බොලිවුඩය

දර්ශීල් සෆාරි


අවුරුදු දහයක් ගෙවිලා ගිහින් වුනත් කාටවත් තවම අමතක නැතුව ඇති ආමිර් ඛාන්ගෙ“තාරේ සමී පර්“චිත්‍රපටියෙ ඩිස්ලෙක්ෂියා රෝගයෙන් පෙළුනු දඟකාර පොඩි එකා,ඉෂාන් නන්දකිශෝර් ආවස්ති.

ඉතිං,දර්ශීල්ගෙ තවත් රඟපෑමක් නුදුරු දිනයකදීම නරඹන්න ඔබට අවස්ථාව ලැබෙනවා,හැබැයි අර පුංචි දර්ශීල්ගෙ නම් නෙවෙයි. දැන් ලොකුයි. අවුරුදු 20 ක් වයස. අවුරුදු 5 ක සිනමා නිහඬතාවයකින් පස්සෙ ඔහු එනවා අපූරු ආකර්ශනීය පෙනුමකුත් එක්ක යොවුන් ප්‍රේමණීය චිත්‍රපටියකින්. ප්‍රදීප් අත්ලුරි කියන නවක නිර්මාණකරුවගෙ “ක්විකී“චිත්‍රපටියෙන්.


අමීර් ඛාන් එක්ක හරි හරියට රඟපාමින් ඔහු “තාරේ සමී පර්“ චිත්‍රපටියෙ මොනතරම් දක්ෂ රංගනයක් කළාද කියනවනම් එදා මෙදා තුර ෆිල්ම්ෆෙයා ඉතිහාසයෙම හොඳම නළුවාට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ වුනු එකම ළමා නළුවා වෙන්න සමත්වුනා. ඒ අභිෂේක් බච්චන්,ෂාරුක් ඛාන්,ආක්ෂේ කුමාර්,ශහිද් කපූර් වගේ බොලිවුඩ් පතාක යෝධයොත් එක්ක කරට කර තරඟ වදිමින්. ඒ විතරක් නෙමෙයි “හොඳම නළුවා“ට හිමි ෆිල්ම්ෆෙයා විචාරක සම්මානය තමන් සතු කරගන්නත් මේ එකොළොස් හැවිරිදි පොඩි එකා සමත් වුනා.


ඊටපස්සෙ අපිට ඔහුව දකින්න ලැබෙන්නෙ අවුරුදු තුනකට පස්සෙ 2010 දි, ප්‍රියදර්ශන්ගෙ “බම් බම් බෝලෙ“චිත්‍රපටියෙන්. ඔස්කාර් නිර්දේශිත සංවේදී ඉරාන චිත්‍රපටියක් වුනු “චිල්ඩ්‍රන් ඔෆ් හෙවන්“හින්දි ප්‍රතිනිර්මාණය.


නැවතත් සුපුරුදු දක්ෂතාවයම දක්වපු දර්ශීල්ට ගෙවුනු පහුගිය වසර 7 තුළම නැවත රඟපාන්න ලැබෙන්නෙ නම් චිත්‍රපටි දෙකක විතරයි,එකක් දීපා මේතා‍ගෙ “මිඩ්නයිට් චිල්ඩ්‍රන්“. අනෙක Zokkomon කියලා බොලිවුඩ් සුපර්හීරෝ චිත්‍රපටියක් . කොහොම වුනත් බොලිවුඩය දර්ශීල්ගෙ හැකියාවෙන් නියම ප්‍රයෝජනය තවමත් ගත්තෙ නෑ කියලයි මට හිතෙන්නෙ. අපි බලන් ඉමු, මේ යොවුන් තාරකාව බොලිවුඩ් අඹර මොන විදිහකින් සරසයිද කියලා...



නිරෝෂ් ගුණසේකර 















බොලිවුඩ් ගීත


2000 වසරට පසුව නිර්මාණය වූ හින්දි ගීතය ලෙස අද අප තෝරාගනු ලැබුවේ දිල්ලි 6 චිත්‍රපටියේ ගීතයකි. අධ්‍යක්ෂක රාකේෂ් ඕම්ප්‍රකාෂ් මෙහෙරා විසින් 2009 වසරේ නිර්මාණය කල "දිල්ලි 6 " (delhi 6) චිත්‍රපටයේ එන "Masakali" නම් මේ ගීතයට රංගන දායකත්වය ලබා දෙන්නේ අභිෂේක් බච්චන් සහ සෝනම් කපූර්.අතීත දිල්ලිය හා බැඳෙමින් නිර්මානය වුනු මේ සිනමා නිර්මාණයේ මේ ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් වුනු ගීතයක්.ඒ වගේම ඒ වසරේ සම්මාන උලෙළවල් රැසකදී සම්මාන දිනා ගත් මේ ගීතයේ සංගීතය නිර්මාණය වෙන්නේ ආර්.රෙහෙමාන් ශූරීන් විසින්.ගීත ගායන ය මෝහිත් චෞහාන්.පද රචනය ප්‍රසෝන්  ජෝශි. Showman Pictures  නිෂ්පාදන සමාගම යටතේ නිර්මාණය වුනු මේ නිර්මාණයේ නිෂ්පාදනය සිදු කරන්නේ රාකේෂ් ඕම් ප්‍රකාෂ් ශර්මා සමඟින් Ronnie Screwvala.ඒ වගේම ඒ වසරේ "Mirchi Music Awards(2009)"  සම්මාන උළෙලේදී වසරේ හොඳම ගීතය, හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා රෙහෙමාන් ශූරීන්ද,හොඳම ගායකයා සහ හොඳම පද රචනය සඳහා පිලිවෙලින් මෝහිත් චෞහාන් සහ ප්‍රසෝන් ජෝෂි සම්මානයට පාත්‍ර වුනා. සෝනම් කපූර්ගේ බොහොම අපූරු  එවගේම හාස්‍ය පිරුනු රංගනයකින් හැඩවුනු මේ ගීතය ඔයාලට පහලින් බලන්න පුලුවන්.








2000 වසරට පෙර නිර්මාණය වූ හින්දි ගීතය ලෙස අද අප තෝරාගනු ලැබුවේ මෙම මියුරු ගීතයයි. 1973 වසරේ හින්දි සිනමාවේ නිර්මාණය වූ චිත්‍රපටි අතර යාදෝන් කී භාරට් චිත්‍රපටයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.සලීම් ජාවෙද් විසින් රචනා කර නසීර් හුසේන් විසින් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය සිදු කල මේ චිත්‍රපටයේ අන්තර්ගත වන Chura Liya Hai Tumne Jo Dil ko ගීතය වසර ගණනාවක් පුරා බොහෝ දෙනා අතර ජනප්‍රිය වුනු ගීතයක්.ආශා බෝෂ්ලේ සමඟින් මොහොමඩ් රාෆී ගායනා කරන මේ ගීතයේ රංගන දායකත්වය සීනට් අමන් සමඟින් විජේ අරෝරා. භාරතයේ පහල වූ විශිෂ්ටතම සංගීතවේදීයෙක් වූ ආර්.ඩී.බර්මාන් ශූරීන් විසින් සංගීතය නිර්මාණය කල මේ චිත්‍රපටයේ සීනට් අමන් සහ විජේ රෝයි සමඟින් ප්‍රධාන චරිත නිරූපණය සිදු කරේ ධර්මේන්ද්‍ර විසින්.නසීර් හුසේන් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටයේ මේ ගීතය සාදයක් ආශ්‍රිතව නිර්මාණය වන ගීතයක්.යුග ගණනාවක් පුරා ඉමහත් ජනප්‍රියත්වයක් දිනා ගත් මේ චිත්‍රපටයේ සංගීතය උදෙසා හොඳම චිත්‍රපට සංගීතය සඳහාත් ආර්.ඩී.බර්මාන් ශූරීන් නිර්දේශ වුනා.එම ගීතය ඔබට පහතින් රසවිඳිය හැකිය.












 
හංසි ජයතිලක 




0 comments:

Post a Comment