Wrestlemania 2017 - Predictions



WWE ආයතනය මඟින් පවත්වන වසරේ දැවැන්තම ඉසව්ව වන්නේ රෙස්ල්මේනියා ඉසව්වයි. මෙම වසරේ පවත්වන රෙස්ල්මේනියා ඉසව්ව හෙට (2) පවත්වන අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් එය (3 වැනිදා) අලුයම 2.30 සිට (ප්‍රධාන ඉසව්ව 4.30 සිට) ටෙන් 2 නාලිකාවෙන් හා අන්තර්ජාලය හරහා නැරබිය හැක. මෙවර පවත්වන්නේ 33 වන රෙස්ල්මේනියා ඉසව්ව වන අතර ෆ්ලොරීඩා ප්‍රාන්තයේදී එය පැවැත්වේ. ඒ තමයි මේ සැරේ රෙස්ල්මේනියා එක ගැන විස්තරය.


අවුරුද්දකට පාරක් එන හැමෝම ආසාවෙන් බලන PPV එක තමයි ඉතින් wrestlemania කියන්නේ. මේ පාර build up එක එච්චර හොද නැහැ කියලා මට හිතෙන්නේ බහුතරයක් මැච් වලට.  ඒත් අපි කවුරුත් එහෙම වුනා කියලා මේක නොබලා ඉන්නේ නැහැනේ.හැම wrestling fan කෙනෙක්ම ආදරෙයි මේ PPV එකට.සම්ප්‍රදායික විදියට කිව්වොත් මේකේ face superstarsලා තමයි වැඩියෙන් දිනන්නේ.බලමු මේ ගැන කතා කරලම මේ පාරත් ඒ සම්ප්‍රදාය රැකෙයිද නැත්ද කියලා එහෙනම්. මතක ඇතුව කියෝලා තමන්ගේ අදහසත් comment කරලා යන්න.


1.  The Fourth Annual Andre the Giant Memorial Battle Royal (Kickoff Match) 




මේ මැච් එකේ සාමාන්‍යයෙන් දිනයි කියලා හිතන්න පුළුවන් දෙන්නයි ඉන්නේ. ඒ Sami & Braun දෙන්නා. දෙන්නගෙන් කවුරු දින්නත් දෙන්නට වෙන වෙනම continue කරන්න පුළුවන් story දෙකක් තියෙනවා.Sami මේක දිනලා Stephට තමන්ගේ හැකියාව පෙන්වනවා කියන්නත් පුළුවන් Foley වෙනුවෙන්.නැත්නම් giant කෙනෙක් විදියට Braunට මේකේ win එක දීලා උගේ damage වෙලා තියෙන  momentum එක නැවත ප්‍රාණවත් කරන්න පුළුවන්.හැබැයි මම මේ දිනයි කියන දෙන්නම RAW එකේ superstarsලා. Smackdown එකේ හොද කෙනෙක්ට ඉන්නේ මේ මැච් එකේ Dolph තමයි උඩින්ම.ඒත් Dolph ඇතුළු මේ මැච් එකේ ඉන්න අනිත් ඔක්කොම smackdown superstarsලාගෙන් කිසිම කෙනෙක් මේ මැච් එක එක දිනන මට්ටමක මේ වෙලාවේ නැහැ. මට හිතෙන හැටියට Samiට වඩා Braunට මේක දිනන්න ඉඩක් තියෙනවා.මට හිතෙන දේම මේකේ වෙයි ගොඩක් දුරට.

මැච් එකේ ජයග්‍රහණය පිළිබදව ඇති සම්භාවිතාව ප්‍රතිශත මගින්

Sami Zayn - 30%

Braun Strowman - 50%


Any Other Superstar - 20%


2.  WWE Cruiserweight Championship Match (Kickoff Match) 

Neville (c) vs. Austin Aries




Austinගේ පළවෙනි mania මැච් එක මේක. පොර කාලෙකින් ring එකට return වෙලා පළවෙනි feud එකම title එකකට තමයි පටන් ගත්තේ. පොරට ලොකු crowd reaction එකක් වුනත් තියෙනවා. හැබැයි එහෙමයි කියලා අපිට අමතක කරන්න බැහැ Neville මේක සාමාන්‍ය කාලයක් තිස්සේ තියාගෙන title එකට ලොකු වටිනාකමක් ගෙනාවා. ඉතින් Nevilleව වුනත් එහෙම එක පාර feud එකේ පළවෙනි මැච් එකේම පරද්දන එක හොද පියවරක් විදියට නෙමෙයි මම දකින්නේ.මේකෙදි වෙන්න ඕනේ Neville මොනම විදියකින් හරි title එක retain කරන් ඊලග PPV එකේදී වගේ මේක පරදින එක. බලමු එහෙම වෙයිද කියලා එදාටම. හැබැයි දැනට තියෙන තත්වෙට PPV එකේ හොදම මැච් දෙකෙන් එකක් මේක වේවි.

මැච් එකේ ජයග්‍රහණය පිළිබදව ඇති සම්භාවිතාව ප්‍රතිශත මගින්

Neville - 60%

Austin Aries - 40%



3.  Raw Tag Team Championship Triple Threat Ladder Match 

Luke Gallows & Karl Anderson (c) vs. Enzo Amore & Big Cass vs. Cesaro & Sheamus




මුලින්ම කියන්නම් මේකෙදි Sheamus & Cesaro නම් ආයෙත් titles retain කරගන්නේ නැහැ.ඊළගට වර්තමාන tag champsලට මේකෙදි title එක retain කරගන්න chance එකක් තියෙනවා.නැහැයි කියන්න බැහැ මොකද උන් තාම title එක දිනලා ලොකු win එකක් ගත්තේ නැති හින්දා මේක ඒකට අවස්තාවක් කරතහැකි. ඒත් මට මේක දිනයි කියලා හිතෙන්නෙම Enzo & Cassට. උන්ට මේ පාරත් දින්නේ නැත්නම් ආයේ ඕක දෙද්දී කවුරුත් ගණන් ගන්න එකකුත් නැහැ වැඩිය. මැච් එක ගැන කිව්වත් high flying උන් මැච් එකේ නැහැ.හැබැයි Cesaro මොනවම හරි දෙයක් කරයි crowd එක්ව impress කරන්න.සමහරවිට Enzo ladder එකක් උඩ ඉදන් bada boom shakalaka එකක් ගහන්නත් බැරි නැහැ ඉතින්.

මැච් එකේ ජයග්‍රහණය පිළිබදව ඇති සම්භාවිතාව ප්‍රතිශත මගින්

Sheamus & Cesaro - 15%

Enzo & Cass - 45%

Gallows & Anderson - 40%



4. SmackDown Women’s Championship Match 

Champion Alexa Bliss to defend against all female SmackDown LIVE Superstars who are available to compete




අර andre giant එක ගැන කිව්වා වගේම මට මේකෙත් දිනයි කියලා හිතෙන්නේ දෙන්නයි.එක්කෙනෙක් තමයි Naomi.මොකද ඒකිට WWE එකෙන් title එක දීලා WM එකට champ විදියට ගේන්නනේ හිටියේ කොහොමත්. මොකද ඒකිගේ hometown crowd එකේ හොද reaction එකක් ඒකිට ලැබෙනවනේ.ඉතින් තිබ්බටත් වඩා ලේසියි දැන් ඒ දේ කරන්න.Champ විදියට එදාට එනවට වඩා crowd එක ඉස්සරහා title එක දිනනවා කියන්නේ ගොඩක් වටිනා දෙයක්. දිනයි කියලා හිතෙන අනිත් කෙනා තමයි current champ Alexa. මොකද WWE එකට හොද පුරුද්දක් තියෙනවා opponentsලා ගොඩක් එක්ක ඉන්න champට මෙහෙම ලොකු මැච් එකක් දාලා ඉන්න champවම retain කරවන.මතක ඇති AJ Leeටත් එක පාරක් WM එකේ මෙහෙම මැච් එකක් වැටිලා ඒකි champ විදියටම ඇවිල්ලා champ විදියටම මැච් එකත් දිනලා ගියා. අනිත් අය ගැන නම් කියන්න දෙයක් නැහැ ලොකුවට. පොඩ්ඩක් හරි දිනන්න chance එකක් තියෙන්නේ මේ දෙන්නා ඇරුනම Becky & Mickieට.ඒකත් පොඩිම පොඩි ඉඩක් විතරයි.

මැච් එකේ ජයග්‍රහණය පිළිබදව ඇති සම්භාවිතාව ප්‍රතිශත මගින්

Carmella - 5%
Natalya - 5%
Becky Lynch - 15%
Naomi - 40%
Mickie James - 10%
Alexa Bliss - 25%



5.   Intercontinental Championship Match

Dean Ambrose (c) vs. Baron Corbin





මේ feud එක ගොඩක් interesting විදියට පටන් ගත්තා.ඒත් Deanට Corbin backstage එකේදී ගැහුවට පස්සේ මේ feud එක boring වුනා කියලා මට හිතෙන්නේ.මොකද Dean ටික දවසකට ආවේ නැහැ. ඒ වගේම මේ දෙන්නා talking smack වලටත් සහභාගී වුනේ නැහැ අන්තිම ටිකේ.WM එකට කලින් සුමානෙත් smackdown එකේ පේන්න හිටියේ නැහැ එලියට ඇවිත්. මේ feud එකට මම ගොඩක් support කරා මුල ඉදන්ම ඒත් දැන් තියෙන තත්වෙට නම් මේ මැච් එක තමයි kickoff එකට වැටෙන්න තිබ්බේ. Cruiserweight එක නෙමෙයි. Deanගේ IC title reign එක ගොඩක් boring එකක්.ඉතින් Baronට මේ වෙලාවේ title එක දෙන්නම ඕන.Deanට champ විදියට ඉස්සරහට කරන්න දෙයක් ඉතුරු නැහැ කියලා මට හිතෙන්නේ.

මැච් එකේ ජයග්‍රහණය පිළිබදව ඇති සම්භාවිතාව ප්‍රතිශත මගින්

Baron Corbin - 75%

Dean Ambrose - 25%



6.  United States Championship Match  

Chris Jericho (c) vs. Kevin Owens




මේ මැච් එකේ දිනුම පැරදුම තීරණය වෙන්නේ Jericho WWE එකේ තව කොච්චර කාලයක් ඉන්නවද කියන එක උඩ. ආරංචි වල හැටියට Jericho මේකයි තව එක PPV එකකුයි ඉන්නවා.ඒ කියන්නේ මේ මැච් එකයි තව එක rematch එකක් වගේ යන්න ඉඩතියෙනවා කියන එකනේ.ඉතින් එහෙම වෙන්න නම් Kevin මේක දිනන්න ඕන.අනික Kevin Goldbergටත් පැරදිලා ඉන්න හින්දා මේ දිනුම පොරට වටිනවා Wrestlemania වගේ PPV එකක.

මැච් එකේ ජයග්‍රහණය පිළිබදව ඇති සම්භාවිතාව ප්‍රතිශත මගින්

Kevin Owens - 55%

Chris Jericho - 45%



7.  Raw Women’s Championship Fatal 4-Way Elimination Match 

Bayley (c) vs. Charlotte Flair vs. Sasha Banks vs. Nia Jax




මගේ මතය නම් මේක Bayley දිනන්න ඕන කියන එක.මොකද Charlotte මේක ආයෙත් දිනන එක තේරුමක් නැහැ. ඊළගට Nia ගැන කිව්වොත් ඒකි තාම champ වෙන්න ready නැහැ. Sasha තමයි අනිත් කෙනා.ඒකි තමයි Bayley එක්ක මේකට feud එක යන්න ඕන කෙනා.ඒත් මෙතැනදී ඒ දේ කරන එක හොද නැහැ.Bayleyටත් title එක දින්නට momentum එක ගොඩක් අඩුයි.ගොඩක් වතාවල් Nia අතින් වගේම Sasha අතිනුත් එක පාරක් පැරදුනා ඒකි champ වුනාට පස්සේ.ඉතින් Wrestlemania එකේදී RAW එකේ අනිත් topම womenලා 3න් දෙනාව පරද්දලා champ විදියට තමන්ව legitimize කරගන්නවා Bayley මට හිතෙන හැටියට.Sashaගේ heel turn එක ගැන කිව්වොත් ඒක WM එකට පහුවදා තියෙන RAW එකේ වෙන්න ඉඩ තියෙනවා.

මැච් එකේ ජයග්‍රහණය පිළිබදව ඇති සම්භාවිතාව ප්‍රතිශත මගින්

Sasha Banks - 25%
Bayley - 45%
Nia Jax - 10%
Charlotte - 20%


8. Power Couples Collide

John Cena & Nikki Bella vs. The Miz & Maryse




මේකේ නම් මට ලොකු දෙයක් පේන්නේ නැහැ. Cena & Nikki දිනනවා කියලා තමයි කියන්න තියෙන්නේ.හැබැයි මෙතැනදී පැරදුනාට Miz මේ අවුරුද්ද ඇතුලත ආයෙත් main event තත්වෙට එන්න ඉඩතියෙනවා.එක්කෝ MITB  එක or WWE Title එක වගේ දෙයක් දිනන්න ලොකු ඉඩක් තියෙනවා.ඒත් මේ මැච් එක නම් Miz & Maryseට දිනන්න chance එකක් නැතෝ.

මැච් එකේ ජයග්‍රහණය පිළිබදව ඇති සම්භාවිතාව ප්‍රතිශත මගින්

Cena & Nikki - 80%
Miz & Maryse - 20%



9.   Non-Sanctioned Match  

Seth Rollins vs. Triple H



මේකෙදි interferences වෙන්න ඉඩතියෙනවා ගොඩක්.Stephanie,Samoa Joe වගේ අය තමයි දැනට ඉන්න අයගෙන් එහෙම කරයි කියලා හිතන්න පුළුවන්.ඒත් rumors අනුව Finn Balor වුනත් මේකට මැදිහත් වෙන්න ඉඩතියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. දිනන කෙනා කියන්න ටිකක් අමාරුයි.ඒත් මට හිතෙනවා ගොඩක් දරුණු සටනක් පෙන්වලා Seth මේකෙදි දිනයි කියලා. හැබැයි මේකෙදි Seth පැරදුනොත් පරදින්න Samoa Joe ලොකු හේතුවක් වේවි. එහෙම වුනොත් Sethගේ ඊලග feud එක ඌ එක්ක යයි.

මැච් එකේ ජයග්‍රහණය පිළිබදව ඇති සම්භාවිතාව ප්‍රතිශත මගින්

Seth Rollins - 55%

Triple H - 45%



10.  SmackDown LIVE Commissioner vs. The Phenomenal One 

Shane McMahon vs. AJ Styles



විශේෂ දෙයක් කියන්න නැහැ මට නම් මේක ගැනත්.AJ මේක දිනයි.මොකද එක දිගට දෙවෙනි වතාවටත් WM මැච් එකක් AJ පරදින එකක් නැහැ. අනික AJ සහභාගී වෙන දෙවන් WM එකත් මෙකමනේ.Rumors දෙකක් තියෙනවා දැනට.එකක් AJ RAW එකට යයි කියලා.අනික තමයි Randy vs Wyatt feud එක දිනන කෙනාට AJ challenge කරයි කියලා title එකට Smackdown එකේ ඉදන්ම.ඒත් දෙකෙන් මොක වුනත් AJ මේක දිනාවි.

මැච් එකේ ජයග්‍රහණය පිළිබදව ඇති සම්භාවිතාව ප්‍රතිශත මගින්

AJ Styles - 65%

Shane McMahon - 35%



11.  The Phenom vs. The Big Dog

The Undertaker vs. Roman Reigns



කවුරු දිනයිද මේක? මේක Undertakerගේ last මැච් එකද? Romanගේ අතින් Takerව පරද්දයිද? නැත්නම් බලන්න එන බහුතරයකගේ cheer එක මැද්දේ Taker Romanව RIP කරයිද? ඕවා තමයි හිතෙන්නේ මේක ගැන කල්පනා කරද්දී. මට ඉතින් කියන්න බැහැ මේක Takerගේ අන්තිම මැච් එකද කියලා මොකද මම ඇත්ත medical condition එක දන්නේ නැහැනේ.මගේ මතය අනුව Takerගේ අන්තිම මැච් එක මේක නම් උට මීට වඩා හොද කෙනෙක් ගහගන්න දෙන්න තිබ්බා කියන එක.දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ඒවාට. Show එක close කරන මැච් එක මේක වෙන්නත් ඉඩ තියෙනවලු.Roman heel වෙන එක ගැනත් ලොකු විශ්වාසයක් නැහැ මට. මගේ prediction එක Undertaker මේක දිනයි කියන එක.අච්චර මිනිස්සු ගොඩක් ඉස්සරහා මිනිස්සුන්ට කනට ගහනවා වගේ වැඩක් කරයි කියලා හිතන්න අමාරුයි ටිකක් මේ වගේ PPV එකක.ඒත් sureම නැහැ ඉතින් Vince ලොක්කා Romanව push කරනවා නම් ඉතින්.

මැච් එකේ ජයග්‍රහණය පිළිබදව ඇති සම්භාවිතාව ප්‍රතිශත මගින්

The Undertaker - 51%

Roman Reigns - 49%


12. Universal Championship Match 

Goldberg (c) vs. Brock Lesnar



මේක නම් ඉතින් පෙන්නම තියෙන දෙයක් ඕන කෙනෙක්ට. Lesnar මේක දිනනවා. Goldbergගේ run එක මෙතනින් ඉවර වෙනවා.වෙන වෙන්න පුළුවන් possible දෙයක් මෙතන නැහැ.අපි හිතන මට්ටමට වඩා මැච් එක දිග වෙයි සමහරවිට.

මැච් එකේ ජයග්‍රහණය පිළිබදව ඇති සම්භාවිතාව ප්‍රතිශත මගින්

Goldberg - 30%

Brock Lesnar - 70%


13. WWE Championship Match

Bray Wyatt (c) vs. Randy Orton



Randy ගොඩක් WWE එකෙන් පිට interview වල කියල තිබ්බේ උගේ target එක Brayව WM එකේදී put over කරලා හොද තැනකට ගේන එක කියලා. ඒක තමයි හරි දේත්. Bray title එක දින්නට පස්සේ title එකට ගහන පළවෙනි PPV මැච් එකේදී පරදින එක අපරාදයක්. Randy එදා compound එක විනාශ කර එකෙන් Bray තව ශක්තිමත් වුනා කියන එක තමයි මේ story එකේදී පෙන්වන්න ඕන. Erick or Harperගේ මැදිහත් වීම් මැච් එකේ දකින්න ලැබෙන්න ඉඩතියෙනවා.ඒ වගේම මේ feud එක මෙතනන් ඉවර වෙන්නෙත් නැහැ.ඒත් Bray මෙතැනදී retain කරයි කියලා මට හිතෙනවා.අනික new champsලා ගොඩක් දකින්න ලැබෙන හින්දා මේ මැච් එකේදී එහෙම දෙයක් වෙන එකක් නැහැ කියලා මට හිතෙන්නේ. Randyට මේක පැරදුනා කියලා ලොකු අවුලක් නැහැ.

මැච් එකේ ජයග්‍රහණය පිළිබදව ඇති සම්භාවිතාව ප්‍රතිශත මගින්

Randy Orton - 40%

Bray Wyatt - 60%


අපගේ සඟරාවේ අනෙකුත් ලිපිද කියවන්න. Home click කරන්න. සියලුම ලිපි බලන්න.



ඩොල්ෆ් ෂෝඕෆ් සිග්ලර් 
Sri Lankan Wrestling team (සිරි ලංකාවේ රෙස්ලින් කස්ටිය ) ග්රූපය 

0 comments:

Post a Comment