ලසා එක්ක ජීවිතේ

උත්සහවන්තයා ජය නොගනී





දුක හිතේ හිර කරගෙන ඉන්න උඹ ඇත්තටම පරාජිතයෙක්..ඔයා දන්නවද දරුවො ප්‍රසිද්ධ කියමනක්...

++නුඹ සිනහසෙන කල් හී ලෝකය නුඹ සමඟ සිනාසෙයි++

++නුඹ වැලපෙන කල් හී ලෝකය නුඹ අතහැර සිනාසෙයි++


        හැමදවසකම නව සොයාගැනීම් බිහිවෙනවා..ඒවා කරන්නෙත් මිනිස්සු...බලපන් උඹේ දිහා...හැම දවසක්ම උඹට එක වගේ...අලුත්  බලාපොරොත්තු නෑ...
පරණ අතීතය කියන කුණු ගොඩවල් හාර හාර උඹ එක තැනකට වෙලා කියවනව...උඹ හරියට ඔරලෝසුවක් වගේ...එකම දේ කරනවා...උඹට දැනෙනවා නේද කළුවර කාමරයක බිම තනියම උඹ වාඩිවෙලා ඉන්නව වගේ හැඟීමක්...ඔව් එහෙම දැනෙනවා...මොකද උදේ දවල් හවස රෑ උඹ හීන දකින්නෙ කල්පනා කරන්නෙ මතක් කරන්නෙ උඹ පරාදයි උඹට බෑ උඹ ජිවිතේ විනාශ කරගෙන වගේ තේරුමක් නැති දේවල්...


       හිතපන් මචං.....උඹේ ජිවිතේ බස් එකක් නම්...උඹ ඒකපදවන රියදුරා නම් උඹේ වගකීම වෙන්න ඕන පරිස්සමට බස් එක ගමනාන්තය වෙනකම් අරගෙන යන්න...ඒ යන අතරතුර බස් එකෙන් මිනිස්සු බැහැල යනව වගේම බස් එකට මිනිස්සු නගිනව...බැහැල යන මිනිහෙක් ආපහු බස් එකට නගිනකම් බලාගෙන ඉන්න එකවත් නගින්න ඉන්න මිනිහෙක් ගෙදර ඉඳගෙන ලැස්ති වෙලා බස් එකට නගින්න එනකම් වත් බස් එක නවත්තගෙන ඉන්න එක නෙවෙයි උඹ කරන්න ඕන...ගමනාන්තය වෙනකම් යන මගීන්වෙනුවෙන් බස් එක ඉදිරියටම ධාවනය කරන එක...උඹේ ජීවිතය කියන බස් එකේ කවුද ගමනාන්තය දක්වා යන මගීන්...ඔව් අම්ම තාත්ත අක්ක නංගි මල්ලී බලල පූසා ඔය ඕන කෙනෙක්....එතකොට බස් එක ආව පාරෙ කඳු පල්ලම් වංගු වලවල් දරාගෙන ගමනන්න්තය දක්වා ආව මගීන්අතර කෙනෙක් ඇති බලපන්..අන්න එයා තමයි උඹ ගැන දන්නෙ..එයා තමයි උඹට වැඩිපුරම කැමති...



       ගොඩක් එවුන් ජිවිතේ කෙලව ගන්නෙ ලව් ඇන්ඩ් බේබදුකම හින්ද...කොල්ලො නම් දෙකෙන් පංගුවක් බේබදු කම...කෙල්ලො නම් 99%ක් වගේම ලව් හින්ද...ලව් කියන්නෙ දැන් කාලෙ එවුන්ට කුපාඩිකමට කියන තව එක වචනයක් උනාට ආදරය කියන්නෙ බැඳීමක ප්‍රතිපලයක්...උඹත් උඹේ අම්මගෙයි අප්පච්චිගෙයි ආදරේ ප්‍රතිපලයක්...හය හතර නොදන්නා ෆැන්ටසි එවුන් ලව් කරන්න යනව කියල ගිහින් කරන්නෙ හැට්ටේ අස්සෙ අතදාගෙන කම්සැප විඳලා අන්තිමට ඒවා දරාගන්න මානසික ශක්තියක් නැති උනහම කියව කියවා යාම...හරියට ජිවිතේ අවතැන් වෙලා ඉන්න උඹ වගේ....


        මිනිස්සු වැරදී කරනවා ඒවා නැවත නැවත කරනවා සහා නැවත වැරදී නොකරන්න ඉගෙන ගන්නව...තරුණයෝ හැටියට අපි උඹල වැරදි කරන්නෙ නෑ.ඒවාට කියන්නෙ වැරදී නෙවෙයි අඩුපාඩු...මිනිස්සු වරද්ද වරද්ද තමයි ජිවිතේ ගොඩ නගාගත්තේ...බලපන් උඹ...එක පාරක් වරද්ලා එක තැනටම වෙලා හොරිකඩ බල්ලෙක් වගේ නහයෙන් කෙඳිරි ගගා එකතැන චාටර් වෙනව...


මම දන්නව උඹ ආසයි ලස්සන වාහනයක යන්න....හොඳම ෆෝන් එකක් පාවිච්චි කරන්න....ලස්සන ගෙයක් හදන්න..සේරටම කලින් අම්ම තාත්ත රජෙක් රැජිනක් කරන්න...ඉතිං උඹට පුළුවන් ඒ දේවල්...කෝ උඹමයි ඒවාට වලවල් කපාගෙන ඉන්නෙ වල අස්සෙම වැළලිලා...


        මහලොකුවට අවුරුදු 2500ක අතීතය කිව්වට උඹ නිකන් වචන වලින් කියවන එකෙක් විතරයි...උඹට දැක්මක් නෑ...අරමුණක් නෑ...දැක්මක් ඇති හැබැයි උඹ වැඩ කරන්නෙ නෑ...උඹ හීන දකිනව සැලසුම් කරනවා විතරයි..ඒවා ක්‍රියාත්මක කරන්නෙ නෑ...ඉතින් උඹට පුලුවන්ද උඹ දකින ටාගට් එලට යන්න...බෑ කවදාවත් බෑ....


#සිහින දැකීම #සිහින විශවාස කිරීම #සිහින සැලසුම් කිරීම #සිහින ක්‍රියාත්මක කිරීම  


         මේ ලෝකෙ මිනිස්සු 100 ක් ගත්තොත් 100ම සිහින දකිනව...එතනින් 75 දෙනෙක් සිහින විශ්වාස කරනවා....එතනින් 50 දෙනෙක් සිහින සැලසුම් කරනවා...එතනින් 25 දෙනෙක් සිහින ක්‍රියාත්මක කරනවා..එතනිනුත් ගොඩක් දෙනෙක් එක පාරක් කඩාගෙන වැටුනම ආයෙම පරණ ගන්ධබ්බ ජීවිතේටම එනව....


          උඹට මතකද විදුලි බල්බය හොයාගත්තු තෝමස් අල්වා එඩිසන් මහත්තයා...එතුමා බල්බ් එක හදන්න ගිහින් 999 වතාවක් ෆේල් උනා නෙවෙයි...එතුමා බල්බ් එක හදන්න බැරි ක්‍රම 999ක් හොයාගත්ත...


           කලින් කිව්ව මතකද අර සිහින ක්‍රියාත්මක කරන 25 දෙනාගෙන් ටික දෙනයි සිහින ජයගන්නේ කියල...හේතුව දැකල ඇති මිනිස්සු උපන්දා ඉඳන් උත්සහ කරනවා ජිවිතේ දිනන්න...උත්සහ වන්තයා දිනනවා කිව්වට කෝ දිනලා නෑනෙ කියල කාටහරි කියන්න පුළුවන්...ඔව් උත්සාහවන්තයා දිනන්නෙ නෑ...වෙනස් විදිහට උත්සහ කරන කෙනා දිනනවා...මොකද එකම විදිහට උත්සහ කරල වෙනස් උත්තර බලාපොරොත්තු වෙන්න බෑ කාටවත්...


ඉතිරිය ලබන සතියට


අපගේ සඟරාවේ අනෙකුත් ලිපිද කියවන්න. Home click කරන්න. සියලුම ලිපි බලන්න.


ලසා

0 comments:

Post a Comment