නවකතා මංසල






පපුවට හුරු නැති ආදරේ - 1 කොටස 



" මොනාද බන් කරන්නේ ඉක්මණ් කරලා ඔය බෝල් ටික දා ගනින්කෝ.. තව විනාඩි විස්සයි තියෙන්නේ.. බෙල් එක ගැහැව්වොත් අපිට ගහන්නත් නෑ... "

විකට් එක විදියට තියාගත්ත පුටුව පිටිපස්සට වෙලා කඩුලු රකින්න ගියපු දීපාල් කෑ ගහන්නේ යටි ගිරියෙනි.. ඌව දකින අය හිතන්නේ එකම දෙයකි..


" මූ දොඩම් ගෙඩි දෙකක් උස නෑ.. ඒ උනාට කට නම් හිමාලයටත් වඩා උසටය.. "

ඕක හැටියක්මය.. පොඩි කොට උන් කැපි පේන්න දගලන්නේ කට ඉස්සරහට දාලාය..

මිශ්‍ර පාසලට ක්‍රීඩා පිට්ටනියක් නොමැත.. පාසල් ගොඩනැගිලි වලින් වට වූ පුංචි බිම් කොටසක මේ කොලු ගැටවුන් ක්‍රිකට් ගසන්නට දගලන්නේ උන්ට තියෙන ක්‍රිකට් උණටමය... යන්තන් දහය වසරට පා තැබු මොවුන් ජීවත් වෙන්නේ අමුතුම ලෝකයකය.. ඒ ඒ අය ජීවත් වෙන ලෝක දන්නේ ඔවුන්ම පමණි...

එක පිලකට පන්දු ඕවර් පහකි.. පන්දු ඕවර් ගණන වැඩි කර සෙල්ලම් කිරිමට තරම් කාලයක් ඔවුන්ට නැත.. විනාඩි 30 විවේක කාලය තුල තියෙන බත් මුලක් ලෙහාගෙන කා පාඩුවේ ඉන්න තරම් සංවරයක් ඔවුන්ට නැත.. මේ සෑහෙන්න කාලෙක ඉදන් තියෙන ක්‍රිකට් පිස්සුවට බෙහෙත් කිරිමේ වෙලාවයි.. ලැබිච්ච පුංචි කාලය තුල විකට් එකට ලෑලි පුටුවක් තියාගෙන ඩෙස් එකකින් ගලවාගත් ලෑලි තීරුවක් පිත්ත ලෙස යොදාගෙන මේ ඔවුන්ගේ උත්සහය රටක් ඇල්ලීමට නොව.. තමන්ගේ ජීවිතයම කරගත් ක්‍රිකට් ක්‍රීඩාවේ කිමිදෙන්නටය.. ආරම්භක පිතිකරු ලෙස පන්දුවට පහර දීමට ගිය හිරුක හා කලිදු පන්දුවාර 4ක් අවසානයෙත් තාමත් පන්දුවට පහර දෙයි.. දෙදෙනාගේ ලකුණු සම්බන්ධතාවට පන්දුවාර 4 අවසානයේ ලකුණු 52කි.. එය හොද සබදතාවයකි..

කලිදු යනු දහය වසරේම රන් එකය.. 11 වසරත් ඔහුට ලොකුම නැත.. 12 හා 13 වසරත් අදාලම නැත.. ඔහු ඒ තරම්ම චන්ඩියෙක්ද කියන්නට කවුරුත් හාර අවුස්සන්නේද නැත.. නමුත් ඔහු හරිම නිහතමානි හිත හොද චන්ඩි කොල්ලෙකි.. කාටත් බෙදන්නේ එකම හැන්දෙන්ය.. ඔහුට පණ දුන්න අයෙක්ට ඔහු ඔහුගේ පණ සමග බොනස් එකක් වුවද ලබා දෙන්නට මැලි වන්නේ නැත.. කතා නායකයා ඔහුද කියා පාඨක ඔබ සිතනු ඇත.. අවාසනාවට ඔහු කතා නායකයා නොවන්නේ ඇයි දැයි මටත් පැණයකි.. මේ අංක එකේ දඩබ්බරයාට වඩා
ලොකු දඩබ්බරයන් නැත්තන් වෙන අයෙකු කෙසේ කතා නායකයා වන්නේ කෙලසද..


පෙර කී ලකුණූ සම්බන්ධතාවයේ අනෙක් පස ඉන්නේ හිරුකය.. නමින් හිරුක ඉරුගල් බණ්ඩාරය.. වලව් පැලැන්තියකින් පැවත එන්නෙක් වගේ ඔබට පෙනෙනු ඇත.. කතාව පුරාවටම මම ඔබට සැකයක් ලබා දීමට අකමැතිය.. මන්ද සැකය නිසා බොහෝ ආදර කතා විනාශ වෙයි.. හිරුකට ඇති වලව් පැලැන්තියක් නොමැත.. සාමාන්‍ය පවුලක ඉපදුන ඔහු කවුද කියා මට තියා ඔහුටවත්
තේරුම් ගැනිමට බැරිය.. ඒ තරම්ම ගුප්ත චරිතයක් ඔහු සතුය.. කුකුල් කේන්තිකාරයකි.. කලිදු රණ්ඩු සරුවල් වලට පැටලෙන තරමක් පැටලෙන්නේ ඔහු නිසාමය.. ඒ යාලුකම යාලුකමකට එහා ගිය දෙයකි සහෝදරකම කියන නමත් මදිය ඔවුන් දෙන්නාගේ බැදිම ගැන කතා කිරිමට.. හිරුකගේ ශක්තිය කලිදුය.. කලිදු ඉන්න තැනක දහයකට විස්සකට ගහන්නවත් ඔහු ඇබරෙන්නේ නැතය.. ක්‍රිකට් උණට වඩා මොවුන්ට රණ්ඩු වලට පැටලීමේ උණක්ද තිබේ...

" අඩෝ ඉක්මණ් කරපන් යකෝ.. දයන්න වගේ ඉන්නේ නැතුව බෝල් කරපන්.. "

අර දීපාලයා ආයෙත් දොඩවයි..

පිට පිට එවු පන්දු 4ටම හයේ පහර 4ක් ගසමින් හිරුක ලකුණූ පුවරුව ඉහල දමයි.. හයේ සීමාව ලෙස යොදාගෙන ඇත්තේ තට්ටු තුනේ ගොඩනැගිල්ලය.. ක්‍රීඩා පිටියක් නැති අඩුව තදටම දැනෙන්නේ මෙවන් වෙලාවටය..

සීමිත බිම් කොටසක තමනගේ ආසාව ඉටු කරගන්නා කොලු ගැටවුන්ට කාගෙන් කියා බාධාවක්ද...පස්වෙනි පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදි හිරුක දැවි යන විට ලකුණු පුවරුව 76කි.. හිරුක ගැන කතා කිරිමට දෙයක් නැත.. පරාජය බාර ගැනිමේ ඔහු සතු හැකියාව සෘණ මට්ටමකය.. එය බිංදුවේ ඉල්ලක්කමට ඒමටත් සෑහෙන දුරක් ආ යුතුය.. ඔහු තමන් මෙච්චර වෙලා පන්දුවට පහර දුන්න ලෑලි කෑල්ල ඈතට විසි කර දැමුවේ කෙලෙහි ගුණක් නැති ගානටය..

" අඩෝ පීචන් වැඩ කරන්න එපා බල්ලෝ.. අවුට් උනා නම් පාඩුවේ පලයන්කෝ.. අපි ගහන්නේ නැද්ද ? ලෑල්ල හොයා ගත්තේ සෑහෙන්න ගේමක් දීලා.. මූ ඒකත් කඩන්න හදනවා "

ඒ හඩ හුසේන්ගෙ කතාව ඇත්තය.. නමුත් ඒ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමකි..

" මොනාද තෝ කීවේ.. කවුද බල්ලා ? තෝව දණගස්සලා කට තලනවා දැන ගනින්.. "


හිරුක ඉක්මණ් අඩි තියමින් හුසේන්ගේ කමිස කොලරයෙන් අල්ලා ගත්තේ ඔහුටත් පාලනය කරගන්නට බැරි තරහකිනි.. එක වසරේ ඉදන් මේ වෙනකන්ම එකට ඉදන් එක බත් පත බෙදන් කාපු යාලුවන්ටත් තමන්ගේ දඩබ්බරකම උකස් තියෙන හිරුක ගැන කතා කිරිමටත් බයය.. සෙල්ලම ලෙල්ලම වීමට කලියෙන් කලිදු ඉස්සර වීමට හිතා ගත්තේ හිරුකගේ කැරැට්ටුව දන්න එකම පුද්ගලයා ඔහු බැවිනි..

" මොනාද බන්... මේක සෙල්ලමක්... හැම මගුලටම තරහ අරන් පුපුරන්නේ නැතුව ඉදපන්කෝ.. උබ සෙල්ලමත් එපා කරනවානේ ඉතින්.. "

කලිදු නිමුණු ස්වරයෙන් කීවේ ඇවිලෙන ගින්න නිවිමටය.. අච්චර පුපුරන්නට වෙර දරන හිරුක කලිදුගේ හඩට අවනතය.. හුසේන්ගේ කමිස කොලරයෙන් අත ගත් ඔහු පාඩුවේ බිම බලාගෙන තට්ටු තුනේ ගොඩ නැගිල්ල අසලට පිය මැන්නේ තමන්ට තමාවම එපා වූ ස්වරයෙකිනි..

" ෂිට් පුදුම කරුමයක් මේක.. මේ තරහ යන එක මට නතර කරගන්නම බෑනේ.. යාලුවොත් නැති වෙනවා මට මෙහෙම ගියොත්.. "

හිරුක තමන්ටම කොදුරා ගනි..

දැන් පන්දු රැකීමේ වාරය හිරුකලා සතුය... තට්ටු තුනේ ගොඩනැගිල්ල අයිනටම වී හිරුක තමන්ගේ කලකිරිම ගැන මෙනෙහි කරයි.. තරගය ගැන ඔහුට වගේ වගක් නැත.. ඔහු තමන්ගේ ලෝකයේ තනී වී අසරණව බලා හිදි..

" හිරුවා බලන් ඉදපන් මචන්... සමියා ගහන පාරවල් උඩ යනවා විතරයි.. කැච් එක ගනින් මගේ අම්මා පරිස්සටම... "

ඒ පන්දු යැවීමට සූදානම් වී පිටිය සකසන තාරුකගේ හඩය...

හිරුක ඉරුගල් බණ්ඩාර තමන්ගේ ලෝකයෙන් මිදි යලිත් පියවි සිහියට ආවේ ඒ තප්පරයේදිය... දැන් ඔහුගේ හිත ක්‍රීඩාව තුලය.. කීවා වගේම සමියගේ කැච් එක ගන්න ඔහුට පින තිබුණි.. දුක කොහේ ගියාද දන්නේ නැත.. ලොකුම බාධකය වු සමිර ලකුණූ නොලබාම දැවි ගියේ හිරුගේ දක්ෂ උඩ පන්දු රැකිම නිසාය..

විවේක කාලය ඉවර වීමට ඇත්තේ තවත් විනාඩි පහකි..

තට්ටු තුනේ ගොඩනැගිල්ල අසලම ඉන්න හිරුකගේ හිස එක පාරම සිසිල් වී ගියේයෙ... කර මතත් සිසිල් වී ගියේයෙ...

" මෙච්චර මේ පට්ට අව්වක් වැටිලා තියෙන වෙලාවේ කොහොමද යකෝ වහින්නේ ? "

හිරුක තප්පරයකට කල්පනා කරේ තමන්ට තමන්ම විශ්වාස නැති නිසාය..

නැවතත් වතුර පාරක් හිස මතය.. ඔහුට උඩ බැලුනි.. දෙවෙනි තට්ටුවේ 9 වසරේ පන්තිකාමරයක ජනේලයකින් අත දාමින් ගෑනු ලමයි දෙන්නෙක් තමන්ගේ ඉදුල් අත් සෝදයි... ඒ ඩබලට පල්ලැහැ සෙල්ලම් කරන කොල්ලන් ගැන වගේ වගක් නැත... හිරුකගේ හිසත් ඇගත් සිසිල් වතුරෙන් නැහැවි ඇති හේතුව මෙයය.. ඉදුල් වතුර නා ගත් හිරුකට උන් හිටි තැන් අමතක විය.. කොල්ලෝ කෙල්ලෝ කියා වෙනසක් හිරුකට නැත. බනින්න ඕනේ නම් බනින්න දෙපාරක් හිතන්නේ නැත..

" ආච්චිට හාල් ගරනවද යකෝ විචි විචි ගගා.. තමුසෙලාට පෙන්නේ නැද්ද පල්ලැහැ මිනිස්සු ඉන්නවා.. මගුලක් කරනවා තියාගෙන.. ෂිට් මගේ අලුත්ම කමිසේ කෑවා... "

හිරුක බැනගෙන බැනගෙන යයි

එක ගෑනු ලමයෙක් විගහට ජනේලයෙන් තමන්ගේ මුහුණ ඇතුලට දාගෙන නොපෙනි ගියේ මේ වසවර්තියාගේ තරම හොදටම දන්නා නිසාය.. එහෙත් බෝනික්කියක් වගේ ලස්සන අනිත් ගැහැණූ ලමයා හිරුක දෙස බලා හිදි...

" මොලේ හොද නැති වැඩ කරන්න එපා හලෝ... තමුසෙලාට නම් මොකද.. අපිටනේ ඒකෙත් රුදාව.. "

හිරුක නවතින පාටක් නැත..

මේ සුලු වරදට මෙච්චර කෑගහන්න තරම් මේ දඩබ්බරයාට කොයින්ද හයියක්.. දැරිවිය ඔහු දෙස බලාගෙන කල්පනා කරයි.. තවත් කතා නොකර සිටියොත් මොහු තවත් පුප්පයි.. ඇය තමන්ගේ හඩ අවදි කරන්නට සිතා ගත්තේ එබැවිනි..

" අනේ සොරි අයියේ... මම දැක්කේ නෑ.. "

ඒ හඩ අර සුන්දර දැරිවිගේය.. ඇයට අවශ්‍ය වූවේ තමන්ගේ අත්වැරැද්දට සමාව ගැනීමටය..

" සොරි ?? සුද්දා ඔච්චරනේ දීලා තියෙන්නේ.. ඕනේ වැරද්දක් කරලා සොරි කීවම ඔක්කෝම හරි කියලද හිතාන ඉන්නේ ?? නිකන් පව් දෙන්නේ නැතුව පන්තිය ඇතුලටය යනවා හලෝ.. "

" ඇති ඇති බන්.. යමන් දැන් උබත්... උබ එල්ලෙන්න ගියාම කෙල්ලක්ද කියලා බලන්නේ නෑ එල්ලෙනවා.. "

කලිදු හිරුකව ඇදගෙන ඔවුන්ගේ පන්ති දෙසට පියමන් කරයි..

ස්කෝලෙටම ලොකු ලයින් දාන මේ දඩබ්බරයාගේ ඔලුවට හුරුබුහුටි ගෑනු ලමයෙක් බය නැතුව අත සෝදා තිබේ... නිකන්ම නෙමෙයි.. ඉදුල් වතුරෙන්ම අත සෝදා තිබෙයි.. හිරුකට තරහකට වඩා ඉමහත් ලැජ්ජාවක් සිදු වී ඇත.

" උබ දැක්කද බන් ඒකිගේ ලස්සන... මම අදමයි ඒකිව දැක්කේ බන්.. නිකමට හිතපන්කෝ එච්චර ලස්සන කෙල්ලෙක්ගේ මූණක් දිහා බලාගෙන වචනයක් කියන්න හිතෙනවද අපිට නම්.. ඒකට හිරුවා.. මම හිතුවෙම අරකිව මරාගෙන කයි කියලා.. "

සමියා කලිදුට කොදුරයි.. කොලු රෑන සද්ද නැත.. මන්ද ගිනි කන්ද පුපුරා ගොසින්ය.. නිකන් දොඩවලා බත් කටක් කන්න තියෙන කට තලාගන්න අවශ්‍යයම නැත..

ඇත්තය කතාව.. හිරෑට දැන් ඌරු කේන්තිය.. තමන් අලුතින්ම මහගත්ත කමිසයේ ඉදුල් පැල්ලම්ය.. ඔහු ඇවිලෙයි...

හිතවත් පාඨකය ඔහුට තනිවම ඇවිලීමට ඉඩ දී අපි නිහඩ වෙමු... ඔහු නිවි සිසිල් වූ පසු අපි ඔහු සමග කතා කර බලමු.. !!!





හිතුවක්කාර ලේඛකයා ( මෙසී )





ඇසල අහසේ පෑයූ රාමලාන් සඳවතිය - 1 කොටස 





ඇසලගේ දුරකතනය නාද විය..ඔහු ඇලිමැලි කඩමින් දුරකතනයේ මුහුණ දෙස බැලිය..

" හුටා පටස් ලහිරුවා ඉදලා ඉවරයි.." ඇසලට කියවුනේ ය.." දෙයියනේ වේලාව 7:45 යි..9:00 ට මහාවත්තගේ ආර්ථික විද්‍යා පුනරික්ෂන පංති අදත් කරුමේට මට නින්ද ගියානේ මුං මාව දැන් කනවා.." ඇසල සිතුවේ ය..එසේ සිතමින් දුරකතනය කනේ තබා ගත්තේ ය..

" කොහෙද බං ඉන්නේ උඹ තාම නිදි ද.."

" පිස්සු ද යකෝ මම මේ ඇද ගන්න හදන්නේ උඹ කියනවා මම නිදි  කියලා..දිවැස් බලනවා ද."

" අනේ පල ඇසලයා තෝ ගැන දන්නේ නැති එකෙක්ට කියපන් තෝ ගැන දන්නේ ජංගිය අදින කාලේ ඉදන් උඹ ඉතින් එක පුලියට එලිය වැටෙනකන් නිදා ගන්න එක  උඹගේ ජන්මේට වඩා පුරුද්දනේ බං.."



"නැ බං මං මේ අදින ගමන් ඉන්නේ බං මං එනකන් ස්ටැන්ඩ් එකේ හිටපන්..බයික් එකේ  නේ එන්නේ "

" නැ බං චොපර් එකේ..දන්නේ නැ වගේනේ කතාව "

" හරි බං මං එනකන් ඉදපන් මම මේ ඇද ගන්නවා "

ඇසල ලහිරු සමග කතා කරන විට ඔහුගේ මව රෝසි කාමරයට ආවේ ය..

" පංති කියලා කිව්වා නේද නැගිටින්නෙ නැත් ද.."

මලා ජෝන් කොතලා වල අරුගේ කනේ තිබ්බා වගේ දැන් ඉතින් ඉවරයි ඇසල සිතුවේ ය..

" යකෝ තෝ මෙහෙමත් බොරු කියනවා ද එලි වෙද්දී ගල් ගෙම්බෝ..මුගේ..." එසේ කියද්දිම ඇසල දුරකතනය විසන්ධි කලේ ය..

" අම්මා මාවත් කැවානේ අම්මාගේ සිනුව අරුට කනේ තිබ්බා වගේ..අද ඉතින් මං ඉවරයි "

  ඇසලගේ මව වන රෝසි උඩ බිම බැලුවේ මොනවාද මේ කියවන්නේ කියලා ඇය ඇසල දෙස බැලිය..

" මොනවාද පුතා මේ කියවන්නේ මට මොකුත් තේරෙන්නේ නැහැ.."

" හරි හරි අම්මා කෝ බෙඩ් ටි එක.."

ඇසල තුවාය අතට ගනිමින් ඇසුවේ ය..



" මම දැන් දෙපාරක් කතා කලා..රෑ 12 වගේ නිදි..දැන් නම් ආවේ නැගිටලා නැත්නම් වතුර එකක් හලන්න ආවේ..මම තේ එක විසික් කලා.."

" බොරු කියන්න එපා ස්විටි දෙපාරක් කතා කලා කියන්නේ එක්කෝ මම බිරියි..නැත්නම් මම මැරිලා.."

 ඇසල ආදරේට මවට කියන්නේ ස්විටි කියලා..

" අනේ හරි  හරි තව වේලා තියෙනවා කියලා අනිත් පැත්තට හැරුනා..එක පාරක් මම අනිත් පාර අක්කා.."

" බුදු අම්මෝ අක්කා නම් ලස්සනට කතා කරන්න ඇති කියලා මට හිතා ගන්න පුලුවන් මොකද අපේ ගෙදර වට්ටක්කා ගැන දන්නවා නේ.."

" පුතා අක්කාට ඇහුවොනොත් මෙතන රණ්ඩු..."

" එයාට නම් මම බය නැ..ස්විටි මගේ කිරි එක ගෙන්න මයිලෝ දාලා මට පරක්කු වෙලා.."



ඇසල කියමින් නාන කාමරයට ගියේ ය..ඇසල දෙව්සර පවුලේ බාලයා ය..අක්කා දිව්‍යා පැහැසරණි..ගොඩාක් පොහොසත් පවුලක් නොවුනත් දුකක් නැතුව ජිවත් වෙන්න තරම් මුදල් ප්‍රමාණයක් තිබුණේ ය..තාත්තා ආසිරි වික්‍රමරත්න..සිල්ලර බඩු කඩයක් සහ ඇඹරුම් හලක් හිමි ය..අම්මා රෝසි වික්‍රමරත්න ය..දරුවන් පසුපස දරුවන්ට ආදරය කරන මවක්..ඇසල මේ අවුරුද්දේ උසස් පෙල ලිවිම සදහා සුදානම් වේ..දිව්‍යා රූපලාවණ්‍ය පාඨමාලාවක් හදාරයි..ඇසල ජිවිතය ගැන කිසිම බරපතලක් නැති අහසේ පාවෙන සරුංගලයක් වැනි ය..පවුලේ බාලයා නිසා පවුලේ ද ඔහුගේ දගකාර කම සහ හිත හොද කම නිසා පවුලේ සහ හිතවතුන් අතර ජනප්‍රියයි..ඒ වගේම කෙල්ලන් අතර ද අහංකාර ලස්සන නිසා ජනප්‍රියයි..


" අම්මා කෝ ටි එක.." ඇසල පන්ති යන්න ඇදගෙන තම මවගෙන් ඇසිය..

" මෙන්න මහත්තයෝ " රෝසි ඇසල අතට තේ දුන්නා ය..

" හරි ෂෝක් එයා සුදු..මහත්තයා ..චුටි පුතා මම නිකන්ම නිකන් දිව්‍යා.." දිව්‍යා රෝසිට නෝක්කාඩු කිවා ය..

" එහෙම තමා අම්මාලා ආදරේ පුතාලට කියලා අහලා නැත් ද ගෙමබියේ.."


" අම්මා බලන්න කෝ බතලයා මට ගෙම්බි ලු.."

කුඩා කාලයේ ඇසල මහත නිසා රණ්ඩු වෙද්දී දිව්‍යා බතලයා නමින් බැන්නා ය..


" පටන් ගත්තා ද එලි වෙද්දිම නින්දට යනකන් ඉතින් රණ්ඩු තමා.."රෝසි කිවා ය..

" මම ද පටන් ගත්තේ බලන්න කෝ අම්මාගේ චුටි පුතා කවදා හරි රට කයි..ඒකා යකා වෙන හැටි.."දිව්‍යා කිවා ය..

" බලන්න ස්විටි එකා යකා වෙලා මෙතන අැසල නටන්න ගද්දි  තොවිල් නටන්න කට්ටඩි හොයන්න වෙද්දී " ඇසල කිවේ ය..

" ඔව් ඉතින් කට්ටඩි හොයලා නටවයි තමා චුටි පුතානේ.."

" අම්මා ඔය හරකිගේ කතා අහන්න එපා සල්ලි දෙන්න කෝ..

" පුතා "

රෝසි සැරෙන් කිවා ය..ඇය රු 500 ඇසල අත මත තැබිය..

" අනේ අම්මා මොනවාද තව කියක් හරි දෙන්න කෝ.."

ඇසල ඉල්ලන්න විට ඇය සාලයේ තිබු ලාච්චුව ඇර රු 200 ඔහු අත තැබි ය..

" ඔයා නම් හොදම නැ අම්මා මම ඉල්ලද්දි තමා දෙන්න බැරි.."

" අනේ යනවා යන්න ගෙම්බි " ඇසල අත තිබු පොත් මිටියෙන් දිව්‍යාගේ ඔලුවට ගසා ගියේ ය..



ඇසල පාරට පැමිණ ලහිරුට දුරකතන ඇමතුමක් ගත්තේ ය..

" මචං උඹ කොහෙද ඉන්නේ " ඇසල ය..

" මං පන්තියේ බං "

" වරෙන් කෝ බයික් එක අරන් මාව ගෙනියන්න "

" පල අඩේ මම තෝව ගන්න තමා ආවේ උඹ එතකොට සුප්පුව උරනවා..උඹ එනකන් කට්ට කන්න ද මම පාරේ.."

" හරි හරි බං දැන් වරෙන් කෝ.."

" පිස්සු කතා කියන්න එපා යකෝ..මං මෙතන දෙයියනේ කියලා කෙල්ලෙක් ටෝක් කරද්දී නිකන් උදලු දාන්න එපා බං..බස් එකක වරෙන් මහා වත්තය‍ා තමා නැ.."

" පල යකෝ යන්න ගහපිය ලග ඉන්න කෙල්ල කන රත් වෙන්න "

එසේ කියා ඇසල දුරකතනය විසන්ධි කලේ ය..පන්තියට යැමසදහා බසයට නැග්ගෙ ය..ටික වේලාවකට පසු බසයෙන් බැස දුරකතනය ඔබමින් ගියේ ය..මහා සුලගක් හමා ආවේ ය..එක පාරම ෂෝල් එකක් ඇසලගේ ඔලුවට වැටුණේ ය..මොකද වුනේ කියලා ඔහු හිස එසෙව්වේ ය..සිත පිනා යන ඉමිහිරි සුවදක් ඔහුට දැනුනි..ඔහුගේ ඔලුවේ රෝස පාට ෂෝල් එකකි..එය ඉවත් කිරිමට ෂෝල් එකට අත තබන විට සිනිදු අතක් ඔහුට ස්පර්ශ විය..ඇසලගේ හිත සසල විය..ඇගට විදුලි කම්පනයක් වැදුනා හා සමාන ය..මෙය ගැහැනු ලමයෙකුගේ අතක් බව පසක් විය..ඔහු ඒ අත අල්ලා ගෙන ෂෝල් එක සෙමින් ඉවත් කලේ ය..ඉවත් වු පසු දුටු දර්ශනයෙන් ඇසලගේ කෝඩුකාර හිත කැලඹුනේ ය.....




.....................................................


සංජලි ඇයගේ යෙහෙළිය වෙන මාෂා අල්ඩිනාව හම්බ විමට උදේම ගියා ය..ඇය මුස්ලිම් යෙහෙලියකි..

" ආ එන්න සංජලි..වාංග..මාෂා කිව්වා ඔයා උදේ එනවා කියලා .."ඒ මාෂාගේ මව අස්විනා ය..ඇය ෂෝල් එකෙන් ඔලුව වසාගෙන සිටියා ය..

" ඔව් ආන්ටි ලයිබ්‍රරි එකට යන්න ඕනා..ඒකයි මාෂාව එක්කන් යන්න ආවේ.."

" ඉදගෙන ඉන්න දුව කංජි හදලා තියෙනවා බිලාම යන්න පුලුවන් නේ මං දුවටත් කියන්නම් "

මාෂාගේ මව තරප්පු පෙල දිගේ මාෂාගේ කාමරයට ගියා ය..සංජලි වටපිට බැලුවා ය මාෂා වත් පොහොසත්කම් තිබුනත් අහිංසක යුවතියකි..ඇගේ හැඩ හුරුකම හිංදි යුවතියක් හා සමාන ය..

මාෂාගේ මව කාමරයට ඇතුල් විය..මාෂා සාල්වර් එකක් ඇද ගනිමින් සිටියා ය..


" මාෂා සංජලි එක්ක ගියාට කමක් නැ තැන් තැන් වල රවුම් ගහන්න එපා දන්නවානේ අප්පා ගැන ඔයා රවුම් ගහනවා කියලා දැන ගත්තොත් ඉවරයි මම ඔයා එලියට යනවාට අප්පයි සෆ්රාසුයි කැමති නැ.."

" හරි අම්මා මම කොහෙවත් යන්නේ නැ..මම සෆ්රාස්‍ෙ කැමති නැ..'

" මාෂා ඒ ඔයා බදින්න ඉන්න කෙනා අපි තිරණය කලේ පොඩි දවස් වල"

" මං යනවා අම්මා "

" බුර්කාව දාගෙන යන්න.."

" එපා අම්මා ෂෝල් එක දාගෙන යන්නම් "

 මාෂා එසේ කියමින් ෂෝල් එක ඔලුවට දා ගත්තා ය.මාෂා සෆ්රාස්ට කොහොමත් කැමති නැත..එහෙත් ජිවිතය ගලපන්න වෙලා තියෙන්නේ සෆ්රාස්‍ සමග ය.



" මොනවාද බං කල්පනා කරන්නේ " දිගු නිහැඬියාවකට පසු සංජලි ඇසි ය.

" මොකුත් නැ සංජලි මම ගෙදර හිරකාරියෙක් වගේ මං ආසයි එලියට බැහැලා ඇවිදින්න මිනිස්සු ආශ්‍රය කරන්න දුවන්න..කොහේ ගියත් වාහනෙන්..උඹ ආවොත් විතරයි ටිකක් හරි මෙහෙම එලියට එන්නේ "

" මට තේරෙනවා බං "

" කවදා හරි දවසක මටම කියලා ලෝකයක ජිවත් වෙන්න ඇත්නම් "

" හිටපන් උඹව නිදහස් කරන් යන්න කුමාරයෙක් එනකන්.."

" මොන කුමාරයෝ ද බං සෆ්රාස්‍ තමා මගේ ඉරණම "
.
" පිස්සු ද බං සෆ්රාස්‍ව ඔයාට ගැලපෙන්නේ නැ..කිසිම තේරුමක් නැති එකෙක් මැරයෙක් වගේ..කිසිම ගැලපිමක් නැ බං..කවුරු හරි ඇවිත් ඉරණම වෙනස් කලොත් "


" එහෙම දෙයක් වෙනවා නම් කොච්චර දෙයක් ද ඒත් අප්පයි සෆ්රාස්‍ ඉන්නකන් කවදාවත් පිට ලෝකයක් හිතන්න බැහැ.."මාෂා කිවා ය..

එකවර මහා හුලගක් හමා ආවේ ය..ඇගේ වතේ තිබු ෂෝල් එක හුලගේ ගසාගෙන ගියා ය..එය ඇල්ලිමට ඇය දුව ගියේ ය..ඒ ෂෝල් එක ගිහින් පිරිමි ලමයෙකුගේ ඔලුවට වැටුනි..ඇය දුව ගොස් පිරිමි ලමයා මත තිබු ෂෝල් එකට අත තැබි ය..ඔහුගේ අත සහ ඇගේ අත ගැටුනි..ඇයගේ අත අල්ලාගෙන ෂෝල් එක පිරිමි ලමයා ඉවත් කලේ ය..ෂෝල් එක ඉවත්වු පසු ඇය දෙස බලා සිටියා ය..දෙදෙනාගේ දැස් එකවර ගැටුනි...






තරූ




0 comments:

Post a Comment