නවකතා මංසල

ඇසල අහසේ පෑයූ රාමලාන් සඳවතිය - 2 කොටස



ඇසලගේ මුහුණ තිබු සලුව ඉවත් වි ඉදිරියේ සිටි රුව දැක පුදුමයට පත්විය..ජිවිතයේ ප්‍රථම වරට ගැහැනු රුවකට සිත සසල විය..මොහොතකට හදවත නතර වුනා ඒ රුව ලග..ඇය ද තත්පරය කිහිපයක් ඔහු දෙසත් ඔහු ඇය දෙසත් බලා සිටියෝ ය..


" මාෂා යමු ද "

      යුවතියක් පැමිණ අර කෙල්ලට කතා කරනවා වගේ ඇසල සිහිනයෙන් මෙන් ඇසිය..කොහෙද මේ කෙස් ගහක් ආවේ මේ කෙල්ලව ගෙනියන්න අර යුවතිය දෙස නොබලා තමා ඉදිරියේ සිටින රුව දෙස බලා සිතුවේ ය...


" සමාවෙන්න කරදරයක් වුනා නම් හුලගට ෂෝල් එක ගහගෙන ගියා මට අල්ල ගන්න බැරි වුනා "

     මාෂා කිව්වා ය..කටකාර ඇසලගේ කට ලොක් වි ඇති බවක් ඔහුට තේරුනි..කතා කරන්න උත්සාහ කලාට කට ඇරුනේ නැත..ඒ නිසා ඇය දෙසම බලාගෙන නැතැයි කියා පමණක් හිස සෙලවිය..කතා කරන්න උවමනාවක් තිබුනත් මුව ගොලු වි ඇත..


යුවතියන් දෙදෙනා තමාව පසුකරමින් ඉදිරියට යන විට ඇසල පිය වි සිහියට ආවෙි ය..යුවතියන් දෙදෙනා බස් නැවතුම්පොළ ලග නතර විය..ඇසලට උවමනාවක් වුනේ අර කෙල්ල පසුපස ගොස් ඇය දෙස බලා සිටින්න ය..ඇය පසුපස යන්නට සිතුනි..එකවර ඇසලට ලහිරු මතක් වි දුරකතන ඇමතුමක් ගත්තේ ය..ඇයද තමා දෙස හොරෙන් හොරෙන් බලනවා ඇසල දුටුවේ ය...


" කියපන් ඇසලයා "


" ලහිරු පොඩි හදිසියක් බං ඉක්මනට බයික් එක අරන් බස් ස්ටැන්ඩ් එකලගට වරෙන් දැන්ම වරෙන් හදිසියක් බං "

 එසේ කියා දුරකතනය විසන්ධි කලා ය..ඇයගේ සිනාවට ඇසල වශි විය..ජිවිතයේ ප්‍රථම වරට ගැහැනු රුවකට කවියක් හදන්න තරම් හදවත පිස්සු වැටි ඇත..තත්පර කිහිපයක් තුල ඇගේ සුදු මුහුණ ඇගේ කම්මුල වල ගැහෙන හිනාව..නිල් පාට ඇස් දෙක..ෂෝල් එකෙන් වැහුන කොන්ඩය...කන් පෙති වල ඇති දිගු කරාබු..රෝස පාට දෙතොල් ජිවිතය ආසාවෙන් ගලපන්න හිතෙන්නේ ඇයත් සමග බව හදවත කතා කරයි..


ලහිරු පන්තියෙන් එලියට ආවෙි කලබලයෙනි..ඇසලගේ කට හඩේ තිබු කලබලකාරිත්වය නිසා ඉක්මනට ස්කුටරය අරන් බස් නැවතුම්පොළට ලහිරු ගියේ ය..බයික් එක පන්තියේ ගේට්ටුවෙන් එලියට දාන විටත් ඇසල බස් නැවතුම්පොළ ඉන්නවා දැක්කේ ය..


" බලකෝ මු ඉන්න හැටි මම හිතුවේ කරදරයක් ද කියලා මු කියපු විදිහට " ලහිරු සිතමින් ඇසල ලගට ආවා ය...


" මොකද බං ඔතන ඉදන් කරන්නේ නලිය නලිය " ලහිරු කියන දේ ඇසුනේ නැත්තේ ඇසල මාෂා දෙස බලා සිටි නිසා ය..ඇය හොරෙන් බලන විට ඇසල ද සිනාසුනේ ය..


" අඩෝ ඇහෙන්නේ නැත් ද "


  පාරක් ගසා කල විට ඇසල පිය වි සිහියට ආවා ය..

" දැන් ද ආවේ ඇයි මෙතන " ඇසල මාෂාගේ සිහියෙන් සිටි නිසා තමා කතා කල බවක් අමතක විය..

" මුව උල තියන්න වටිනවා මට එන්න කියලා ඇයි කියලා අහනවා "

  ලහිරු කියන විට ඇසලට ඒ බව මතක් විය..

" සොරි බං මට අර කෙල්ලව දැකපු වේලාවේ ඉදන් මට කිසිම දෙයක් මතක නැ.."

" කවුද මොන කෙල්ල ද "

    ලහිරු අසන විට ඇසල මාෂාව පෙන්විය..

" අඩෝ තෝ මගේ කෙල්ලටනේ ටෙ‍ා්ක් කරන්නේ "

  ලහිරු කියන විට ඇසල ක්ෂනිකව බැලිය..

" මොකක් උඹලා දෙන්නා ලව් ද "

" නැ බං මම කිව්වේ උදේ ටෝක් කලේ "

" ආ එහෙම ද ඒ වුනාට ඒ මගේ කෙල්ල "


" හරි හරි " ලහිරු කිසිවක් කිව්වේ නැත්තේ ඇසල කවදාවත් කෙල්ලෙක් ගැන කියලා නැති නිසා ය..කිසිම ගැහැනු ලමයෙකු කෙරෙහි මේ වගේ හැසිරි නැත..


   මාෂාගේ හිතට ද නාදුනන පිරිමි රුව දැකිමෙන් අමුතුම හැගිමක් ආවා ය..සිංහල පිරිමි ලමයෙක් දිහා බලපු මුල්ම අවස්ථාවයි..ඒ දගකාර ඇස් දිහා මාෂා හොරෙන් බැලිය..සමහර වේලාවට ඇස් හතර එකපාර ගැටේ...බසයක් එනවා දැක සංජලි නතර කලා ය..තව ටිකෙන් මේ පිරිමි  ලමයාගෙන් වෙන් වේ නැවත කවදාවත් දකින්න ලැබෙන්න නැහැ..මාෂා දුකින් සිතමින් බසයට නැග්ගා ය...


මාෂා බසයට නගිනවා සමග ඇසල කලබල විය..


" යමු යමු අන්න අර කෙල්ල බස් එකට නැග්ගා මට ඒ කෙල්ලව බලන්න ඕනා පස්සෙන් යමු " ඇසල කලබලයෙන් ලහිරුව තල්ලු කල බයික් එකට නැග්ගෙය..


" යකෝ මුගේ බයික් එක වගෙනේ මාව ඇදලා ගත්තේ තෝට පිස්සු ද තව විනාඩි 10 කින් පංති පටන් ගන්නවා "

" හරි බං ඊට කලින් එමු මේ ලගට මේ කෙල්ල යන්නේ "

" මට බැ උඹ යමන් "

" උඹට බැනේ මම යනවා " ඇසල හෙල්මට් එක දාගනිමින් ස්ටාර්ට් කලා ය..

" ගුටි කාලා වරෙන් "

  ලහිරු කියනවා සමග අැසල පිටත් විය.


මාෂා බසයට නැග කවුලුවක් ගාවින් ඉද ගත්තා ය..නැවත අර පිරිමි ලමයා දකින්න ලැබෙන්න නැ කියලා හිතද්දි හදවත ඇවිලේ..එකවර කවුලුවෙන් එලිය බලද්දී සිටි රුව දැකිමෙන් මාෂාගේ ඇස් අදහා ගන්න බැරි විය..

   මාෂා එලිය බැලු විට ඇසල අත වැනි ය..මාෂා සංජලි දෙස හොරෙන් බලා අත වැනි ය..ඇසල ද බසය පසුපස ගියා ය..මාෂා ද සැරෙන් සැ‍රේ ඇසල දෙස බැලිය..බසය පසුපස යන විට ඇසලගේ දුරකතනය නාද විය..ඒ ලහිරු ය..


"  කියපන් " ඇසල ය..


" මහාවත්තයා ආවා යකෝ ඉක්මනට වරෙන් රිවිෂන් කියලා දන්නවා නේ..ඔය කෙල්ල පස්සෙන් යන්නේ නැතුව වරෙන් බං..exam කට උඩ තියා ගෙන ඇදගෙන නාන්න එපා වරෙන් "

" හරි බං ඉක්මනටම එන්නම් "

  ඇසල දුරකතනය විසන්ධි කල යුවතියන් බසයෙන් බැස පුස්තකාලයට යනවා ඇසල බලා සිට නැවත පන්තියට ගියා ය..ඔහු බලා ඉද ගිය බවක් මාෂා දන්නේ නැත..පුස්තකාලයට ගියත් මාෂාගේ   හිත තිබුණේ අහම්බෙන් දැකපු පිරිමි ලමයා කෙරෙහි ය..පොතේ තිබු කිසිම දෙයක් මතක යේ නැත...



...............................................................


ඇසල ඉක්මනින්ම පන්තියට ගියේ මහාවත්තගේ ආර්ථික විද්‍යාවටය..ඇසල යනවිටත් පන්තිය පටන් ගෙන තිබුනා..ඇසල සර්ගෙන් අවසර ඉල්ලගෙන පන්තිය ඇතුලට ආවා..ලහිරු සහ අරවින්ද් ඉන්න තැනින් ගිහින් වාඩි විය..


" ඇසලයා වැඩේ හරි ද ඒ ලහිරුය..

" මොකක්ද බං මු කරපු වැඩේ මටත් කියපන් කෝ " අරවින්ද් ය..

" ඇයි බං මු කසාද බැන්දා කියලා දන්නේ නැත් ද "

 ලහිරු කියන විට ඇසල අතින් පහරක් ගැසුවා..

" කියපන් කෝ " අරවින්ද්


" මු උදේ ඉදන් කෙල්ලෙක් පස්සේ ගියා බං මම කෝල් කලේ නැත්නම් මු ගෙදරටම ගිහින් මගුලත් කතා කරලා එන්නේ " ලහිරුගේ කතාව අරවින්ද්ට ප්‍රේහේලිකාවක් විය..


" අනේ ඇසල උඹ කියපන් මුට මොංගල් බං " අරවින්ද් ය..

" මම කෙල්ලෙක් දැක්කේ බං කෙල්ලෙක් නෙවේ "

" එහෙම නම් යකිනිනක් ද " ලහිරු මැදින් පැන්නා..

" කටවහපන් බං උඹ කියපන් " අරවින්ද් ය..


" දෙව්දුවක් නැ සුරංගනාවියක් වගේ මම බස් එකෙන් බැහැලා පන්තියට එනකොට එකපාරම ෂෝල් එකක් මගේ ඔලුවට වැටුනා "


" ඉතින් කියපන් " ඇසලගේ කතාව නිසා මහාවත්ත උගන්වන කිසි දෙයක් මිතුරන් තිදෙනාට ඇසුනේ නැත ..


" එකපාරම ඔලුවට වැටුනු ෂෝල් එක අයින් කරන්න අත තියෙන කොටම සිනිදු අතක් අහු වුනා මම ඒ අත අරින්නේ නැතුව මම ෂෝල් එක අයින් කලා..අයින් කරද්දී මගේ ලග හිටිය ඒ කෙල්ලව දැකලා මගේ හදවත නතර වුනා බං..මමයි ඒ කෙල්ලෙයි තත්පර කිහිපයක් බලාගෙන උන්නා එකපාරම මාෂා කියලා හොට්ටියෙක් ඇවිත් කැන්දන් ගියා "


" ඇසල " මහාවත්තගේ කට හඩය..කතාව සිහියෙන් වුන නිසා ලහිරු එකපාරම


" උඹට කවුද බං ඇසල කියලා කතා කලේ "
ලහිරු ය..


" නැගිටිනවා පිටිපස්සෙ ඉන්න තුන්දෙනා " මහාවත්තගේ කැ ගැසිල්ලේ ත්දෙනාම පියවි සිහියට ආවා..සෙමින් තුන් දෙනාම නැගිට්ටා


" පරක්කු වෙලා ඇවිල්ලා කියනවා මෙයා මොනවාද රස කර කර කියනවා මුං දෙන්නා දෙපැත්තේ ඉදන් රස විදිනවා..මොකට එනවා ද දන්නේ නැ දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරන්න..කවදාවත් හැදෙන්නේ නම් නැ..ඉදගන්නවා ආයේ අහුවෙන්න එපා එලවලාම දානවා පන්තියේන් එලියට "

 මහාවත්ත කියු පසු ඉදගත්තා..පැය දෙකකට ආසන්න කාලයක් පන්තියේ සිටියට සිහිය තිබුනේ මාෂා ගැනය..පන්තිය ඉවර වි තුන්දෙනාම එලියට එනවිට..

" ඇසල "

  හැරි බලන විට මින්මා ය...



තරූ

0 comments:

Post a Comment