ලසා එක්ක ජීවිතේ





පුර්විකාව


                                මිනිස්සු හරියට වෙලාවකට වතුර පහරක ගහගෙන යන ලීකොටයක් වගේ.මිනිස්සු ලී කොටයකට සමාන වෙන්නෙ,මිනිස්සු ආසයි හැමෝම කරන දේ කරන්න...හරියට වතුර පහරක් ගහගෙන යන දිහාවටම පාවෙලා යන ඒකට වැටුණු ලී කොටයක් වගේ..ඔතනින් අතලොස්සක් දෙනෙක් විතරක් උඩුගං බලා පීනන්න හදනවා...සමහරු නොදැන පාවෙලා යනවා...සමහරු දැනගෙන පාවෙලා යනවා ඒත් හරි පැත්තට පීනන්න දන්නෙ නෑ..තව සමහරෙක් ඕන එකක් වෙච්චි දෙන් කියල ඔහේ බකං නිලන් ඉන්නවා...සමහරු බයටම මොකුත් නොකර ඉන්නවා...ජීවිතය කියන ගංගාවේ උඩුගං බලාගෙන පිනන්නේනැති ගොඩක් අය ඒ විදියටම මෝය කටින් මුහුදට වැටිල විනාශ වෙලා යනවා..


                                ඉතිංඅද ඉඳන් මේ අප්ඩේට් වෙන්නෙ එහෙම අරමුණක් නැතුව පාවෙලා යන ජිවිත වලට උඩුගං බලා පිනන්නට රුකුලක් වෙන්න හදන තීරයක්..ජිවිතේ ගෙන බයෙන් ඉන්න දුකෙන් ඉන්න කලකිරිල ඉන්න ඕන කෙනෙක්ට ඇවිත් හිතට සහනයක් අරගෙන යන්න පුළුවන් අසපුවක්..තව ඩිංගක් කියන්නම්...ජිවිත කළෙම මම කාටවත්ම කියන්නෙ නෑ කවුරුත් මව තේරුම් ගන්නෙ නෑ කියල හිතන් ඉන්න අයයි අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න ඉන්න අයයි,ඉගෙන ගන්න ඒත් වැරදි තීරණ  නිසා සේරම දේවල් අවුල් වෙලා අයාලේ යන හුලන් පොදක් වගේ කතරක අතරමන් උණු සංචාරකයෙක් වගේ රල අතර පෙනෙන නොපෙනෙන හුදෙකලා තොටියෙක් වගේ ඉන්න ඔයා වෙනුවෙනුයි මේ පුංචි ප්‍රයත්නය...


                                 ලස්සන අහසක හැමවෙලේම ඉර පායන්නම ඕන නෑ..තරු පොකුරු හඳතියෙන්නම ඕන නෑ..වැහි වලාකුලක් උනත් හරිම හැඟුම්බර සිතල සිතුවිලි මවනවා වගේම ඈත සිතිජයේ සිත්තම් වෙන කුරුළු රෑන් නිල අහස ලස්සන කරනවා..ඉතිං අපි ඉස්සරහට කතා කරමු සල්ලි ඕන ජිවිතේ ජයගන්න කියල හිතාගෙන ඉන්න අයටයි කොහොමද ජිවිතේ ජයගන්නෙ කියල හිතාගෙන ඉන්න අයටයි  සේරටම අතැඹුලක් වගේ දෝත ළඟටම දිවය ඔසු ගෙනත් දෙන්නෙම්..වේලාවකදී හිත අස්සටම එබිලා රිදවල පාරල යන්නම්...ආයෙම ඇවිත් සුවපත් කරල පිනිබිඳු ඉහිරුණු නිසසල ඕවිල්ලක්කරල යන්නම්.ඉතිංඑන්න..වසන්තයේ සිට ගිම්හානයට හමන සුලන් රැල්ල එක්ක...අද ඉඳන් ඉඳගෙන හූමිටිතියන් බෙදාගමු’”ලසා එක්ක ජිවිතේ-Life with Lasa”





ලසා

0 comments:

Post a Comment