IPL 2017 - සියළුම කණ්ඩායම් පිලිබඳ විස්තරාත්මක විග්‍රහයක්

2017 IPL තරඟාවලිය අප්‍රේල් මස 05 වැනිදා සිට මැයි මස 21 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට සියලුම කටයුතු මේ වනවිට සූදානම් ය. මෙවර පැවැත්වෙන්නේ 10 වන IPL තරඟාවලිය වේ. මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වන අතර තරඟ 60ක් පැවැත්වෙනු ඇත. එක් එක් කණ්ඩායම මූලික වටයේදී තරඟ 14ක් ක්‍රීඩා කරනු ඇත. එයින් වැඩිම ප්‍රසාද ලකුණු ගන්නා කණ්ඩායම් 4 දෙවන වටය (Play offs) සඳහා සුදුසුකම් ලබනු ඇත. එසේනම් මෙවර IPL තරඟාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් පිළිබඳව අවධානය යොමු කරමු.








දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්


දිල්ලි කණ්ඩායම, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමගින් තමන්ගේ පළමුවන තරඟයට මුහුණ දීමට සූදානමින් සිටියි. ඒ අප්‍රේල් මස 8 වැනිදාය. දිල්ලි කණ්ඩායම මේ වන තෙක් කිසිඳු අවස්තාවක IPL කුසලානයක් ජයග්‍රහණය කිරීමට සමත්ව නැත. 2012 වසරේදී ශූරතාවය දිනාගැනීමට ඔවුන්ට තිබූ හොදම අවස්ථාව ලෙස සැලකිය හැක. තවද 2009 වසරේදීත් ශූරතාවය දිනාගැනීමට දිල්ලි කණ්ඩායමට හොඳ අවස්තාවක් තිබුණි. මෙවර දිල්ලි කණ්ඩායම පිලිබඳ විමසා බැලීමේදී පෙනී යන්නේ බොහෝ තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් බවයි. 2016 වසරේදී මෙම තරුණ ක්‍රීඩකයින් සියල්ලන්ම පාහේ දිල්ලි කණ්ඩායම නියෝජනය කල අතර ගත වූ වසරක කාලයකදී එම තරුණ ක්‍රීඩකයින් හොඳින් අත්දැකීම් එකතුකරගෙන ඇති බවනම් පැහැදිලිය.

ක්‍රීඩා කරනු ඇති බවට අනුමාන කළහැකි කණ්ඩායම 

1. කුයින්ටන් ඩි කොක් (ද.අප්‍රිකාව)
2. ශ්‍රේයස් අයියර්/ආදිත්‍ය තාරේ 
3. සංජු සැම්සන් 
4. කරුන් නායර් 
5. ඇන්ජෙලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව)/ජේ.පී.ඩුමිනි (ද.අප්‍රිකාව)/කෝරේ ඇන්ඩර්සන් (නවසීලන්තය)
6. R.පන්ත් 
7. කාලෝස් බ්‍රත්වේට් (බ.ඉ.කො)/ ක්‍රිස් මොරිස් (ද.අප්‍රිකාව)
8. පැට් කමින්ස් (ඔස්ට්‍රේලියාව)/ කගීසෝ රබාඩා (ද.අප්‍රිකාව)
9. අමිත් මිශ්‍රා/ මුරුගන් අශ්වින්
10. ශබාෂ් නදීම්/ ජයන්ත් යාදව්/ C.V. මිලින්ඩ් 
11. මොහොමඩ් ෂාමි/ සහීර් ඛාන් 


ප්‍රබලතා 

  • ප්‍රබල දඟ පන්දු යවන්නන් බල ඇනියක් සතුය.
  • විස්සයි විස්ස රටාවට ගැලපෙන හොද තුන් ඉරියව් ක්‍රීඩකයින් රැසක් සිටී.
  • වේග පන්දු යවන්නන්ගෙන්ද සැලකිව යුතු අඩුවක් නැත.
  • කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් සියල්ලන්ම පාහේ මේ දිනවල දක්ෂතා අතර සිටියි.

දුබලතා 

  • මුල් පෙළ පිතිකරුවන් අතර අත්දැකීම් බහුල පිතිකරුවෙක් නොමැති වීම.
  • එකම ස්ථානය සඳහා ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සිටීම. එය අනවශ්‍ය ය. එම මුදල් වලට අත්දැකීම් ඇති ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු මිලදී ගත්තානම් කණ්ඩායමට වඩාත් යෝග්‍ය වේ.
අවසාන කණ්ඩායම් 4 අතරට පැමිණීමට ඇති හැකියාව - අනෙක් කණ්ඩායම් හා සංසන්දනය කරන විට දිල්ලි කණ්ඩායමට අවසාන කණ්ඩායම් 4 අතරට පැමිණීමට අපහසු වනු ඇත.

ගුජරාට් ලයන්ස් 


ගුජරාට් ලයන්ස් කණ්ඩායම පසුගිය වසරේදී IPL තරඟාවලියට එකතු වූ අතර එහිදී මූලික වටයේ ප්‍රථම ස්ථානය ලබා දෙවන වටයට පිවිසීමට සමත් වූ අතර අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ට නොහැකි විය. සුරේෂ් රයිනාගේ නායකත්වයෙන් IPL තරඟ බිමට පිවිසෙන ගුජරාට් කණ්ඩායම පිලිබඳ දැන් විමසා බලමු.

ක්‍රීඩා කරනු ඇති බවට අනුමාන කළහැකි කණ්ඩායම 


1. ජේසන් රෝයි (එංගලන්තය)/ ඩ්වෙයින් ස්මිත් (බ.ඉ.කො)
2. ආරෝන් ෆින්ච් (ඔස්ට්‍රේලියාව)/ බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය)
3. සුරේෂ් රයිනා
4. දිනේෂ් කාර්තික්
5. ඉෂාන් කිෂාන් 
6. ඩ්වෙයින් බ්‍රාවෝ (බ.ඉ.කො.)
7. රවීන්ද්‍ර ජඩේජා 
8. ජේම්ස් ෆෝක්නර් (ඔස්ට්‍රේලියාව)
9. ධවල් කුල්කාර්නි/ මන්ප්‍රීට් ගෝනි
10. මුනාෆ් පටෙල්/ ප්‍රවීන් කුමාර්
11. ෂඩාබ් ජකාති/ බැසිල් තම්පි



ප්‍රබලතා

  • ඉතාමත්ම ශක්තිමත් කණ්ඩායමකි.
  • බ්‍රාවෝ, ජඩේජා, ෆෝක්නර් යන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනාම ලයන්ස් කණ්ඩායම සතුවීම තවත් එක් විශේෂත්වයකි.
  • IPL ක්‍රීඩක වෙන්දේසියේදී අනවශ්‍ය ලෙස මුදල් වියදම් නොකළ ලයන්ස් කණ්ඩායම වෙන්දේසියේදී ද ජේසන් රෝයි, මුනාෆ් පටෙල් වැනි ක්‍රීඩකයින් කණ්ඩායමට එක් කරගෙන කණ්ඩායමෙහි ශක්තිය තව තවත් වැඩි කරගන්නා ලදී.

දුබලතා 

  • හොඳ මට්ටමේ විදේශීය පන්දු යවන්නෙක් නොමැතිකම ලයන්ස් කණ්ඩායමෙහි අඩුවක් ලෙස සැලකිය හැක.
  • තවද සමස්ත සංචිතය පිලිබඳ අවධානය යොමු කිරීමේදී හොද මට්ටමේ ඉන්දීය පිතිකරුවන්ගේ අඩුවක්ද දක්නට ලැබේ.

අවසාන කණ්ඩායම් 4 අතරට පැමිණීමට ඇති හැකියාව - මෙම කණ්ඩායමත් සමඟින් ගුජරාට් කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණිය හැක. 

කිංග්ස් XI පන්ජාබ් 


                                          මැක්ස්වෙල් 

කිංග්ස් xi පන්ජාබ් කණ්ඩායමද මේ වන තෙක් IPL ශූරතාවය දිනා නැත. 2014 වසර ඔවුන්ට ශූරතාවය ජයග්‍රහණය කිරීමට වැඩිම අවස්තාව තිබූ වසර ලෙස හැඳින්විය හැක. ඊට අමතරව 2008 වසරේදී ද ඔවුන්ට හොද අවස්තාවක් තිබුණි.

ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළහැකි කණ්ඩායම 


1. මුරලි විජේ
2. මනන් වෝරා/ ගුර්කීරාට් සිං
3. ෂෝන් මාර්ෂ් (ඔස්ට්‍රේලියාව) / ඔයින් මෝර්ගන් (එංගලන්තය)
4. ග්ලෙන් මැක්ස්වෙල් (ඔස්ට්‍රේලියාව)
5. ඩේවිඩ් මිලර් (ද.අප්‍රිකාව)
6. ව්රිද්දීමාන් සාහා
7. ඩරන් සැමී (බ.ඉ.කො.) / මාර්කස් ස්ටෝයිනිස් (ඔස්ට්‍රේලියාව)
8. අක්ශාර් පටෙල්
9. සන්දීප් ශර්මා / අනුරීට් සිං / T.නටරාජන්
10. වරුන් ආරෝන්
11. මෝහිත් ෂර්මා




ප්‍රබලතා

  • ඉතාමත් ශක්තිමත් මැදපෙලක් ඇත. 
  • විස්සයි විස්ස තරඟ රටාවට ගැලපෙන බොහෝ ක්‍රීඩකයින් සිටියි.
  • හොඳ ඉන්දීය වේග පන්දු යවන්නන් සිටී.
  • මෙම කණ්ඩායමේ බොහෝ පරිනත ක්‍රීඩකයෙක් නොමැති වුවත් මෙම සියලුම ක්‍රීඩකයින්ට පාහේ ඉතාමත්ම හොද අත්දැකීම් ඇති බව මෙම කණ්ඩායම අධ්‍යයනය කිරීමේදී  ඔබට පෙනී යනු ඇත.

දුර්වලතා 

  • අක්ශාර් පටෙල් හැර හොඳ මට්ටමේ දඟ පන්දු යවන්නෙක් නොමැති වීම. ඉන්දීය තණතීරු වලදී දඟ පන්දු යවන්නන්ට කළහැකි දේ බොහෝ වන අතර තවත් හොද මට්ටමේ දඟ පන්දු යවන්නෙක් සිටියානම් එය කණ්ඩායමට වැදගත් වේ. 

අවසාන කණ්ඩායම් 4 අතරට පැමිණීමට ඇති හැකියාව - බොහෝ විචාරකයින් මෙම කණ්ඩායම පිලිබඳ සුභ ආකල්පයක් නොදැරුවද මෙම කණ්ඩායම හොඳ සමබර කණ්ඩායමක් බව පෙනී යයි. කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළහොත් අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණීමට හැකිවනු ඇත.


කල්කටා නයිට් රයිඩර්ස් 


                                     ෂාරුක් කුසලානයත් සමඟින් 

IPL ආරම්භ වී ගතවූ මුල් වසර කිහිපයේදී කල්කටා කණ්ඩායම අසාර්ථක වුවද 2011 වසරින් පසුව මේ දක්වා ප්‍රබලම කණ්ඩායමක් ලෙසින් කල්කටා කණ්ඩායම වැජබෙමින් පවතියි. ගෞතම් ගාම්භීර් ගේ නායකත්වය සහ අවශ්‍ය අවස්තාවලදී මුදල් වියම් කිරීම එම සාර්ථකත්වය සඳහා ප්‍රධාන වශයෙන් ඉවහල් වී ඇත. 2012 සහ 2014 වසරවලදී ශූරතාවය දිනාගැනීමට කල්කටා කණ්ඩායමට හැකිවිය.


ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළහැකි කණ්ඩායම

1. ගෞතම් ගාම්භීර්
2. රොබින් උතප්පා 
3. මනීෂ් පාන්ඩේ 
4.ක්‍රිස් ලින් (ඔස්ට්‍රේලියාව)
5. යූසුෆ් පතාන්
6. රිශී ධවාන්/ ශේල්ඩන් ජැක්සන්/ සූර්යකුමාර් යාදව් 
7. ක්‍රිස් වෝක්ස් (එංගලන්තය) / ෂකිබ් අල් හසන් (බංගලාදේශය)
8. ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය) / නේදන් කෝටර්-නයිල් (ඔස්ට්‍රේලියාව)
9. පියුෂ් චව්ලා / කුල්දීප් යාදව්
10. සුනිල් නරායින් (බ.ඉ.කො.)
11. උමේෂ් යාදව් 



ප්‍රබලතා

  • තරඟ ජයග්‍රහණය කරවිය හැකි ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විතයි.
  • පසුගිය වසර කිහිපයේදීම කල්කටා කණ්ඩායම විදේශීය පන්දු යවන්නන් පිලිබඳ විස්වාසය තැබූ අතර මෙවරද එය එසේම සිදුවී තිබෙනවා. මෙවරත් සුපිරි මට්ටමේ විදේශීය පන්දු යැවීමේ බල ඇණියක් කල්කටා කණ්ඩායම සතුය. 
  • සමබර කණ්ඩායමකි


දුර්වලතා

  • සඳහන් කරන්නට තරම් දුර්වලතාවක් නොමැති අතර අන්ද්‍රේ රසල් නොමැතිවීම නිසා පසුපෙලෙහි යම් අඩුවක් දක්නට ලැබීම කල්කටා කණ්ඩායමේ ඇති සුළු හෝ අඩුපාඩුවක් ලෙස සඳහන් කලහැක. 

අවසාන කණ්ඩායම් 4 අතරට පැමිණීමට ඇති හැකියාව - මෙම කණ්ඩායම අවසාන කණ්ඩායම් 4හි ස්ථානයක් හිමිකරගනු ඇත.


මුම්බායි ඉන්දියන්ස් 




IPL ආරම්භ වී ගත වූ මුල් වසර දෙකෙහි මුම්බායි කණ්ඩායම අසාර්ථක වුවද 2010 වසරේ සිට ඔවුන් සාර්ථක කණ්ඩායමක් බවට පත්විය. 2013 සහ 2015 යන වසරවල IPL ශූරතාවය දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළහැකි කණ්ඩායම


1. රෝහිත් ෂර්මා
2. පර්තීව් පටෙල්/ ලෙන්ඩ්ල් සිමන්ස් (බ.ඉ.කො) / නිකලස් පූරන් (බ.ඉ.කො.)
3. අම්බටි රයුදු
4. ජොස් බට්ලර් (එංගලන්තය)
5. හර්දීක් පාන්ඩියා
6. කයිරන් පොලාර්ඩ් (බ.ඉ.කො) /  අසේල ගුණරත්න (ශ්‍රී ලංකාව)
7. කරන් ෂර්මා / කෘනාල් පාන්ඩියා 
8. හර්බජන් සිං
9. මිචෙල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව) / විනේ කුමාර් / J.සුචිත්
10. ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)
11. ජස්ප්‍රීට් බුම්රාහ්


ප්‍රබලතා

  • පිතිකරණයෙහි මුල් පෙළ, මැද පෙළ, පසු පෙළ යන අංශ තුනම ශක්තිමත් ය. 
  • හොඳ මට්ටමේ තුන් ඉරියව් ක්‍රීඩකයින් රැසක් සතුය. 
  • ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සිටීමද විශාල වාසියකි.
  • පන්දු යැවීමේ අංශයෙන්ද ඉතාමත් ශක්තිමත්

දුර්වලතා

  • රෝහිත් ෂර්මාගේ ආබාධය නිසා ඔහු දක්ෂතා අතරට පැමිණේදැයි සැකයක් පවතී.
  • ක්‍රීඩක වෙන්දේසියේදී මුම්බායි කණ්ඩායම විශ්වාසවන්ත ආරම්භක පිතිකරුවෙක් නොගැනීම. ෂර්මාද ආබාධ තත්වයෙන් සිටින බැවින් වඩාත් විශ්වාසවන්ත, අත්දැකීම් ඇති ආරම්භක පිතිකරුවෙකු කණ්ඩායමට එකතු කර ගත්තානම් එය වඩාත් යහපත් ය. 


අවසාන කණ්ඩායම් 4 අතරට පැමිණීමට ඇති හැකියාව - මුම්බායි කණ්ඩායම අවසාන කණ්ඩායම් 4 හි ස්ථානයක් ලබාගනු ඇත.


රයිසින් පූනේ සුපර්ජයන්ට්ස්

පසුගිය වසරේ IPL තරඟාවලියට එක් වූ පූනේ කණ්ඩායමේ නායකත්වය දරන්නේ මහේන්ද්‍ර සිං දෝනි ය. පසුගිය වසරේ 7 වන ස්ථානයෙන් සෑහීමකට පත්වන්නට පූනේ කණ්ඩායමට සිදුවිය. මේ වසරේදී පූනේ කණ්ඩායමේ ශක්තිය පිලිබඳ විමසා බලමු. 

ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළහැකි කණ්ඩායම


1. අජින්කේ රහානේ
2. ෆැෆ් ඩු ප්ලේසි (ද. අප්‍රිකාව) / මයන්ක් අගර්වාල් 
3. ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව)
4. බාබා අපර්ජිත් 
5. බෙන් ස්ටොක්ස් (එංගලන්තය)
6. මහේන්ද්‍ර සිං දෝනි
7. මිචෙල් මාර්ෂ් (ඔස්ට්‍රේලියාව) /  ඩනියෙල් ක්‍රිස්ටියන් (ඔස්ට්‍රේලියාව)
8. රවිචන්ද්‍රන් අශ්වින්
9. රජට් බාටියා
10. ඊශ්වර් පාන්ඩේ / ඇඩම් සැම්පා (ඔස්ට්‍රේලියාව)
11. අශෝක් ඩින්ඩා / ජයිදේව් උනාඩ්කට්



ප්‍රබලතා

  • ප්‍රබල පිතිකරණ ලැයිස්තුවකින් සමන්විතය.
  • ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකි.
  • තරඟ දිනවිය හැකි ක්‍රීඩකයින් සිටී.
  • දෝනි, ස්මිත්, ඩු ප්ලේසි යන ක්‍රීඩකයින් තිදෙනාම සිටින නිසා නායකත්වයෙන් ද ඉදිරියෙන්ම සිටින කණ්ඩායමකි.

දුර්වලතා

  • අශ්වින් හැර වෙනත් සුපිරි මට්ටමේ ඉන්දීය පන්දු යවන්නෙක් නොමැති වීම.
  • කඩුලු ලබාගැනීමටද අශ්වින් හැර ඒ සඳහා සුදුසු කඩුලු ලබාගන්නා ක්‍රීඩකයෙක් නොමැති වීම.
  • අතීතය දෙස බලන විට දෝනි විදේශීය වේග පන්දු යවන්නන් පිලිබඳ විශ්වාසය තබා ඇති වුවත් ක්‍රීඩා කළහැකි මට්ටමේ විදේශීය වේග පන්දු යවන්නෙකු නොමැති වීම. ඩින්ඩා, ඊශ්වර් පාන්ඩේ වැනි ක්‍රීඩකයින්ගෙන් යැපෙන්නට සිදුවීම පූනේ කණ්ඩායමට විශාල පාඩුවකි. ( බොහෝ දුරට ස්ටොක්ස්, ක්‍රිස්ටියන් වැනි තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් උපරිමය ලබාගැනීමට දෝනි අදහස් කරගෙන සිටිනවා විය හැකියි. නමුත් ඒත් සමඟින් තවත් එක් වේග පන්දු යවන්නෙක් සිටියානම් වඩාත් අගනේ ය.)


අවසාන කණ්ඩායම් 4 අතරට පැමිණීමට ඇති හැකියාව - විචාරකයින් මෙම කණ්ඩායම පිළිබඳවද එතරම් යහපත් ප්‍රතිචාරයක් නොදක්වයි. වැට උඩ සිටින මෙම කණ්ඩායම අවසාන කණ්ඩායම් 4 අතරට එක්වනවාද නැද්ද යන්න තීරණය වනුයේ ඔවුන්ගේ සංයෝගය වැඩ කරන ආකාරයටය. (ගිය වසරේ එම සංයෝගය හරිහැටි වැඩ කරේ නැත.)


රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්


                                           ගේල්


ක්‍රිස් ගේල්, විරාට් කෝලි, ඒ බී ඩි විලියර්ස් වැනි ක්‍රීඩකයින් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන නිසා IPL කණ්ඩායම් අතරින් වඩාත්ම ජනප්‍රිය කණ්ඩායම ලෙස බැංගලෝර් කණ්ඩායම නම් කලහැක. බන්ගලොරේ කණ්ඩායම මේ දක්වා අවස්ථා ත්‍රිත්වයකදී (2009, 2011 සහ 2016) අවසාන මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගත්තද ඒ එක් අවස්ථාවකදීවත් කුසලානය ජයග්‍රහණය කිරීමට සමත්ව නැත. 

ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළහැකි කණ්ඩායම


1. ක්‍රිස් ගේල් (බ.ඉ.කො.)
2. විරාට් කෝලි
3. K.L රාහුල්
4. ඒ. බී. ඩි විලියර්ස් (ද.අප්‍රිකාව)
5. ට්‍රැවිස් හෙඩ් (ඔස්ට්‍රේලියාව) / ෂේන් වොට්සන් (ඔස්ට්‍රේලියාව)
6.කේදර් ජාදව්
7. සෆ්රාස් ඛාන් / ස්ටුවර්ට් බිනී
8. පවන් නෙගී / ඉක්බාල් අබ්දුල්ලා
9. ශ්‍රීනාත් අරවින්ද් / අනිකට් චෞද්‍රි
10. යුස්වේන්දර් චහාල්
11. ටිමල් මිල්ස් (එංගලන්තය) / සැමුවෙල් බද්රී (බ.ඉ.කො)



ප්‍රබලතා


  • සියලුම කණ්ඩායම් අතුරින් ශක්තිමත්ම පිතිකරණ ලැයිස්තුව සිටී.
  • විස්සයි විස්ස තරඟ රටාවට ගැලපෙන පන්දුවට පහර දෙන්නෝ සිටී.
  • තරඟ දිනවිය හැකි පිතිකරුවන් සිටියි.


දුර්වලතා


  • පෙර සිටම බැංගලෝර් කණ්ඩායමේ පැවති පන්දු යැවීමේ දුර්වලතාවය මෙවරත් ඒ අයුරින්ම ඇත.
  • මිචෙල් ස්ටාර්ක් ද නොමැති මෙම පන්දු යැවීමේ බලකාය කෙසේ පන්දු යවනු ඇතිදැයි විශාල ප්‍රශ්නාර්ථයක් ඇත. 
  • කණ්ඩායම සමබර කිරීමට විශ්වාසවන්ත තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නොමැත. බොහෝවිට ට්‍රැවිස් හෙඩ්, ෂේන් වොට්සන්, ස්ටුවර්ට් බිනී යන තිදෙනාගෙන් දෙදෙනෙකු ක්‍රීඩා කලයුතු නිසා එමඟින් කණ්ඩායමේ සමබරතාවයට හානියක් වනු ඇත.


අවසාන කණ්ඩායම් 4 අතරට පැමිණීමට ඇති හැකියාව - බැංගලෝර් කණ්ඩායම සිටින්නේත් වැට උඩය. කවර අතකට පෙරලේ දැයි කිව නොහැක.


සන්රයිසස් හයිද්‍රාබාද් 




සියලුම කණ්ඩායම් අභිබවා යමින් පසුගිය වසරේ IPL ශූරතාවය දිනාගැනීමට සන්රයිසස් කණ්ඩායම සමත්විය. මෙවර සන්රයිසස් කණ්ඩායමේ ශක්තීන් හා දුර්වලතා විමසා බලමු.

ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කළහැකි කණ්ඩායම




1. ඩේවිඩ් වෝනර් (ඔස්ට්‍රේලියාව)
2. ශිකර් ධවාන්
3. නාමන් ඕජා / කේන් විලියම්සන් (නවසීලන්තය)
4. යුව්රාජ් සිං 
5. මොයිසස් හෙන්රික්ස්
6. බිපුල් ෂර්මා
7. රෂීඩ් ඛාන් (ඇෆ්ගනිස්ථානය) / ක්‍රිස් ජෝර්ඩන් (එංගලන්තය) / බෙන් කටින් (ඔස්ට්‍රේලියාව)
8. බුව්නේශ්වර් කුමාර්
9. මුෂ්ටෆිෂර් රහමාන් (බංගලාදේශය)
10. ප්‍රවීන් තම්බේ / මොහොමඩ් සිරාජ් / අභිමන්යු මිතුන්
11. අශීෂ් නෙහෙරා / බරින්ඩර් ස්රාන් 


ප්‍රබලතා

  • ශක්තිමත් පන්දු යැවීමේ අංශයක් සිටී.
  • හොඳ මට්ටමේ තුන් ඉරියව් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සිටී.

දුර්වලතා

  • මෙම කණ්ඩායම බොහෝ දුරට ආරම්භය මතින් යැපෙන කණ්ඩායමකි. වෝනර් සහ ධවාන්ගෙන් හොඳ ආරම්භයක් නොලැබුණහොත් ලකුණු පුවරුව ඉහලට නැංවීමට විශ්වාසවන්ත පිතිකරුවෙකු නොමැත.
  • මැද පෙළෙහි සහ පසු පෙළෙහි සැලකිව යුතු අඩුවක් ඇත.
  • එක් අන්තයක් රැකගෙන ක්‍රීඩා කළහැකි මට්ටමේ පිතිකරුවෙක් නොමැත. (විලියම්සන්ට අවස්තාවක් ලැබුනහොත් ඔහු එම වගකීම ඉෂ්ට කරනු ඇත)
  • තරඟයක් අවසන් කිරීමට විශ්වාසනීය ක්‍රීඩකයෙක් නොමැත.


අවසාන කණ්ඩායම් 4 අතරට පැමිණීමට ඇති හැකියාව - සන්රයිසස් කණ්ඩායම අවසාන කණ්ඩායම් 4 අතරට එකතු නොවනු ඇත.

අපගේ සඟරාවේ අනෙකුත් ලිපිද කියවන්න. Home click කරන්න. සියලුම ලිපි බලන්න. 




චමත් දිල්ෂික 

0 comments:

Post a Comment