මියුsic




ඔබ බොහෝ සෙයින් කාර්යබහුල විය හැකිය, මේ මොහොතේ පයින් හෝ වාහනයකින් හෝ කුමක් හෝ දෙයකට එහෙ මෙහෙ දුවනවා විය හැකිය. හිසේ තිබෙන ප්‍රශ්න වලට උදේ ඉඳන් රාත්‍රි වෙනකල් උත්තර හොයනව වෙන්නත් පුලුවන්. ඒ වගෙ වෙලාවක ඉඩකඩ ලැබෙන පොඩි වෙලාවක හරි අපි කරන්නේ වාහනයක නම් රේඩියෝව ක්‍රියාත්මක කරනවා.නැත්නම් පොදු ප්‍රවහන සේවයකදි නම් Handfree කනේ රඳවා ගන්නවා...නැත්නම් රියැදුරු මහතාගෙ රසවින්දනය අපහසුවෙන් හරි ටික වෙලාවකට අපේ කර ගන්නවා.....ඒත් ඇත්තටම Music කියන්නෙ සින්දු විතරමද.....?





වාණිජමය හේතු නිසාවෙන් අද තිබෙන තත්වය අනුව අපට හිත නිදහස් වෙන ගීත අහන්න අපහසුයි. අද බොහොමයක් ගීත වල තිබෙන්නේ එකම ප්‍රශ්නයක් එකම සිදුවීමක් වටා ගොනු වූ සිදුවේම් දාමයක් පමණයි. ගීතනු  (Melody) බොහොමයක් එක හා සමානයි. අර්ථයන් බොහෝවිට එක හා සමානයි. ඒත් අපි Music විඳින්න අවශ්‍ය මේ විදිහට ද.....?


හොඳ නිර්මානයකට හැකියාව තිබෙනවා ඔබව වෙනමම ලෝකයකට රැගෙන යන්නට. සමහර විටක ඔබේ සොඳුරු මතකයන් අවදි කර දෙන්නත් ඒ සමඟ මදක් තනිවෙන්නටත් ඉඩ වෙන්කර දෙන්නටත් හැකි විය හැකිය....සතුට ...දුක...ආදරය...විරහව.. සෑම මනෝභාවයක්ම වෙනස්ම ආරකින් රසවිඳින්නට සලස්වා දෙන්නට මේ සොඳුරු සංගීතයට හැකියාව තිබෙනවා....


අපේ ජීවිතයේ සොඳුරුම තැන් ස්පර්ශ කරන මේ කලා මාධ්‍යයට ලෙඩ රෝග සුව කිරිමේ සුවිශේෂී වූ හැකියාවක් තිබෙන බව ඔබ දැන සිටියාද...? මානසික විශාදය, සුවනොවූ කායික මෙන්ම මානසික රෝගාබාධවලට කර්කශ නොවූ සියුම් සංගීතය මහඟු ඔසුවක් බව පෙර අපරදිග වෛද්‍යවරුන් පිලිගන්නා කරුණකි...පුංචි ස්වර 7 කට වෙන්වූ සංඛ්‍යාතයන් ඔස්සේ මෙවැනි බොහෝ දේ සිදු කරන්නට හැකි වූවා සේම එයට ඔබෙ ජීවිතයම අලුත් මුහුනුවරක් ලබාදෙන්නට ඇති හැකියාවද විශ්මිතය.,,,,





උදේ සිට රාත්‍රි වනතෙක් ජීවිතය සමඟ ගැටී නිවසට ආ පසු ලැබෙන සුලු විවේකයෙදී මිනිත්තු කීපයකට හෝ සිත සැහැල්ලු කරවන සංගීතයකට සිත යොමු කරන්නට හැකියවක් තිබෙනවා නම් ඊළඟ දවස ආරම්භයේ දී ඔබ බොහෝ සෙයින් වෙනස් නැවුම් මිනිසෙකු බවට පත්වෙවී....ඔබට ඉඩ ලැබුණු අවස්ථාවක සිතට  නැගෙන ඕනැම සිතුවිල්ලක් ගීතයකට හරවන්න....එය ඔබව භාවනාවක් සේ සන්සුන් කරනවා නොඅනුමානය...


හමුවෙමු.

අපගේ සඟරාවේ අනෙකුත් ලිපිද කියවන්න. Home click කරන්න. සියලුම ලිපි බලන්න.



ශමීන් බණ්ඩාර
සංගීත පීඨය,
සෞන්දර්ය විශ්ව විද්‍යාලය

0 comments:

Post a Comment