නවකතා මංසල

ඇසල අහසේ පෑයූ රාමලාන් සඳවතිය - 3 කොටස 






පන්තිය ඉවර වි අරවින්ද් ඇසල ලහිරු එලියට ආවේ කඩයකට ගොස් කන්නය..එහෙත් ගැහැනු ලමයෙකුගේ කටහඩ ඇසි ඇසල හැරි බැලුවා..ඒ මින්මා ය..


" අන්න ඇසලයා උඹගේ කෙල්ල කතා කරනවා " ලහිරු කතා කලා..

" පිස්සු ද යකෝ මින්මා මගේ කෙල්ල නෙවෙි අපේ අම්මාගේ අක්කාගේ දුව "

" ඉතින් බං නැනා අයිති මස්සිනාට නේ "



" මේ ඔකිට ඇහෙන්නේ කියන්න එපා මල ඇණයක් "ඇසල කිව්වා..ඇසලගේ හිතේ නැතත් මින්මාගේ හිතේ තමා ගැන අදහසක් තියෙන බව ඇසල දැන සිටියා..


" ඇයි මින්මා "

" ඇසල දැනුත් කතා කර කර හිටියේ මින්මා ගැන ඇසල මාර කැමතියි ඔයාට " ලහිරු විහිලුවට මින්මාට කිව්වා..මින්මා ලැජ්ජාවෙන් ඇඹරුනි..ඇසල ලහිරුට පහරක් ගැසුවා..

" මින්මා මේ මුන්ගේ විහිළු ඔයා ගණන් ගන්න එපා අැයි කතා කලේ ".

" ඇයි පරක්කු වුනේ වෙිලාවට එන්න මම කැමති නැ රස්තියාදු ගහනවාට එක එකා එක්ක අනිත් අය නිසා ඔයත් නාස්ති වෙනවා  " එහෙම කියා මින්මා යන්න ගියා..



" ආ බං අරවින්දයා එක එකා කිව්වේ අපි දෙන්නාට ද බං මු නාස්ති වෙන්නේ අපි නිසා ද චික් මේ වගේ හරකෙක් නාස්ති වෙන්න දෙයක් නැ මු දැන්ම නාස්ති වෙලා බලා කෝ අරකිගේ කතාව අපි නිකන් කෙල්ලෙක් පස්සේ ගිහින් ආවා වගේ අරකි කියලා යන්නේ " ලහිරුවා ඇසලට කිව්වා


" මෙහේ වරෙන් බං උඹලා දන්නවනේ කෙල්ලන්ට ටිකක් මොංගල් කියලා "

" ටිකක් නෙවේ බං මින්මාට හොදටම මොන්ගල් " එසේ කියා ලහිරු ඇසල අරවින්ද් පාර අයිනේ තිබු කැම කඩයට ගොඩ විය..

අැසල කෑම ගත්තත් අර කෙල්ලගේ මුහුණ මතක් විය..


" මොනවාද බං මනෝ පහර ගහාගෙන ඉන්නේ " අරවින්ද් ය..

" ආනිවාර්යෙන්ම අර කෙල්ල මතක් වෙලා ඇති " ලහිරු

" මට එ් කෙල්ලවම තමා බං මට මතක් වෙන්නේ "

' පිස්සු නටන්න එපා බං මෙි විභාග උඩ " ලහිරු

" ඊලග පන්තියට තව පැය බාගයක්  තියෙනවා නේද " ඇසල අරවින්ද් ඇසිය..

" ඔව් බං ඇයි "

" ලහිරුවා මට යතුර දිපන් ඉක්මනටම මම එන්නම් " ඇසල ලහිරුගේ බයික් එක යතුර ඉල්ලුවා

" කොහෙද යන්න හදන්නේ " ලහිරු


" හිටපන් මං ඉක්මනටම එනවා "

" උඹ එ්  කෙල්ලව බලන්න ද යන්නේ " අරවින්ද් ඇසුවා

" ඔව් බං මට එක පාරක් තව බලන්න ඕනා " ඇසල කිව්වා

" හරි මමත් එන්නම් යමු " ලහිරු ද නැගිට කිව්වා

" හරි එහෙම නම් යමු අරවින්ද් උඹත් වරෙන් උඹගේ එකේ "

" බැ උඹලා යමන් මම කියන්නම් පන්ති පටන් ගත්තාම "

අරවින්ද් කියු පසු ඇසල සහ ලහිරු බයික් එකට නැග්ගා..ඇසල බයික් එක පැදවිය..

" කොහෙට ද බං මල හෙ‍ා්න්තුව ගියේ "

" පුස්තකාලයට බං "

" මොනවාද බං පුස්තකාලයට රිංගන කෙල්ලෙක් හොයා ගත්තේ හොයා ගනින් කෝ "



" අනේ පලයන් ලහිරුවා එකිට මොකුත් කියන්නේ නැතුව හරිම අහිසංකයි "

" අහිංසක අය තමා ඇසල භායනක හොදට මතක තියා ගනින් "

ලහිරු කිව්වා..ඇසල කිසිවක් නොකියා කෙලින්ම ගියේ පුස්තකාලයට ය...

මාෂා පොත් කියවන්න හැදුවත් එක වචනයක්වත් මනසට වැදුනේ නැත..



මතකයට එන්නේම උදේ දැකපු පිරිමි රුව..එයා සිංහල බෝයි කෙනෙක් මම මුස්ලිම් ගර්ල් කෙනෙක් ජාති දෙකක් ආගම් දෙකක් අනික ඒ කොල්ලාව මට ආයේ දකින්න ලැබෙන්න එපා  මොකද කවදාවත් අප්පියි සෆ්රාස්‍ ඉන්නකන් නිදහසක් මට නැ " මාෂා සිතුව‍ා..


මාෂා කල්පනා කරනවා සංජලි දැක්කා

" මොනවාද මාෂා කල්පනා කරන්නේ "

" මොකුත් නැහැ "

" මම දැක්කා උදේ එනකොට වෙච්ච දේ " සංජලි කියද්දි මාෂා පොත දිහා බැලුවේ සංජලි අහපු නිසා..


" මේ බලපන් කෙල්ලේ මම දැක්කා උදේ ෂෝල් එක වැටුන කොල්ලව ද මතක් වෙන්නේ මම දැක්කා උඹත් හෝල්ට් එකේ ඉදන් ඒ කොල්ලා දිහා බලනවා උත් බැලුවා නේ බයික් එකේ පස්සෙන් ආවා පුස්තකාලය ලගටම " සංජලි කියද්දි මාෂා බැලුවේ පුස්තකාලයට එනවා මාෂා දැක්කේ නැත..


" ඒ බෝයි ආවා ද සංජලි "

" ඔව් ඇවිත් බලලා හැරිලා ගියා "

" හ්ම්ම් " මාෂා ය..

" උඹට ඒ කොල්ලාව  මතක් වෙනවා ද ' සංජලි අසන විට මාෂා ඔලුව වැනුවා


" කෙල්ලේ උඹ මෝඩ වැඩ කරන්න එපා ඒ කොල්ලා සිංහල උඹ මුස්ලිම් ආගම් දෙකක් ජාති දෙකක් දැන දැන ගින්දර වලට පනින්න එපා මෝඩ වැඩ කරන්න එපා හැගිම් වලට වහල් වෙන්න එපා  "

" ඔයා හරි සංජලි මම විනාඩි කිපයකට අතරමං වුනා..ආයේ සිංහල කොල්ලෙක් දිහා බලන්න නැ "

' මම තරහාට නෙවේ මාෂා කිව්වේ මම කැමති නැ උඹ වගේ කෙනෙක් දුක් විදිනවාට සමාජ ප්‍රශ්න වලට අපිට හැප්පෙන්න බැ "

" උඹ හරි සංජලි ".



මාෂා සංජලිට කියා දැකපු කොල්ලාව සදහටම අමතක කරන්න තිරණය කලා..පැයකට පසු පොත් කියවා සංජලි සහ මාෂා පුස්තකාලයෙන් එලියට බැහැලා බස් නැවතුම්පොළට ගියා..



 ඇසල ඉක්මනටම ආවෙි මාෂාගේ මුහුන බලනිනය..බයික් එක ලහිරුට දි පුස්තකාලය ඇතුලට ගියා..නැවත එලියට ආවෙි දුකෙන් ය..

" කෙල්ල නැ බං ගිහින් " ඇසල දුකෙන් කිව්වා

" ඔය කෙල්ලව අත ඇරපන් '

" හරි මම අමතක කරන්නම් ලහිරු හැබැයි මේ කෙල්ල මගේ ඉස්සරහට ආයේ ආවොත් ආයේ අත අරින්නේ නැ " ඇසල කිව්වා


මාෂා ඇසල එනවා දැක හෝල්ට් එක පැත්තට මුවා විය..පුස්තකාලය ඇතුලට ගිහින් එනවා මාෂා බලාගෙන සිටියා..ඒ සමගම බස් එකක් ආවා..සංජලිවත් අැදගෙන ඉක්මනටම බස් එකට නැග්ගෙ කවදාවත් ඒ පිරිමි ලමයා කවදාවත් දකින්න එපා කියලා හිතමින් ය



මතුසම්බන්ධයි


අපගේ සඟරාවේ අනෙකුත් ලිපිද කියවන්න. Home click කරන්න. සියලුම ලිපි බලන්න.




තරූ

0 comments:

Post a Comment