දියවැඩියාව - (Diabetes) 3 කොටස

දියවැඩියාව ආහාර සහ ව්‍යායාම





පසුගිය ලිපියෙන් අප දියවැඩියාව හදුනා ගන්නා ආකාරය පිලිබදව සාකච්චා කළා. මෙම ලිපිය මගින් අප දියවැඩියා රෝගීන් විසින් පිළිපැදිය යුතු අහාර සහ ව්‍යායාම පිලිබදව අවදානය යොමු කරමු. වර්තමානයේ වෛද්‍ය විද්‍යාව තුල තවමත් දියවැඩියාව නිට්ටාවටම සුව කල නොහැකි වුවත් සාර්ථකව පාලනය කර ගත හැකි ඖෂධ බොහොමයක් පවතී.
ඉන්සියුලින් වැනි හෝමෝනමය ප්‍රතිකාර වල සිට පෙති ඇතුළු විවිධ ඖෂධ වර්ග පවතී. වෛද්‍යවරුන් විසින් සුදුසු රෝග විනිශ්චයකින් සහ රෝගියාගේ රොය පවතින මට්ටම හදුනාගැනීමෙන් පසුව සුදුසු ඖෂධ නියම කරනු ලබයි. නමුත් රෝගය පාලනය කිරීම වෛද්‍යවරයාට සහ ඖෂධ මගින් පමණක් සිදු කල නොහැක. බොහෝ රෝගීන් වරද්දා ගන්නා තැනද මෙයයි. බොහෝ රෝගීන් ඖෂධ නියම කිරීමෙන් පසු සිතන්නේ ඖෂධ පමණක් රෝග පාලනයට සෑහෙන අතර ඔවුන් රෝගීන් ලෙස විශේෂයෙන් කල යුත්තක් නොමැති බවයි. නමුත් සත්‍යය වන්නේ වෛද්‍යවරයා හෝ ඖෂධ පමණක් නොව රෝගියටද රෝග පාලනයට විශේෂ වගකීමක් පවතී. විශේෂයෙන් අහාර පාලනය සහ ව්‍යායාම ඉන් ප්‍රධාන තැනක් ගනී. සැබවින්ම නම් රෝගියා නිසිලෙස වෛද්‍ය පුඅදෙස් පිළිපදිමින් අහාර පාලනය සහ ව්‍යායාම වල නිරත වන්නේ නම් වෛද්‍යවරයාගේ සහ ඖෂධ වල කාර්යභාරය කුඩා මෙන්ම පහසු වේ. අවසානයේ රෝගය නිසිලෙස පාලනය වීමේ වාසිය රෝගියා වෙතම ලැබේ. එම නිසා නිසිලෙස වෛද්‍ය උපදෙස් පිළිපැදීම මෙන්ම නොදන්නා කරුණු වෛද්‍යවරයා ලවා පැහැදිලි කරවාගැනීමේ වගකීමද රෝගියා වෙත පැවරේ.



දියවැඩියාව සහ අහාර



 කලින් සදහන් කලාක් මෙන්ම අහාර පාලනය දියවැඩියා රෝග ප්‍රතිකාර කිරීමේදී ඉතාමත්ම වැදගත් තැනක් ගනු ලබනවා. නිසි අහාර පාලනය මගින් රෝග පාලනය මෙන්ම නිසි පෝෂණයක් ලැබීම නිසා රෝගියාගේ කායික මෙන්ම මානසික සෞඛ්යද ඉහළ නැංවේ. තවද අහාර පාලනයෙන් පමණක් HBAC1 මට්ටම 1% - 2% අඩුකර ගත හැක. නමුත් රෝගීන් අතර පවතින තවත් දුර්මතයක්ද මෙහිදී සදහන් කල යුතුය, ඇතැම් රෝගීන් තමන්ට දියවැඩියාව යැයි දැනගත් පසු ඔවුන් අහාර ගැනීම හැකි තාක් සිමා කිරිමට උත්සහ දරයි, නමුත් අහාර යනු අපගේ ජීවිතය පවත්වාගැනීමට අත්‍යවශ්‍ය සාධකයකි, අහාර අවශ්‍ය ප්‍රමාණයට වැඩ ගැනීම හානිකර මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට මෙන්ම අවශ්‍ය සංඝටක අඩංගු වන පරිධි සමබල අහාර වේලක් නොගැනීමද එක සේ හානිකරය. අහාර පාලනය යනුවෙන් අදහස් වන්නේ අහාර ගැනීම හැකිතාක් සිමා කිරීම ලෙස ඇතැම් අය සිතයි, නමුත් අහාර පාලනය යන්නේ නියම අරුත වන්නේ අහාර සුදුසු ප්‍රමාණයට නිසි පෝෂක අඩංගු වන ලෙස සුදුසු ආකාරයෙන් ගැනීමයි.


අහාර පාලනය අප කොටස් දෙකකට සාකච්චා කරමු, ප්‍රථමයෙන් අහාරයේ අඩංගු විය යුතු සංඝටක වශෙයෙන් සහ අහාර ලබා ගන්නා අකාරය ලෙස.


සාමාන්‍යයෙන් අප කව්රුත් දන්නා පරිදි සමනය ආහාරයක අඩංගු වියයුතු ප්‍රධාන සංඝටක ලෙස ගතහොත්.


  • කාබෝහයිඩ්රේට


අප සෑම කෙනෙක්ම දන්නා පරිදි, කාබෝහයිඩ්රේට අපගේ ආහාරය තුල අඩංගු ප්‍රධානතම සංඝටකය මෙන්ම සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දෙන ප්‍රධානතම අකාරය ද වේ. කාබෝහයිඩ්රේට එනම් පිෂ්ටය අඩංගු අහාර ජීරණය වීමෙන්  ග්ලුකෝස් වැනි සරල සිනී සිරුරට උරා ගනී.


කාබෝහයිඩ්රේට අඩංගු අහාර බොහොමයක් ඇත බත්, පාන්, ධාන්‍ය, කේක්, බිස්කට් ලෙස සාමාන්යෙන් එදිනෙදා ගන්නා අහාර විශාල ප්‍රමාණයක් ඇත. බත් එසේත් නැත්නම් සහල් ගතහොත් සහල් විවිධ වර්ග පවතී සම්බා, බාස්මති, නාඩු. පොදුවේ ගතහොත් මේ සියල්ලම කාබෝහයිඩ්රේට  වේ නමුත් ගැටලුව මේ සෑම අහාරයකම ඇත්තේ එකම කාබෝහයිඩ්රේට ප්‍රමාණයක් ද, එම අහාර මගින් සිරුරේ ග්ලුකෝස් මට්ටම වෙත ඇති කරන බලපෑම එක සමානද? පිළිතුර නැත යන්නයි. එක් එක් අහාර මගින් සිරුරට ලැබෙන ග්ලුකෝස් ප්‍රමාණය මෙන්ම එය සිරුරට උරා ගැනීමට ගතවන කාලයද වෙනස් වේ. අප බොහෝ දෙනෙක් සිතනුයේ අප සැලකිය යුත්තේ යම් ආහාරයක් මගින් සිරුරට ලැබෙන සීනි එසේත් නැතිනම් ග්ලුකෝස් ප්‍රමාණය පමණක් බවයි, නමුත් ප්‍රමාණය පාන්මෙන්ම එය සිරුරට උරාගැනීමට ගත වන කාලයද සැලකීමට භාජනය කල යුතුය. එය මෙසේ පැහැදිලි කල හැක. පාන්, බනිස්, කේක් වැනි කෘතිමව පිළියෙළ කල අහාර අහාර ජීරණ පද්ධතියට ජීර්ණය කිරීම පහසුය, ඒවා එක්මනින් ජීරණය වී විශාල ග්ලුකෝස් ප්‍රමාණයක් සිරුරට එකවර උරාගනු ලබනවා, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම අඩපන වූ දියවැඩියාව වැනි රෝගයකදී විශාල ග්ලුකෝස් ප්‍රමාණයක් පාලනය කර ගැනීමට සිරුරට අපහසු වනවා, එවිට රුධිරයේ සීනි මට්ටම එක වර ඉහළ නැගීමට ලක් වනවා, තවද ඉක්මනින් අහාර ජීරණය වන නිසා එක්මනින් බඩගින්න ඇති වීමද සිදු වනවා. නමුත් බත් විශේෂයෙන් සකස් කිරීමට ලක් නොකරන ලද (Non polished )දුබුරු පැහැති සහල් ජීරණය කිරීම සිදු වන්නේ ඉතාමත් සෙමින්ය එවිට උර ගැනීමටද සෑහෙන කාලයක් ගත වන අතරම, සෙමෙන් අවශෝෂණය සිදුවන නිසා රුධිරයේ සීනි මට්ටම එහල යාමද පාලනය වන අතර, නිතර බඩගිනි ඇති වීමද පාලනය වනවා.


නමුත් දැන් ඔබට ගැටළුවක් ඇති, කාබෝහයිඩ්රේට ආහාරයක අඩංගු සීනි ප්‍රමාණය මෙන්ම අවශෝෂණයට ගතවන කාලය වැඩි සුදුසු අහාර අප හදුනාගන්නේ කෙසේද? ඔබ වාහනයකට ඉන්ධන ලබා ගැනීමේදී දැක ඇති ඔක්ටේන් අගයක්, ඔක්ටේන් අගය මගින් ඉන්ධනය ගුණාත්මක බව ප්‍රකාශ කෙරේ, කාබෝහයිඩ්රේට අහාර වලටද එවන් මිනුමක් පවතී, එය ග්ලයිසීමික් අගය (Glycemic Index) ලෙස හදුන්වයි, ග්ලයිසීමික් අගය අඩු අහාර අප ඉහත සදහන් කල සුදුසු ගුණයන්ගෙන් යුක්ත වනවා.


සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි බොහෝ දෙනෙකුගේ ප්‍රදාන ආහාරය වන්නේ බත් ය. සහල් අතුරින් ග්ලයිසීමික් අගය අඩුම වන්නේ බාස්මති සහල් වලය, නමුත් එය තරමක් මිලෙන් අධික නිසා ඉන් පසුව වඩාත් සුදුසු වන්නේ නාඩු සහල්ය ඉන් පසු නිවුඩු සහල්ය, නමුත් අපි බොහෝ දෙනෙක් ප්‍රියකරනා සම්බා සහල් වල ග්ලයිසීමික් අගය තරමක්  ඉහළ වේ එම නිසා සම්බා දියවැඩියා රෝගීන්ට එතරම් සුදුසු නොවේ.




සාමාන්යෙන් දියවැඩියා රෝගියෙකුගේ බත් පිගානෙන් 1/3ක් බත් වීම සුදුසු ය. නමුත් සැබවින්ම නම් දියවැඩියා රෝගියෙකුට පමණක් නොව සාමාන්‍ය පුද්ගලයෙකුටද සුදුසු ප්‍රමාණය මෙයයි.


පාන්, කේක්, මුරුක්කු, ක්ෂණික නුඩ්ල්ස් වැනි අහාර වල ග්ල්ය්සිමික් අගය ඉතාමත් ඉහළ වේ. දියවැඩියා රෝගීන්ට පමණක් නොව සමනය අයෙකුට වුවද නිතර ආහාරයට ගැනීම නුසුදුසු ය.


ධාන්‍ය, කව්පි, කඩ, මුන් අට වැනි ධාන්‍ය වර්ග වලද ගල්යිසිම්ක් අගය අඩු අතර, උදැසන ආහාරයට මෙවන් ධනයම ආහාරයක් ගැනීම දියවැඩියා රෝගීන්ට සුදුසු ය.



  • ප්‍රෝටීන් 


ප්‍රෝටීන් ද අපගේ ආහාරයේ වැදගත් ස්ථානයක් උසුලයි. සිරුරේ වර්ධනය මෙන්ම නිසි පරිදි සිරුර පවත්වාගෙන යාමට මෙන්ම ප්‍රෝටීන් ශරීරයට අවශ්‍ය ශක්තියෙන් 10 – 20% අතර ප්‍රමාණයක්ද සපයයි. ආහාරමය ප්‍රෝටීන් සාමාන්යෙන් වර්ග දෙකකට බෙදා දැක්විය හැක, සත්ව ප්‍රෝටීන් සහ ශාකමය ප්‍රෝටීන් ලෙස. සත්ව ප්‍රෝටීන් ලෙස මස්, මාළු, කිරි, බිත්තර හැදින්විය හැක.  ශාකමය ප්‍රෝටීන් ලෙස සෝයා, රනිල භෝග වල ප්‍රෝටීන අඩංගු වේ.


සත්ව ප්‍රෝටීන් ගත හොත් බොහෝ දෙනෙක් ආහාරයට ගනු ලබන කුකුල් මස් වල සැම ඉවත් කිරීමෙන් පසු අහරයට ගැනීම සුදුසුය, ඌරු මස් වැනි තෙල් අධික මස් වර්ග ආහාරයට ගැනීම නුසුදුසු ය. තවද ඉස්සන් දැල්ලන් වැනි ආහාරද නිතර ගැනීම දියවැඩියා රෝගීන්ට සුදුසු නොවේ.  මාළු ආහාරයට ගැනීම ඉතාමත් ගුණ දායකය එයිනුත් රතු පැහැති මාළු වර්ග සුදු පැහැති මාළු වර්ග වලට වඩා ගුණයෙන් යුක්ත වේ. කිරි වලින් යොදය ඉවත් කාරන ලද කිරි වර්ග දිය වැඩිය රෝගීන්ට සුදුසු වේ. බිත්තර සුදු මදය පමණක් සිය වැඩියා රෝගීන් ආහාරයට ගත යුතුය, කහා මදය තුල අඩංගු මේදය දියවැඩිය රෝගීන්ට අහිතකර වේ. තවද මස් මාළු දින්නපතාම ආහාරයට ගැනීම ම ද අතයවස්ය නොවේ සාමාන්යෙන් සතියකට දින දෙකක් හෝ තුනක් ආහාරයට ගැනීම ප්‍රමණවත් වේ.


ශාකමය ප්‍රෝටීන් ලෙස සොයා, කව්පි කඩල, රනිල භෝග දියවැඩියා රෝගීන්ට සුදුසු ය. විශේෂයෙන් නිර්මාංශ පුද්ගලයින් මෙවැනි අහාර වැඩි පුර ගත යුතු ය. තවද යොදය රහිත කිරි වර්ග මගින් ද ඔවුන්ට අවශ්‍ය ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගත හැක.



  • මේදය 


මේදයද සිරුරට ශක්තිය ලබා දෙන ප්‍රධානතම ශක්ති ප්‍රභවයක් වේ, තවද ඇතැම් විටමින් වර්ග අවශෝෂණය සදහාද මේදය අවශ්‍ය වේ.


දියවැඩියා රෝගයේ දී රුධිරයේ සීනි මට්ටම පමනක් නොව රුධිරයේ මේදය එසේත් නැතිනම් ලිපිඩ මට්ටමද වෙනස් වීමකට ලක් වේ. එම නිසා මේද පරිභෝජන ගැනද රෝගීන් සැලකිලිමත් විය යුතුය. රෝගින්ටපමන්ක් නොව නිරෝගී පුද්ගලයන් පවා මේද හරිභෝජනය පාලනය කිරීම අනාගතයේදී රෝග වලක්වා ගැනීමට වැදගත් ය. මේදය ද ප්‍රෝටීන් මෙන්ම සත්ව මේද මෙන්ම ශාකමය ලෙස වෙන් කල හැක. නමුත් සත්ව මේද වලට වඩා ශාකමය මේද හෙවත් තෙල් වඩාත් සුදුසු වේ. සත්ත්ව මේද ලෙස බටර්, සත්ත්ව තෙල්, බිත්තර කහ මදය තුල අඩංගු සංතෘප්ත මේද සිරුරට එතරම් හිතකර නොවේ, තවද සත්ව මේද තුල කොලෙස්ටරෝල් අඩංගු වේ. නමුත් සත්ව මේද වලට සාපේක්ෂව ශාකමය මේද හෙඅත් තෙල් වල සංතෘප්ත මේද ප්‍රමාණය අඩු අතර අසන්තෘප්ත මේද වැඩි අතර එය සිරුරට හිතකර වේ. තවද ශාකමය මේදය තුල කොලෙස්ටරෝල් අඩංගු නොවේ. ශාකමය මේද අතුරින් වඩාත් සුදුසු වන්නේ ඔලිව් තෙල් ය. නමුත් අප බොහෝ දෙනා භාවිතා කරනු ලබන පොල් තෙල් ද ඉතාමත් සුදුසුය. නමුත් ගැටලුව වන්නේ අප රටේ පවා පිරිසිදු පොල් තෙල් සොයා ගැනීම තරමක් දුෂ්කරය, බොහෝ විට අප භාවිත කරනු ලබා පොල් තෙල් වෙනත් තෙල් වර්ග කලවම් කරනු ලැබූ ඒවාය. දියවැඩියා රෝගීන් නිතරම තෙල් සහිත අහාර ගැනීම නුසුදුසුය. විශේෂයෙන් සතියකට දෙවරක් පමණ අහාරයට ගැනීම වඩාත් සුදුසු ය.



  • ආහාරමය තන්තු


ආහාරමය තන්තු ජීරණය වීමකට ලක් නොවන නමුත් අනෙකුත් අහාර ජීරණය ක්‍රමවත් කරන අතරම, අහාර ජීරණ පද්ධතියේ නිරෝගී පැවැත්මටද උපකාරී වේ. සාමාන්යෙන් අප ගනු ලබන බොහොමයක් ස්වභාවික අහාර වල තන්තු අඩංගු වුවත්, සකස් කරන ලද අහාර, උදාහරණ ලෙස පන්, බනිස්, සහල් පිටි අහාර වල තන්තු ප්‍රමාණය අඩුය. එම නිසා කෘතිමව සකස් කරන ලද අහාර වර්ග වලට වඩා ස්වභාවික අහාර බත්, ධාන්‍ය ආහාරයට ගැනීම වඩාත් සුදුසු ය.



  • ලුණු


ලුණු අධිකව ආහාරයට ගැනීම රෝගී නිරෝගී කටත් අහිතකරය, සාමාන්යෙන් වැදුණු පුද්ගලයෙක් දිනකට ලුණු 6g කට වඩා පරිභෝජනය නොකළ යුතුය. එය සාමන්යෙන් තේ හැදී 2ක් පමණ වේ. විශේෂයෙන් දියවැඩියාව මෙන්ම අධි රුධිර පීඩනය සහිත පුද්ගලයන්ද අධික ලුණු භාවිතයෙන් වැළකිය යුතුය. තවද



  • විටමින් 


විටමින් යනු සිරුරේ ශක්තිය නිපදවීමට භාවිතා නොවන නමුත් සිරුරේ ප්‍රරිවෘත්තිය ක්‍රියා සදහා සුළු ප්‍රමාණ වලින අවශ්‍ය වන විවිධ කාබනික සංයෝග වේ. විශේෂයෙන් විටමින් E ආදී ප්‍රති ඔක්සි කාරක මගින් සිරුරේ සෛල වලට හානි වීම වලකයි.  සාමාන්යෙන් අප අහාරයට ගන්නා එළවලු, පලතුරු, ධාන්‍ය මාළු වැනි කිරි, බිත්තර, මාළු තුල මෙම විටමින් අඩංගු වේ. නමුත් කෘතීම ලෙස විටමින් වර්ග ලබා ගැනීමෙන් විශේෂ වාසියක් නොලැබෙන බවද සදහන් කල යුතුම ය.


මින් පසු අප අහ්හර ලබා ගන්නා රටාව පිලිබදව අවදානය යොමු කරමු. සරලවම ගතහොත් අප ආහාර මගින් ලබාගන්නා ශක්තිය නැවත වැය කල යුතුය නැතහොත් අතිරික්ත ශක්ති ප්‍රමාණය සිරුර තුල ගබඩා වීමකට ලක් වේ. දියවැඩියා රෝගියෙකු ගතහොත් තමන් ලබා ගන්න අහාර ප්‍රමාණය තමන්ගෙ ශාරීරික ක්‍රියාකාරිත්වය මත පදනම් විය යුතුය. මෙය මන ගත හැකි හොදම මිනුම වන්නේ සිරුරේ බර වැඩි වීමයි. සිරුරේ බර අධික රෝගීන් අහාර පාලනය මගින් නියමිත බර ලබා ගැනීම එය පවත්වා ගැනීමටද කටයුතු කල යුතුය.


දියවැඩියා රෝගියෙකුගේ දෛනික අහාර වේලක් ගත හොත්, 


උදැසන ආහාරය ලෙස කව්පි, කඩල වැනි ධාන්‍යමය ආහාරයක් සුදුසු ය, නැතිනම් සුදුසු බත් වර්ගයක් එළවලු වැඩි ප්‍රමාණයක් ගැනීමද සුදුසුය. තවද තේ හෝ කිරි භාවිත කරන්නේ නම්, සීනි අඩුවෙන් සහ යොදය රහිත කිරි වර්ග භාවිතා කිරීම සුදුසුය.


දිව ආහාරයට සාමාන්යෙන් බත්, එළවලු, සුදුසු මස් හෝ මළු වර්ගයක් ගත හැක. පිගානෙන්    බත් 1/3ක්, එළවලු 1/3 ක් සහ ඉතිරි 1/3 ක මස් හෝ මාළු සමග පලා වර්ගයක් ගැනීම සුදුසු ය. අහාර ගැනීමෙන් පසු ද පලතුරු වර්ගයක් ආහාරයට ගැනීමද සුදුසු වනවා.






රාත්‍රී ආහාරය උදැසන හෝ දිව ආහාරයට සාපේක්ෂව අඩුවෙන් ගැනීම වැදගත් වනවා. රාත්‍රියේදී ශාරීරික ක්‍රියාකාරිත්වය් අඩු නිසා මේ වැදගත් වනවා.


දියවැඩියා රෝගීන් පාන්, බනිස්, කේක්, කෘතීම බිම, ක්ෂණික අහාර වර්ග ගැනීමෙන් හැකි තාක් පාලනය විය යුතුය. නමුත් වෙළද පොලේ දියවැඩියා රෝගීන් වෙනුවෙන්ම සැකසු ධාන්‍යමය පාන් සහ බිස්කට් වර්ග දැක ගත හැකි, ඒවා සාමාන්‍ය ඒවාට වඩා රෝගීන්ට හිතකරය.


දියවැඩියා රෝගීන් දුම් පානයෙන් වැළකිය යුතුමය, එමෙන්ම මධ්‍යසාර පානයෙන්ද වැළකිය යුතුය.


අහාර පාලනය සැබවින්ම දියවැඩිය රෝගයේ තත්වය සහ එක් එක් පුද්ගලයාගේ වයස, වෙනත් ශාරීරක මට්ටම මත තීරණය විය යුතුය. එය වෛද්‍ය උපදෙස් මත එක් එක පුද්ගලයට සාපේක්ෂව තීරණය විය යුතුය. දියවැඩියා රෝගියෙකුගේ සිරුරේ BMI අගය18 – 23 kg/m2 අතර පවත්වා ගත යුතුය.


දියවැඩියාව සහ ව්‍යායාම





ව්‍යායාම දියවැඩිය රෝගීන්ට පමණක් නොව සාමාන්‍ය පුද්ගලයෙකුට පවා අතිශයින් වැදගත්ය. ව්‍යායාම යනුවෙන් අදහස් වන්නේ නිසි ශාරීරික ක්‍රියාකාරිත්වය මගින් ශරීරය තුක එකතුවන ශක්තිය නිසි පරිදී වැය කිරීමයි. නමුත් සැබවින්ම යම් පුද්ගලයෙක් නිසි ශාරීරික ක්‍රියාකාරිත්වයෙන් යුක්ත නම් විශේෂයෙන් ව්‍යායාම අවශ්‍ය නොවේ. නමුත් වර්තමානයේ අප බොහෝ දෙනක් ගත කරන ඒකාකාරී අලස ජිවන රටාව සමග ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී හමාර ය.


විශේෂ ව්‍යායාම වලට අමතරව එදිනෙදා අප සිදු කරන ක්‍රියාකාරකම් වලින් පවා අපට ශාරීරික ක්‍රියාකාරිත්වය වැඩි කර ගත හැක. උදාහරණ ලෙස ගොඩනැගිල්ලක ඉහළ මලයකට නැගීමට විදුලි සෝපානය භාවිතා කරනවා වෙනුවට පඩිපෙළ භාවිත කිරීම, කෙටි දුරක් යෑමට වාහන භාවිතා කරනවා වෙනුවට පයින් යාම, බයිසිකල් පැදීම ආදිය දැක්විය හැක.


කලින් ව්‍යායාම වල නිරත් නොවූ පුද්ගලයෙකුට එක වර ව්‍යායාම වල නිරටැහැ වීම අපහසු විය හැක ඔවුන්ට ක්‍රමයෙන් දෛනිකව වයයම කිරීම වැඩි කිරීම සිදු කල හැක.


සාමාන්යෙන් සතියකට දින 5ක් වත් ව්‍යායාම වල නිරත විය යුතු අතර, එක ලග දින දෙකකට වඩා ව්‍යායාම නොකර සිටීමෙන් වැළකිය යුතුය. දිනකට විනාඩි 30 ක් අවම වශයෙන් ව්‍යායාම වල නිරටැහැ වන අතර, සාමාන්‍ය මහන්සියක් දැනෙන ලෙස සිදු කල යුතුය, එනම් සාමාන්‍ය වේගයෙන් ඇවිදීම, බයිසිකල් පැදීම වැනි  ස්වායු ව්‍යායාම (Aerobic Exercise) සිදු කිරීම සුදුසු ය. අධි බර පුද්ගලයින් බර අඩු කර ගැනීම සදහා වෛද්‍ය උපදෙස් මත වැඩි ව්‍යායාම වල නිරත විය හැක.


ඇමරිකානු දියවැඩියා සංගමයට අනුව (American Diabetes Association)


  • සාමාන්‍ය වේගයෙන් ඇවිදීම (ව්‍යායාම උපකරණ මත හෝ, එළිමහනේ)
  • බයිසිකල් පැදීම
  • නර්තනය
  • එරෝබික් ව්‍යායාම 
  • පිහිනීම
  • ටෙනිස්, බැඩ්මින්ටන් වැනි ක්‍රීඩා
  • කදු නැගීම
  • බෝට්ටු පැදීම


වැනි ක්‍රියාකාරකම් වල යෙදීම සුදුසු ය.





එමෙන්ම ඉන්සියුලින් ලබා ගන්නා පුද්ගලයන් ව්‍යායාම වලට සාපේක්ෂව ඉන්සියුලින් මාත්‍රාව වෙනස් කර ගත යුතුය.

තවද දියවැඩියා රෝගීන් තුවාල, අනතුරු සිදු නොවන අයුරින් ව්‍යායාම වල නිරත වීමටද ප්‍රවේශම් විය යුතුය, එමන්ම ව්‍යායාම වල නිරත වීමට අපහසු රෝගීන් උදාහරණයක් ලෙස ආතරයිටිස් වැනි රෝග වලින් පෙලෙන රෝගීන් වෛද්‍ය උපදෙස් මත වෙනත් සුදුසු ව්‍යායාම හෝ ප්‍රතිකාර පෙත යොමු වීමද වැදගත් වේ.


මීලග ලිපියෙන් අපි වඩාත් වැදගත් වන දියවැඩිය රෝගය සැදීම වලක්වා ගන්නා ආකාරය පිලිබදව සාකච්ඡා කරමු.


අපගේ සඟරාවේ අනෙකුත් ලිපිද කියවන්න. Home click කරන්න. සියලුම ලිපි බලන්න.





රවී අබේරත්න
වෛද්‍ය පීඨය
රාගම

0 comments:

Post a Comment