නවලොව



Samsung සමාගමෙන් දුරකතනයකට ඇතලත් කල නවීනතම ගුණාංගයන් සහිත සුපිරි ජංගම දුරකතනයක් වෙන Samsung S8 පහු ගිය දිනෙක ලෝකෙට ප්‍රසිද්ධ කළා. මෙහි ඇති සමහර ගුණාංග Android දුරකතන වලට ආදරය කරන පමණක් නොව ඇපල් දුරකථන පාවිච්චි කරන්නන්ගේද හිත වශී කිරීමට සමත් වෙලා තියෙනවා. High End specification හා  ආකර්ශනීය පෙනුමකින් නිකුත් වේන මේ දුරකථනය Galaxy S8 හා Galaxy S8 Plus යන මාදිලි දෙකෙන්ම වෙළඳපොලට නිකුත් වීමට නියමිතයි.



මෙම දුරකතනයට පමණක් විශේෂ වූ සුපිරි ගුණාංගයන්

  • වඩා හොඳ තිරයක්
  • Iris and Facial Scanner
  • Charging
  • පරිශීලකයාට අවශ්‍යතාවය පරිදි වැඩි කරගත හැකි මතකය (Expandable Storage Capacity)
  • 3.5mm Headphone Jack

Samsung සමාගමෙන් කියා සිටින්නේ ඇපල් පාරිභෝගියකයන්ට මෙම සිත්  ඇද බැඳ ගන්නා ගුණාංග අත්විඳීමට නම් Android දුරකතනයකට මාරු විය යුතු බවයි.


වඩා හොඳ තිරයක් / Better Screen

Samsung S8 හි Quad HD+ (2960*1440)තිරයකින් සමන්විත අතර එහි resolution පරිශීලකයාට අවශ්‍ය ආකාරයට වෙනස් කරගැනීමේ පහසුකම්ද තියෙනවා. ඇපල් දුරකතනයක් සමගින් ගත්තොත් එය ඉතාමත් ඉහල දර්ශන පරාසයක්. මොකද ඇපල් දුරකතනයක තියෙන්නේ 1080P දර්ශන තිරයක්. තවද S8 හි තිරය සාමාන්‍ය දුරකතනයකට වඩා උසින් වැඩියි. ඒ S8 හි පැරණි Home buttons ඉවත් කරලා තියෙන නිසා. [5.8 Inch/6.2 Inch, Infinity Display (Super AMOLED) Curved Screen]



 Iris and Facial Scanner


මේ දුරකතනයේ සාමාන්‍ය Touch ID ( FingerPrint ) තිබුනත් එහි ආරක්ෂාව තව දුරටත් වැඩි දියුණු කිරීමේ අරමුණින් Samsung සමාගම S8 දුරකතනයට Iris හා  Facial Scanner ඇතුලත් කරලා තියෙනවා. එය තරමක් දුරට ජංගම දුරකතනයට අලුත් ගුණාංගයක්.


Charging





මේ අලුත්ම S8 දුරකතනයේ USB- Type C පොර්ට් එකක් තමයි හඳුන්වා දීල තියෙන්නේ.එකනම් දැනට පවතින සමහර දුරකතනවල ඇතුලත් ගුණාංගයක් වුවත් Samsung සමාගමේ ප්‍රධාන තරඟකරුවා වන ඇපල් දුරකථනයන්හි ඇතුලත් නොවන ගුණාංගයක් තමයි Fast Charging කියන්නේ. කොහොම උනත් කට කතා වලටනම් කියවෙන්නේ ඇපල් සමාගමෙන් මේ වසරේ නිකුත් කරන දුරකතනයට සාමාන්‍ය Lightning Connector වෙනුවට Type C ඇතුලත් කරාවි කියන එක. තව එකක්. මේ සැරේ NOTE 7 වගේ batteryය පුපුරන්නේ නැති වෙන්න 3000mAh එකක් තමයි තියෙන්නේ 😀


Expandable Storage Capacity

මෙම S8 දුරකතනයේ Internal memory එක 64GB වුවත් Micro SD එකක් සමගින් එය 256GB දක්වා වැඩිකරගන්න පුළුවන්. විශේෂයෙන්ම Expandable Storage ඇපල් දුරකථනයන්හි දකින්නට ලැබෙන්නෙම නෑ. ඇපල් දුරකතනයක් මිලදී ගන්නවානම් 32GB,64GB,128GB යන තුනෙන් එකක් තෝරාගැනීමට සිදුවන අතර S8 මිලදී ගන්නවානම් ලැබෙන විශේෂම වාසියක්. 😉


3.5mm Headphone Jack

පහුගිය අවුරුද්දේ IPhone 7 නිකුත් කිරීමත් සමග වැඩිපුරම කතාබහට ලක්වුණ දෙයක් තමයි මේ 3.5mm Headphone Jack එක කියන්නේ. මොකද ඇපල් සමාගමෙන් එය සම්පුර්ණයෙන්ම ඉවත් කරලා Wireless HeadPhones හඳුන්වා දුන්න. ඒ කලේ කියවුන කතාවක් තමයි Samsung සමාගමෙනුත් මේ දේම සිද්ධ කරන්න යන බව. නමුත් Samsung S8 දුරකතනයේ එහෙම කරලා නැති එක පාරිභෝගියන් සැනසූ කරුණක්. මොකද Wireless HeadPhones නැති වීම, මිලෙන් අධික වීම වැනි කරානාවන් ගණනාවක් පාරිභෝගියන්ට මුහුණ දීමට සිදුවෙන නිසා.


                                                               engadget.com


ඉතින් Samsung S8 හා Samsung S8 Plus හි 3.5mm Headphone Jack එක තියෙන නිසා පාරිභෝගියන්ට අමතර මුදල් වැය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.


ඉතින් මේ තමයි Samsung S8 සතු හා ඇපල් දුරකතනයන්ට නැති ප්‍රධාන ගුණාංග. තව දුරටත් කතාකරනවානම් S8 දුරකතනයට විශේෂ වූ අලුත් AI Assistant, ඉදිරිපස Bezel-Less, Curved පුළුල් තිරය, 8MP Front Camera, Water Resistant ආදිය ගන්න පුළුවන්. මෙම දුරකතනයේ Processor එක Qualcomm's Snapdragon 835 වෙන අතර 4GB RAM ධාරිතාවකින්ද යුක්තයි.


අපගේ සඟරාවේ අනෙකුත් ලිපිද කියවන්න. Home click කරන්න. සියලුම ලිපි බලන්න.





දේවින්ද

0 comments:

Post a Comment