බොලිවුඩය

ධර්මා පවුලේ අලුත් අමුත්තන්




ඉන්දියාවේ සුප්‍රසිද්ද චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ ධර්මා චිත්‍රපට සමාගමේ අයිතිකරු වන කරන් ජෝහර් පියෙක් වීමේ ප්‍රවෘත්තිය පසු ගිය සති කිහිපයේ බොලිවුඩය පුරා බෙහෙවින් කතා බහට ලක් වුනු පුවතක්. ලංකාවට ටිකක් අලුත් දෙයක් වෙන නව තාක්ෂණික ක්‍රමවේදයක් හරහා උපත ලැබූ මේ දරු දෙදෙනා යාශ් සහ රූහි ජෝහර් විදියට තමා නම් තැබුනේ. තනිකඩ දෙමාපිය සංකල්පය ලංකාවේ නැතත් ඉන්දියාවේ එය බෙහෙවින් ප්‍රචලිතයි. කොහොම වුනත් සිනමා කර්මාන්තයේ නියැලෙන බොහෝ  දෙනා කරන් ජෝහර්ට උණුසුම් සුබ පැතුම් එකතු කරලා තිබ්බා.
ඒ වගේම සිය දරු දෙදෙනා වෙනුවෙන් බොහොම සංවේදී සටහනක් අන්තර්ජාලයට එකතු කරන්නත් කරන් පහුගිය දවසක කටයුතු කලා. අතිශය දැඩි ප්‍රතිකාර එක්ක ඉපදුනාට පස්සේ ටික දවසක් රෝහලේ ගත කරපු යාශ් සහ රූහි දින දෙකකට කලින් තමන්ගේ ආදරණීය තාත්තත් එක්ක රෝහලෙන් පිටවුනා. මීට පෙර කිහිප වතාවක්ම සුපිරි බොලිවුඩ් තරු දරුවන් ලබා ගත් සාර්ථකම වෛද්‍ය ක්‍රමවේදයක් වන Surrogate Pregnacy හරහා තමා මේ දෙන්නත් ඉපදිලා තියෙන්නෙ. අපට නම් ටිකක් අලුත් වුනාට අද දියුණු වෛද්‍ය තාක්ෂණය එක්ක මේ දේවල් බොහොම සාමාන්‍ය වෙලා. කොහොම උනත් නොමේරු තත්වයේ ඉන්න මේ ධර්මා පවුලේ අමුත්තෝ දෙන්නා ගැන තව හුඟක් විස්තර ඉස්සරහට දැනගන්න ලැබේවි.



ෂාරුක්ගෙන් ඇට මිදුලු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක්





පසුගිය දිනෙක බොලිවුඩයේ සුපිරි නලු ෂාරුක් ඛාන් මුම්බායි හී නනාවතී රෝහලේ ඇට මිදුලු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරා.ෂාරුක්ගේ මුල්‍යමය අනුග්‍රහය ඇතුව ඇරඹුනු මේ මධ්‍යස්ථානය දහස් ගණනක් පිලිකා රෝගීන්ට පිහිටක් වෙවි.මීට කලිනුත් තමන්ගේ මෑණියන් ගේ නමින් මුම්බායි හී නානාවටී රෝහලට පිලිකා ප්‍රතිකාර ඒකකයක් ලබා දෙන්නත් ඔහු කටයුතු කරලා තිබුනා.නානාවටී රෝහල මුම්බායි හී ප්‍රධාන පෙලේ රෝහලක් වන අතර ඉහත මධ්‍යස්තාන නිසා රෝගීන්ට විශාල සෙතක් සැලසෙන බවයි ඉන්දියානු මාධ්‍යවල අදහස.
         
මේ හරහා විනාශ වූ හෝ හානියට පත් ඇට මිදුලු වෙනුවට නව ඇට මිදුලු බද්ද කිරීමට හැකි වෙනවා.බොහොමයක් ලේ  සහ පිලිකා තත්ව සඳහා කල හැකි එක් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මේ ඇට මිදුලු බද්ධ කිරීම හඳුන්වන්න පුලුවන් කියලා තමයි නානාවටී රෝහලේ වෛද්‍ය නිමිෂ් කුල්කර්නි මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ.



බොලිවුඩ් ගීත 

බොලිවුඩ් ගීත අතුරින් අද අප තෝරාගනු ලැබුවේ මෙම මිහිරි ගීත ද්විත්වයයි.


90 දශකයේ මැද භාගයේ බොලිවුඩය හෙල්ලු චිත්‍රපටයක්නේ DDLJ එහෙමත් නැත්තම් "Dilwale Dulhaniya Le Jayenge" කියන්නේ.හදවත ඇත්තා මනාලිය රැගෙන යයි කියන තේමාවෙන් නිර්මාණය වුනු මේ චිත්‍රපටය බොලිවුඩයට ආදරය කරන හැමෝගෙම සිත් වසඟ කරපු චිත්‍රපටයක්.ඒ වගේම අවුරුදු 20කටත් අධික කාලයක් තිරගත වුනු බොලිවුඩයේ දීර්ඝතම කාලයක් තිරගත වුනු චිත්‍රපටය.ඇත්තටම මේ චිත්‍රපටය බොලිවුඩයේ එක් legendry movie එකක් විදියට තමා හැඳින්වෙන්නේ..මුම්බායි වල "මරාති මන්දිර්" සිනමා ශාලාව තමයි වසර 20කට අධික කාලයක් පුරාවට මේ චිත්‍රපටය තවමත් ප්‍රදර්ශනය කරන්නේ.රාජ් සහ සිම්රන් වගේම බොලිවුඩයේ අතිශය ජනප්‍රිය iconic scenes රැසක්ම අන්තර්ගත මේ චිත්‍රපටය හා බැඳුණු පරම්පරා රැසක් වගේම සංස්කෘතියක් ඒ වගේම හින්දි ව්‍යවහාරික භාෂාව හා බැඳී ගිය දෙබස් අදටත් අන්තර්ගත අතිවිශිශ්ටම සිනමා නිර්මාණයක් තමයි DDLJ.


ෂාරුක් ඛාන්,කාජල් සමඟ ෆරීඩා ජලාල්,අම්රිෂ් පුරි ,අනුපම් කේර් ,කරන් ජෝහර් වැනි විශිෂ්ටයින් රැසක් දායක වුනු මේ චිත්‍රපටය වැඩිමෆිල්ම්ෆෙයාර් සම්මාන සංඛ්‍යාවක් දිනාගෙනත් තියෙනවා. මේ චිත්‍රපටයේ එන Ruk Ja O Dil Deewane ගීතය එදා මෙදා තුර හින්දි සිනමාවේ රැව් පිලි රැව් දෙන ගීතයක්. ස්විස්ටර්ලන්තයේ අවන්හලක රූ ගත කෙරුණු මේ ගීතය ෂාරුක් ඛාන් සමඟ කාජල් රංගන දායකත්වය ලබා දෙනවා. ජතින් පණ්ඩිත් හා ලලිත් පණ්ඩිත් විසින් සංගීත නිර්මාණය කල මේ ගීතයේ පද රචනය ආනන්ද් භක්ෂි. ගායනය උදිත් නාරායන්.

යාශ් රාජ් චිත්‍රපට බැනරය යටතේ අධ්‍යක්ෂණය වගේම නිෂ්පාදනය ආදිත්‍ය චොප්රා. බොහොම රසවත් සිද්දි ගණනාවක්ම සඳහන් වෙන මේ චිත්‍රපටයේ නිර්මාණය කිරීමේදී මේ ගීතය අවසානයේ එක් හාස්‍යජනක දර්ශනයක් තියෙනවා. ඇත්තටම සිම්රන් (කාජල්) බොහොම නුරුස්සන සහ තරහකින් තමා ඉන්නේ රාජ් (ෂාරුක් ඛාන්) සමඟ. රාජ් මේ ගීතය ගයන්නේ සිම්රන්ට. ගීතය අවසානයේදී රාජ් සිම්රන් එක්ක නර්තනයේ යෙදිලා ඇයව බිම අතහරිනවා. ඇත්තටම රූපගත කිරීමෙදී කාජල් මේ ගැන දැනුවත් වෙලා හිටියේ නැති බවත් එය ආදිත්‍ය චොප්‍ රා සහ ෂාරුක් ඛාන් පමණක් දැන සිටි බවත් එ රූප රාමුවෙ කාජල් ගේ ප්‍රතිචාරය රඟපෑමක් නොව සත්‍යම ප්‍රතිචාරය බවත් වසර 20ක් සපිරුණු අවස්තාවේ කාජල් ප්‍රකාශ කරල තිබුනා. ඉතින් මේ සුන්දර වගේම රසවත් ගීතය පහතින් නරඹන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.







 
2007 වර්ෂයේ ප්‍රදර්ශනය කෙරුණු "සාවරියා (Saawariya) " චිත්‍රපටය බොහෝ දෙනාගේ මතකයේ රැඳුණු චිත්‍රපටයක්. බොලිවුඩයට දක්ෂ නලුවෙක් හා නිලියක් හඳුන්වා දුන් චිත්‍රපටයක් වන මෙහි රංගන දායකත්වය රන්බීර් කපූර් සමඟින් සෝනම් කපූර්. අධ්‍යක්ෂණය සංජේ ලීලා බන්සාලි.රන්බීර් සහ සෝනම් ගෙ ප්‍රථම චිත්‍රපටය වෙන්නෙත් සාවරියා.එම චිත්‍රපටයේ එන මේ ගීතය බොහොම ජනප්‍රිය වෙන්නේ රන්බීර්ගේ අපූරූ රංගනය නිසා. මුලු ගීතය පුරාම තුවායක් හැඳගෙන  රන්බීර් කරපු රංගනය බොලිවුඩයේ බොහොම ජනප්‍රිය වුනා.මේ ගීතය ගායනය ශාන්. ගීත රචනය සමීර්.සංගීතය මොන්‍ටි ෂර්මා. මෙම ගීතය ගායනා කිරීම උදෙසා 53න් වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී ශාන් හොඳම ගායකයා ලෙස අභිෂේක ලැබුවේ A.R. රහමාන්, සෝනු නිගාම් වැනි ගායකයින් අභිබවා යමිනි. SLB චිත්‍රපට බැනරය යටතේ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සංජේ ලීලා බන්සාලි විසින්.රන්බීර් සහ සෝනම් කපූර්ට අමතව මෙහි රාණි මුකර්ජි,සල්මාන් ඛාන් රංගනයෙන් දායක වෙනවා.ගීතය ඔබට පහතින් රසවිඳින්න පුලුවන්.






අපගේ සඟරාවේ අනෙකුත් ලිපිද කියවන්න. Home click කරන්න. සියලුම ලිපි බලන්න. 




හංසි ජයතිලක

0 comments:

Post a Comment