි කාලයක් ඇතුලත පරිශීලකයාට අවශ්‍යතාවයට අනුකුල ඉතාම රසවත් පිසා එකක් ප්‍රින්ට් කරලා දෙන එක. ප්‍රින්ට් කරනවා යනුවෙන් අදහස් කෙරෙන්නේ උයල දෙනවා කියන අදහසින්මයි. මේ උපකරණය ප්‍රින්ටරයකට සමාන ක්‍රියාවලියක් සිදු කරන නිසා තමයි එලෙස හදුන්වා දෙන්න ඇත්තේ.        

මෙහි තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි පරිශීලකයාගේ ස්මාර්ට් ජංගම දුරකතනයට එන App එකක් මගින් පිසා එකෙහි ප්‍රමාණය, අඩංගු කල යුතු ද්‍රව්‍ය, සෝස් වර්ගය, චීස් ආදිය තේරීම කල හැකි වීම. BeeHex Robotට ඒ විදිහට App එකෙන් තොරණ දේවල් ගානට මිශ්‍ර කරලා අවශ්‍ය විදිහට සකසන්න යන්නේ තත්පර හැටයි. ඊට පස්සේ එයා පරිශීලකයාට දැනුම් දීල පීසා එක අවන් එකට යොමු කරනව. අන්න ඒ අවන් එකේ තියෙන විනාඩි 5ත් එක්ක තමයි සම්පුර්ණ විනාඩි හයක් වෙන්නේ.

ඒ විතරක් නෙමේ පරිශීලකයාට පුළුවන් පීසා එක කස්ටමයිස් කරන්න. සරලවම කියනවනම් පීසා එකේ හැඩය තමන්ට ඕනේ විදිහට වෙනස් කරගන්න පුළුවන්, ඒ කියන්නේ ලේසියෙන්ම අර මුලින් කිව App එකට JPEG එකක් විදිහට අවශ්‍ය හැඩය ඇතුලත් කරන්න විතරයි. ඉතුරු සියලුම වැඩ ටික ඉතාම ඉක්මනින් ගානට මිම්මට BeeHex Robot කරලා දෙනවා. අනිත් එක මේ රොබෝවරයා හදල දෙන පීසා එක ඉතාමත් පිරිසිදුයි.




ඉතින් මේ BeeHex Robot ව්‍යාපෘතියට දැන් NASA ආයතනයේ සහය ලැබෙනව. මොකද අඟහරු මත කෙරෙන මිනිස් මෙහෙයුම් වලට ඉතාමත් ලේසියෙන් මේ BeeHex Robot රැගෙන යන්න පුළුවන් නිසා. කොහොම උනත් මේ BeeHex Robotලගේ ප්‍රවර්ධන වැඩසටහන් මේ අවුරුද්ද අවසානයේ ඉඳන් කරන්න බලාපොරොත්තුවන බවයි TNW කියා සිටින්නේ.


මේ වගේ ව්‍යාපෘතියක් මගින් එයාලගේ අරමුණ වෙලා තියෙන්නේ කෝකිවරුන් ගොඩක් ඉන්න තැන්වලට එක ඔපරේටර් කෙනෙක් විතරක් දාල ඉතාම ඉක්මනින් ඉතා පිරිසිදු පීසා නිපදවන එක. පෙන විදියට තව ටිකක් කල් යනකොට අපිට කරන්න වැඩක් ඉතුරු වෙන්නෙම නැතිවෙයි වගේ නේද?




දේවින්ද 

0 comments:

Post a Comment