Kitchen එක

චොකලට් සමෝසා 




අවශ්‍ය දේවල්


  • පාන් පිටි කෝප්ප 3
  • බටර් හෝ මාගරින් තේ හෑදි 4 
  • වතූර කෝප්ප 1 1/4
  • ලුනු තේ හෑදි 1 1/2
  • කුකින් චොකලට් ග්රෑම් 250
  • තෙල් මිලි ලීටර් 350 


සාදාගන්නා ආකාරය

පාන් පිටි හා බටර් භාජනයකට දමා එකට මිශ්‍ර කරගන්න. එයට ටිකෙන් ටික වතුර එකතු කර අනා ගනිමින් ⁣මෝලියක් ආකාරයට සදා ගන්න.

ඉන් අනතුරැව අමතර පිටි ටිකක් ඔබ⁣ගේ කිචන් බෙන්ච් එක මත ඉස ගනිමින් පිටි මෝලිය එහි අතුරා මෙලෙක් වනතුරැ අත් ගසා ගන්න.

එ⁣සේ අනාගත් මෝලිය කුඩා ගුලි වශයෙන් වෙන්කොට මදක් තෙත් කළ රෙදි කෑල්ලකින් වසා පැය භාගයක් පමණ තබන්න.

ඉන් අනතුරැව එසේ සාදා රෙස්ට් කරගත් කුඩා පිටි බෝල රෝලින් පින් එකක් (මේ සදහා විදුරැ බෝතලයක් වූවද පාවිච්චි කල හැක) උපයෝගි කොට ගෙන ඍඡුකෝණාසූයක ආකාරයට පැතලි කර ගන්න.
අනතුරැව එය කුඩා සමාන කොටු වලට කපා කෝන් එකක් ආකාරයට නමා ගෙන චොක්ලට් කැබලි 4/5 පමණ පුරවා කොන් වල වතුර ස්වල්පයක් තවරා හොදින් තදින් අලවා ගන්න.

ඉන් පසු ලිප දල්වා ගැඹුරැ තාච්චියකට තෙල් දමා තෙල් ⁣හොදින් රත් වූ විට ගැඹුරැ තෙලෙහි රන්වන් පාට වනතෙක් ⁣කුඩා සමෝසා බැද ගන්න.

උණු උණුවෙන්ම රසම රස තේ එකක් සමග ඔබගේ අමුත්තන්ට පිලිගන්වන්න.


අද දින සිට අප ගෙන එන අලුත්ම විශේෂාංගය වන්නේ Kitchen එකයි. මීළඟ කලාපයේ සිට වඩාත් විස්තර සහිතව ලිපි ඔබ වෙත ගෙන එන්නෙමු. එකතු වී සිටින්න Kitchen එකත් සමඟින්..


අපගේ සඟරාවේ අනෙකුත් ලිපිද කියවන්න. Home click කරන්න. සියලුම ලිපි බලන්න.



සිතාරා රාජකරුණා

1 comments:

  1. Great job sithara...going to try it out soon. Thanks..(Indunil Bandara)

    ReplyDelete