රෙස්ලින් ගැන දැනගනිමු



කොහොමද කට්ටියට? ද්විමාසික සගරාවක් වන "කතුරු ඔන්චිල්ලාව" මෙවර කලාපය තුලින් අපි පාඨක ඔබ වෙනුවෙන් අලුතෙන්ම පටන් ගත්තු ලිපි මාලාවක ආරම්භය තමයි මේ.. විශේෂයෙන් සගරාව කියවන පාඨකයින් අතුරින් "Pro Wrestling" ගැන වැඩි උනන්දුවක් දක්වන පාඨකයින්ට සහ සෑම අංශයක් සම්භන්දයෙන්ම තමන්ගේ දැනුම පුළුල් කරගැනීමට කැමති පාඨක ඔබ සැමට කරන ආරාධනයයි.. එක්වන්න! දැනගන්න !



ලංකාවේ රෙස්ලින් කිවුවම මොකක්ද මුලින්ම ඔබේ මතකයට එන්නේ? මම කියන්නේ මේ බහුතරයකටම... කෝ... අන්න හරි ! ජෝන් සීනා.. ලංකාවේ මිනිස්සු මේ රෙස්ලින් කියන විෂය ගැන හොයන්න/බලන්න පටන් ගන්නේ මේ ජෝන් සීනා නිසා.. පොඩි එකෙක්ගෙන් උනත් කවුද මේ ජෝන් සීනා කියලා ඇහුවොත් පොඩි එකත් කියයි, "U can't see me" කියලා.. අන්න ඒ මට්ටමට මේ ජෝන් සීනා ලංකාව තුල ප්‍රසිද්ධයි.. දැන් කට්ටිය බලයි අද අපි මේ කතා කරන්න යන්නේ සීනා ගැනද කියලා? නෑ නෑ.. මම එතනින් පොඩි ආරම්භයක් ගන්නයි හැදුවේ.. කවුරුත් හොයලා බැලුවද ජෝන් සීනා මේ තරම් ජනප්‍රිය කරවපු Company එක සහ ඒ Company එකේ අතීතය ගැන? ගොඩක් දෙනෙක් ජෝන් සීනව දැනගෙන හිටියට ඒ ගැන දන්නේ නෑනේ නේද? එහෙනම් කලාප 6ක් ඔස්සේ අන්න ඒ ගැන ඔබත් සමග දැනුම බෙදාගන්න අපි සූදානම් ! මේ එවැනි ලිපි පෙළක පළමු පෙළගැස්මයි..!



WWE - World Wrestling Entertainment !


රෙස්ලින් කිවුවොත් ලෝකේ ඕනෙම කෙනෙක්ට පළවෙනියෙන්ම ඔලුවට එන Company එක තමයි මේ.. තව Companies ගොඩක් තියෙනවා මේ Pro Wrestling කියන විෂය වස්තු බීජය කරගත්තු.. නමුත් රෙස්ලින් බලන 90%ක්ම පිරිසකගෙන් ඇහුවොත් මොකක්ද වැඩිපුර බලන Promotion එක කියලා, උත්තරේ වෙන්නේ මේ "WWE" කියන එක.. World Wrestling Entertainment කියන මේ Company එක ඇමෙරිකාවේ Publish කරපු මිනිස්සුන්ට entertainment එකක් සපයන්න ක්‍රියාකරන සමාගමක්.. මේකට ආදායම ගේන ප්‍රධානම දේ මේ, "Professional Wrestling" කියන දේ.. ඊට අමතරව WWE Studios කරන Movies, Musics, වර්ථමානයේදී 2K සමාගමත් සමග එකතුවෙලා කරන Video Games, Product Licensing වගේ දේවල් වලින් තවදුරටත් Company එකට ආදායමක් එනවා..


මේ ආයතනයේ ඉතිහාසය ගැන කතා කරන්න ගියොත් අපිට යන්න වෙනවා 1950 වගේ අතීතයකට.. ඒ මොකද අන්න ඒ වගේ කාලෙකදී තමයි WWE Company එකේ ආරම්භය සනිටුහන් වෙන්නේ.. හරියටම වර්ෂය කිවුවොත් 1952 අවුරුද්දේ.. මේක හොයාගන්නේ දැනට WWE ආයතන ප්‍රධානී විදියට ක්‍රියාකරන "Vince McMahon"ගේ සීයා.. නම සදහන් කරොත් "Jess McMahon" මෙයා මේක තනියම පටන් ගත්තු Company එකකුත් නෙමෙයි.. "Toots Mondt" කියන Professional Wrestlerගේ සහයත් ලැබෙනවා ඔහුට මෙය ආරම්භයේදීම.. WWE ආයතනයේ මුල්ම නම වෙන්නේ, Capitol Wrestling Corporation (CWC) පසුකාලීනව මෙය විවිධ විවිධ නම් වලින් හැදින්වීමට පටන් ගන්නවා.. World Wide Wrestling Federation (WWWF) ඉන්පසු, ලංකාවේ මුල් Pro Wrestling Fansලා දන්න කියන නම World Wrestling Federation (WWF) අවසාන වශයෙන් 2011දී මේ නමත් වෙනස් කරනවා දැන් මේ අපි හැමෝම දන්න කියන නමට, World Wrestling Entertainment කියලා.. ඔන්න ඔහොම තමයි WWE කියන ආයතනයේ පටන්ගැන්ම/මුල් සාමාජිකයන් සහ නමේ විකාශනය සිදුවූ හැටි අපි දැනගත්තේ..


මෙහෙම ආරම්භය සනිටුහන් කරපු මේ ආයතනය එසේ මෙසේ ආයතනයක්  නෙමෙයි. මොකද එහෙම කියන්නේ? මේ ආයතනය තමයි දැනට ලෝකේ තියෙන ලොකුම Professional Wrestling Company එක වෙන්නේ.. පුදුමාකාර දක්ෂ සුපිරි තරු සහ ප්‍රේක්ෂකයින් හොල්මන් කරවපු සහ කරවන Story Lines මේ ආයතනය සතුයි.. දැනට ලෝකේ තිබුණු 5 Star Matches රැසකට WWE ආයතනය හිමිකම් කියනවා.. මොවුන් දැනට සතිපතා Shows 2ක් පවත්වනවා.. WWE Raw සහ WWE Smackdown Live යනුවෙන් හදුන්වන මේ Shows දෙක දැනට ලෝකේ රටවල් 150කට අධික ප්‍රමාණයක ප්‍රචාරය වෙනවා..


ඊට අමතරව මාසෙකට 1 බැගින් මාස 12 තුල ප්‍රධාන Pay-Per-View Events 12ක් පැවැත්වෙනවා.. ඒ 12 තුලට දැනට ලෝකේ ලොකුම PPV Event එක වෙන Wrestlemaniaද අඩංගු වෙනවා.. තවදුරටත් ලෝකේ රටවල් බොහෝ ප්‍රමාණයක සංචාරය කරමින් වසරකට Live Events 320කට අධික ප්‍රමාණයක් පැවැත්වීමටද WWE ආයතනය කටුයුතු කරනවා.. මෑතකදී WWE ආයතනය විසින් ආරම්භ කරන ලද WWE Network එක ඔස්සේ පරණ/අලුත් සියලු WWE තොරතුරු/Matches සහ Biographies නැරබීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව ලැබෙනවා.. මෙහෙම තියෙන WWE ආයතනය අදියර කීපයකින් විකාශනය උනා..  අපි මේ ලිපි පෙලින් පාඨක ඔබ හට ගෙනඒමට බලාපොරොත්තු වෙන්නේ ඒ අදියරවල් ඔස්සේ WWE ආයතනය විකාශනය වූ ආකාරයයි.. මෙවර කලාපයේ ලිපියෙන් අපි බලමු එහි සිදුවූ  පළමු සහ දෙවැනි විකාශනයන් පිලිවෙලින්..




WWWF - World Wide Wrestling Federation (1963-1979)




මෙන්න WWE Age එකේ පළමු විකාශනය...අපි බලමු මේ යුගයේ මොකද උනේ කියලා.. ඇත්තටම ඔය කාලය තුල WWWF කියන Promotion එක පටන් අරගෙන තිබුනේ නෑ.. ඒ කියන්නේ ඔය කාලේ අපේ "Jess McMahon"  සහ "Toots Mondt" කියන දෙන්න වැඩ කරේ National Wrestling Alliance (NWA) කියන Promotion එක යටතේ.. පස්සේ ඔය මොනවද හුට පට වගයක් ගිහිල්ලා තමයි මේ දෙන්න NWA කියන Promotion එක අත ඇරලා WWWF කියන Promotion එක පටන් අරන් තියෙන්නේ.. බලමුකෝ ඒකෙත් හැටි? මේ දෙන්න ඒකේම වැඩ කරානම් අද කොහෙද WWE එකක් 😉 පස්සේ 1963 April 25 වෙනිදා මොවුන් අරබපු WWWF එකේ පළමුවෙනි Championව පත් කරගන්නත් මොවුන්ට හැකියාව ලැබිලා තියෙනවා.. ඒ Rogers කියලා Local Wrestler කෙනෙක්.. මේ කාලය තුල තමයි දැනටත් කඩලා නැති ඉතිහාසගත වාර්තාවකුත් තියන්න Bruno Sammartino කියන Legendary Wrestler සමත් වෙන්නේ.. ඒ දින 2803ක් WWWF Championship එක තමන් යටතේ රදවා තබාගනිමින්.. එය අවුරදු 7කුත් මාස 8ක් සහ එක් දිනක වාර්තාවක්.. වාර්තාගත වන අන්දමට මෙය පිරිමි මල්ලවපොර ශුරයොන්ගේ වැඩිම දින ගණනකට ශූරතාවය තමන් සතු කර තබාගැනීමේ ඉතිහාසගත වාර්තාවයි. එම කාලයේ Company එකේ Main Wrestler බවට පත්වී තිබෙන්නේද මොහුයි.


තවද මෙම කාලය තුල දකින්නට ලැබූ සුලභ දසුනක් වෙන්නේ, මිනිසුන් කැමති Wrestlersලට දීර්ඝ කාලයක් Championships තමන් සතු කර තබාගැනීමට Company එක අවස්ථාව උදාකර දීමයි.. උදාහරණ ලෙස, Bruno Sammartino, Pedro Morales සහ Bob Backlund වැනි Wrestlersලට අවුරුද්දකට වඩා අධික කාලයක් Championships තමන් සතු කර තබාගැනීමේ වාසනාව ආයතනය විසින් උදාකර දී තිබෙනවා. මුලින් ආයතනය  විසින් රෙස්ලින් මැචස් පවත්වා ඇත්තේ මාසෙකට එක් වතාවක් පමණයි. පසුව එය සති දෙකකට එක් වතාවක් ලෙස වෙනස් වී මුදල් හදල් වැඩිවීමෙන් පසු එය සතියකට වරක් යනුවෙන් නැවතත් වෙනස් කර තිබෙනවා.. තවද, WWWF ආයතනය තුල නොසිටි සුපිරි තරු වන Dusty Rhodes වැනි තරු ආයතනය තුලට ගෙන්වා ගැනීමටද මොවුන් කටයුතු කොට තියෙනවා.. මොවුන් විසින් ගනු ලැබූ තවත් සුවිශේෂ තිරණයක ප්‍රතිපලයක් ලෙස Andre The Giant නම් වූ ඒ ජනප්‍රිය ඒ කාලයේ වැඩිම මුදල් ප්‍රමාණයක් ඉපැයූ Wrestlerව තම ආයතනය සතු කර ගැනීමට හැකියාව උදාවී තියෙනවා.. ඔවැනි සුවිශේෂී දේවල් වලින් මේ යුගය වර්ණවත් වී තිබෙනවා..



පසුකාලීනව Jess McMahonගේ මරණයෙන් පසුව මොනයම් හෝ හේතුවකට Toots Mondt ආයතනය හැරදා යනවා.. පසුව ආයතනයේ control එක Vince McMahonගේ තාත්තා වන, Vincent J. McMahonගේ අතට පත්වෙනවා.. මොහුගේ අතට පත්වීමෙන් පසුව WWWF යන නාමය WWF යනුවෙන් වෙනස් කරනවා.. ඉන්පසු අපි බලමු The Golden Age නොහොත් WWF යුගය කොහොමද වර්ණවත් උනේ කියලා..



WWF - World Wrestling Federation (The Golden Age)




මේ Era එකට Golden Age කියන්න මුල් උන ගොඩක් හේතු තිබුණා ඇත්තටම.. අපි බලමු මෙහි සිදුවූ විශේෂ සිදුවීම් එහෙනම්.. මේක Golden Age කරන්න මුල් උනේ ඇත්තටම Vincent J. McMahon නෙමෙයි. ඔහුගේ පුතා උන වර්තමාන අයිතිකරු Vincent K. McMahon. මොහු Ttian Sports කියන Promotion එකක් වෙනම පටන් අරගෙන ඒකේ Trademarksඋත් WWF එකට ගේන්න සමත් වෙනවා.. Vince හැමතිස්සෙම උත්සහ කරේ ඔහුගේ Promotion එක ලොව අංක එකේ Promotion එක බවට පත් කරන්නයි.. (වර්තමානයේදී එය සැබෑවක් වෙලා තියෙනවා) ඒ නිසා අලුත් අලුත් අත්හදා බැලීම් සිදුකරන්න වින්ස් කටයුතු කරනවා..  එහි ප්‍රතිලයක් ලෙස මෙම ආයතනය වින්ස් අතට පත්වූ සැනින් ඔහු සිදුකරන්නේ රුපවාහිනි මාධ්‍ය සමග වෙළද දැන්වීම් තුලින් ගිවිසුම් වලට එලබීමයි.. ඔහු එසේ සිදුකිරන්නේ රූපවාහිනී නරබන සියලුම දෙනා මොහුගේ promotion එක දැනගනී යැයි බලාපොරොත්තුවෙන්.. ඇත්ත වශයෙන්ම ඒ සියලු දෙයක්ම ඔහු සිතු අයුරින්ම සාර්ථක කරගන්නවා.. ඒ ඔස්සේ මෙය එදා මෙදා තුර වැඩිම පිරිසක් විසින් නැරබූ Wrestling Promotion එක බවට පත්කරගැනීමට වින්ස් සමත්වෙනවා..


මොහුට තිබුණු තවත් අබිලාශයක් වූයේ Northeastern Wrestling Promotion එකක් ලෙස තිබු මෙය National Wrestling Promotion එකක් බවට පත්කරලීමටයි.. ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම සපල වූයේ ඔහු AWA Promotion එකේ හිටිය ප්‍රබල තරුවක් වූ Hulk Hoganව Sign කරගැනීමෙන් පසුවයි.. ඇත්තටම මේ යුගය The Golden Age කියන්න මුල් උන ප්‍රධාන සාදකයක් වන්නේද Hulk Hogan. පසුව   André the Giant, Jimmy "Superfly" Snuka, The Magnificent Muraco, Junkyard Dog, "Mr. Wonderful" Paul Orndorff, Greg "The Hammer" Valentine, Ricky "The Dragon" Steamboat වැනි සුපිරි තරු තම Promotion එකට සම්භන්ද කරගන්නා Vince මොහුගේ Promotion එක One of the Biggest Promotion of All Time කරගැනීමටද සමත් වෙනවා. ඒ තුලින් සැලකිය යුතු ආදායමක් ලබාගන්නා වින්ස් තවදුරත් රුපවාහිනි මාද්‍ය සමග ගිවිසුම් වලට එලබෙනවා.. ඒ, කෙසේ හෝ ඔහුගේ Promotion එක රූපවාහිනියේ Weekly Show එකක් ලෙස පෙන්වා ගැනීමේ අටියෙන්.


මෙය Golden Age එක් බවට පත්වීමට තවත් එක් ප්‍රධාන හේතුවක් වන්නේ Wrestlemania concept එකේ ආගමනය මෙම Era එක තුල සිදුවීමයි. සාර්ථක ආයෝජනයක් වන එය අද වන තුරුම Professional Wrestling ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තබා අවසන් ! තවත් එක් හේතුවක් මතක් කරොත් මේ Era එකේදී තමයි Vince එක් Stadium එකක සිරවී තිබූ Promotion එක ඇමරිකාව පුරාම ගෙනියන්න සමත් වෙන්නේ.. අවසාන වශයෙන් මේ Era එකේ සිදුවූ වඩාත් වැදගත් සිදුවීම වශයෙන් හැදින්වෙන්නේ මාද්‍ය සමග පැවැත්වූ සියලුම ගිවිසුම් වලින් අනතුරුව වින්ස්ට හැකියාව ලැබෙනවා  1993 ජනවාරි වල Monday Night Raw ලෙස Cable TV Program එකක් ආරම්භ කරන්න USA Network එක තුල.. ඉතින් මේකට Golden Age කියලා කියන එකේ මහලොකු අරුමයක් නෑ නේ? මෙවැනි අති විශේෂ සිදුවීම් වලින් අගතැන්පත් උන Golden Age එකෙන් පස්සේ ඊගාව කලාපයේ කතුරු ඔන්චිල්ලාවෙන් මම පාඨක ඔබ සැමව එක්කන් යනවා New Generation Era එකට.. එතෙක් ඔබ සැමට ජය !



කානේෂ් ස්ට්‍රේටේජ්  

https://www.facebook.com/kanesh.GTS

0 comments:

Post a Comment