ඩෙංගු මාරාන්තිකයි... ප්‍රවේසම් වන්න. දැනුවත් කරන්න.





ඩෙංගු උණ මේ දිනවල නිරන්තරයෙන් කතා බහට ලක්වන අසන්නට ලැබෙන මාතෘකාවක්. දිවයින පුරා වාර්තා වන ආසාධිත රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර මෙය ළදරුවාගේ සිට වයෝවෘද පුද්ගලයා දක්වා අසධනයට ලන්ක්වන රෝගී තත්වයකි. මුල් අවධියේදීම මෙම රෝගී තත්වය හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමු නොවුනහොත් විවධ සංකුලතා ඇතිවිය හැකි අතර මරණයට පවා ගොදුරු විය හැක. මෙම නිසා ඩෙංගු රෝගී තත්වය පිළිබඳව සියලු දෙනා නිසියාකාරව දැනුවත් වී සිටීම අත්‍යවශ්‍යය. මෙම ලිපිය මගින් ඩෙංගු රෝගය පිලිබඳ ඔබගේ අවධානයට බදුන් විය යුතු වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.




ඩෙංගු රෝගය යනු කුමක්ද?


මෙය වෛරසයක් මගින් ඇති කරනු ලබන රෝගයකි. එම වෛරසය ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරුවන් විසින් පතුරවනු ලබයි. මදුරුවන් තුළට වෛරසය ඇතුළු වන්නේ ඩෙංගු වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකුට දෂ්ට කිරීමෙනි. මෙය ඕනෑම පුද්ගලයෙකුට වලදීය හැකි නමුත් පුද්ගලයාගේ වයස සහ ප්‍රතිශක්තිය මත වෙනස විය හැක. වෛරසය ශරීර ගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝග ලක්ෂණ මතුවුවහොත් එය,


  • සාමාන්‍ය සුළු උණ තත්වය
  • ඩෙංගු උණ (Dengu Fever –DF)
  • ඩෙංගු රක්තපාත උණ (Dengu Haemorrhegic Fever –DHF)
  • අසාමාන්‍ය ඩෙංගු උණ (කලාතුරකින් <1%)

විය හැකිය.


උණ රෝගයක් සැදුනු විට එය ඩෙංගු විය හැකි යැයි සැක කල යුත්තේ ඇයි?


මුල් අවධියේදී ඩෙංගු උණ සාමාන්‍ය උණෙන් වෙන්කර ගැනීම අපහසුය. නමුත් ඩෙංගු උණ සාමාන්‍ය සුළු උණ මෙන්ම රක්තපාත උණ වැනි අවධානම් තත්ත්ව වලටද පත්විය හැක. සාමාන්‍ය උණ තත්වය ඉක්මනින සුව වන අතර අවදානම් අවස්ථා වලදී රෝහල ප්‍රතිකාර අවශ්‍ය වේ. එවැනි අවස්ථා හඳුනාගැනීමට රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වේ.

                                               baladakshaya.blogspot.com


ඩෙංගු උණ වැළදුණු විට උණ සමග පහත ලක්ෂණ පෙන්නුම් කරයි.



  • හිසරදය 
  • ඇස් යට වේදනාව 
  • මස්පිඩු හා සන්ධි තද වේදනාව
  • ඔක්කාරය/වමනය
  • මුහුණ හා උඩු කය ප්‍රදේශය රත්පැහැයක් ගැනීම(පැහැපත් සමක් ඇති අය තුළ පහසුවෙන් දැකිය හැක)
  • සමේ රතු පහ ලප හට ගැනීම
  • රුධිර වාහන තත්වයන්



ඉහත සදහන් රෝග ලක්ෂණ පවතී නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම අවශ්‍යය. ප්‍රදේශයේ අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම සැකය වඩාත් තහවුරු කිරීමට හේතු වේ.


ඩෙංගු රක්තපාත උණ යනු කුමක්ද?


මෙය ඩෙංගු රෝගී තත්වයේදී ඇතිවිය හැකි අවධානම් අවස්ථාවකි. මෙහි අවධි කීපයකි.


  • මුල් අවස්ථාවේදී (Febrile Phase) දින 7ක් පමණ ඒකාකාරිව අධික උණ පවතී. මේ අවස්ථාවේදී ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ සාමාන්‍ය ඩෙංගු උණට බොහෝ සමානය.

  • ඊලග අවස්ථාවේදී (Critical Phase) උණ බැස යාමත් සමග රුධිර වාහිනී වලින් පිටතට (විශේෂයෙන් ප්ලුරා පටල අතරට හා උදරයට) ප්ලාස්මා තරලය කාන්දු වීම සිදු වේ. මෙය සාමාන්‍ය උණ සැදී 3 වන දිනයේ හෝ ඊට පාඩු සිදුවන අතර නේය රිධිර පරික්ෂාවේදී (FBC) HCT අගය සාමාන්‍ය පරාසයට වඩා ඉහළ යාමෙන් හදුනා ගත හැක.



මෙසේ නොදැනුවත්ව සිදුවන දිගින් දිගටම සිදුවන ප්ලාස්මා කාන්දුව මගින් රෝගියා කම්පන අවස්ථාවකට පත්විය හැක.


රෝග ලක්ෂණ පහව යන අවධියේදී (Convalescent Phase);



  • කෑම රුචිය වර්ධනය වීම
  • හෘද ස්ඵන්දන වේගය අඩු වීම 
  • සුදු පැල්ලම් ඇති වීම
  • ශරීරය කැසීම (විශේෂයෙන් අත්ල සහ පතුල)
  • මුත්‍රා පිටවන ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණය දක්වා වැඩිවීම දැකිය හැක.



රෝග ලක්ෂන පහව ගියද රෝග කාරකය ශරීරයේ පැවතිය හැක. එම නිසා පහත සදහන් අවදානම් ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ. ඇතැම් රෝගීන් කම්පන අවස්ථාවට පත් වීමට පෙර යම් ලක්ෂණ පෙන්නුම් කරයි.



  • උදරයේ ඇතිවන තද වේදනාව
  • නොනවත්වා වමනය පැවතීමඅධික නිදිමත බව/කලබලකාරී බව
  • රුධිර වහනය වීම(විදුරුමසෙන්, නාසයෙන් ලේ ගැලීම, දුඹුරු පැහැ සහ කළු පැහැ මළපහ)
  • පැය 6 කට වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිටවන ප්‍රමාණය අඩු වීම.                 


අවධානම් ලක්ෂන නොමැති වුවද රෝහල්ගත වියයුතු පුද්ගලයන් කවුද?


  • ගර්භණි මව්වරුන්
  • අවුරුදු 1ට අඩු ළදරුවන්
  • අධිබර සහිත රෝගීන්
  • වැඩිහිටි පුද්ගලයින්


ඩෙංගු කම්පන තත්වයේ රෝග ලක්ෂණ 



  • ඇඟ/අත් පා සිතල වීම 
  • ශරීරය සුදුමැලි වීම  
  • කලබලකාරී/නිදිමත ස්වභාවය
  • මුත්‍රා පිට නොවීම හෝ පිට වන් ප්‍රමාණය අඩු වීම 
  • හුස්ම ගැනීම හා නාඩි වැටීම වේගවත් වීම වඩාත් අසාධ්‍ය බව හඟවයි.



කලාතුරකින් සමහර රෝගීන් සාමාන්‍ය ඩෙංගු රෝග ලක්ෂණ නොපෙන්වා පහත සදහන් අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.



  • ශ්වසන රෝග ලක්ෂණ  - කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අසාධන 
  • උදර අබාධ - මළ බද්ධය, වමනය, උදර වේදනාව, පාචනය(Diarrhea)



ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකුලතා.


සාමාන්‍ය උණ රෝගීන්ට සංකුලතා ඇති වීමේ අවධානම අවමය. රක්තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු උණ වැනි අවදානම් අවස්ථාවලට පත්වන රෝගීන් සුළු ප්‍රමාණයකට වකුගඩු හා අක්මාව අකර්මන්‍ය වීම, මොළයට සිදුවන බලපෑම් වැනි සංකුලතා ඇති වී මරණය පවා සිදිවිය හැක. පම නොවින් නිසි ප්‍රතිකාර ගැනීමෙන් මෙවන් තත්ත්ව අවම කර ගත හැකිය.


එකම පුද්ගලයාට ඩෙංගු කිහිපවරක් සැදිය හැක. මන්දයත් ඩෙංගු ප්‍රභේද 4ක් ඇති බැවින් හාවරක්  මෙම රෝගයට ගොදුරු වූ විට ප්‍රතිශක්තිය ඇති වන්නේ අදාල ප්‍රභේදයට පමණක් බැවිනි. නැවත වරක් ඩෙංගු සැදීමේදී රක්තපාත තත්වයට පත්වීමේ අවදානම වැඩිය.


ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේද?


මෙහිදී උණ සැදී දින දෙකකට පසුව කරන සම්පුර්ණ රුධිර පරීක්ෂාව (FBC) වඩාත් ප්‍රයෝජනවත් වේ. මෙය පෞද්ගලික පරීක්ෂණාගාරයකින් වුවද පහසුවෙන් සිදු කරවා ගත හැක. ඒ සදහා රු. 300 – 450 මුදලක් වැය වේ. මෙම පරික්ෂාව කිරීමට පෙර නිරාහාරව සිටීම අවශ්‍ය නොවේ. ඩෙංගු රෝගයේදී සාමාන්‍යයෙන් සුදු රුදිර සෛල (WBC) හා රුධිර පට්ටිකා (Platelet) අගයන සාමාන්‍ය පරාසයට වඩා අඩු අගයක් ගනී. මෙමගින් රෝගියා රෝහල් ගත අකල යුතුද යන්න වෛද්‍යවරයා තීරණය කරයි. ඩෙංගු වෛරසය ශරීර ගතව ඇති බව තහවුරු කිරීමට NS1 ප්‍රතිදේහ ජනක හා ඩෙංගු ප්‍රතිදේහ පරික්ෂාව සිදු කරයි.


ඩෙංගු ආසාධිත බොහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්වයක් පෙන්නුම් කරන අතර වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වේ.


උණ ඇති විට කුමක් කල යුතුද?


  • වෙහෙසකර කටයුතු වලින් බැහැරව හොදින් විවේක ගත යුතුය.

  • උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන්, නියමිත කාලසීමාව තුල පැරසිටමෝල් ඖෂධය ලබා ගන්න. විශේෂයෙන් උණෙන් පෙළෙන දරුවන්ට දිනකට වර හතරකට වැඩ නොඉක්විමට වග බලා ගන්න.

  • වේදනා නාශක ඖෂධ - NSAIDS වර්ගයේ ඖෂධ හා ස්ටිරෝයිඩ(Steroids) භාවිතයෙන් වැළකිය යුතුය. එයට හේතුව නම් ඉහත කාණ්ඩවලට උදාහර වන ඇස්ප්‍රින්(asprin), මෙෆෙනෙමික් ඇසිඩ්(mefenemic acid), ඉබියුප්‍රෝෆෙන්(Ibuprofen), ඩයික්ලොෆිනැක් (Diclofinac) වැනි ඖෂධ භාවිතයෙන් ඩෙංගු නිසා ඇතිවන රුධිර වාහන වීමේ තත්වයන් උග්‍ර විය හැක.

  • උණ පවතින කාලය තුළ මදුරුවන් දෂ්‌ඨ කිරීමෙන් හැකිතාක් ප්‍රවේශම් වන්න, මෙම කාලය තුළ රෝගියාගේ රුධිරයේ වෛරසය පවතින බැවින් මදුරුවන් මගින් මදුරුවන් මගින් නිරෝගී පුද්ගලයෙකුට රෝගය පැතිරිය හැක.\සැහැල්ලු පෝෂ්‍යදායි අහාර වේලක් ලබා ගන්න.



උණ පවතින කාලය තුල ගත යුතු අහාර වර්ග මොනවාද?



  • උණ හා වමනය නිසා ඇතිවන විජලන තත්වයෙන් මිදීමට අවශ්‍ය පමණය දියර වර්ග පානය කල යුතුය(තැඹිලි, කැඳ, ජිවනි, පලතුරු යුෂ)
  • ළමුන්ට ග්ලුකෝස් වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ වලින් නිරතුරුවම ලබා දිය යුතුය.
  • තෙල් සහිත අහාර ගැනීමෙන් වැළකිය යුතු අතර රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණ බැගින් අර්ධ ඝන, සැහැල්ලු අහාර වෙල් කිහිපයක් ලබාදීම සුදුසුය.
  • අභ්‍යන්තර රුධිර වාහන තත්වයන් (රතු දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළපහ) හදුනා ගැනීමට අපහසු බැවින් රතු/දුඹුරු පහ අහාර හා දියර වර්ග ගැනීමෙන් වලකින්න.

ඩෙංගු රෝගය වලක්වා ගත හැකි ක්‍රම මොනවාද?

                                            sjp.ac.lk
                                       

ඩෙංගු මර්දනය කිරීමේ වඩා සාර්ථක ක්‍රමය වන්නේ එය ව්‍යාප්ත කරන ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වා ගැනීමයි. ජිවන චක්‍රයේ එක් අවස්ථාවක් හෝ විනාශ කිරීම මගින් මදුරුවන් බෝවීම වලක්වාගත හැක. තවද මදුරුවාගේ ජිවන චක්‍රයේ අවස්තා 3ක් ම ජාලිය අවස්ථා බැවින් විනාශ කිරීම පහසු වන අතර වැඩිහිටි මදුරුවෙක් වශයෙන් පරිසරයට පියඹා ගිය පසු විනාශ කිරීම ඉතා අපහසුය.





ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇති නොවීමට වග බලා ගැනීම.


  1. නීති පතා ගේදොර, පාසල හා අවට පරිසරය පිරිසිදු කිරීම.
  2. කසල නිසි ලෙස වර්ගීකරණය කර බැහැර කිරීම
  3. වැහි පිලි සිදුරු කිරීම, ඉවත් කිරීම හෝ නිරතුරුව පිරිසිදු කිරීම
  4. වතුර එකතුවන බදුන් හා ටැංකි මදුරුවන් බිත්තර දැමිය නොහැකි ලෙස වස තැබීම 
  5. වියලි තත්ත්ව යටතේ පවා මදුරු බිත්තර භාජන වල ඇතුලත බිත්තියට ඇලි සුරැකිව තිබෙන බැවින් එම බදුන් වල ඇතුලත පති හොදින් අතුල්ලා සේදීම.
  6. කාණු පද්ධති අවහිර නොවන සේ නිතිපතා පිරිසිදු කර පවත්වා ගැනීම
  7. ජලය රැදෙන පත්‍ර සහිත විසිතුරු පැළ ඉවත් කිරීම.

                                                            army.lk 


ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම 



  • වියළි හා ජලය රැදී ඇති බඳුන් (යෝගට් කෝප්ප, ටයර්, පොල් කටු, ටින්, බෝතල්, පොලිතින් බෑග් ආදිය)සොයා බලා විනාශ කිරීම හෝ වල දැමීම 

රසායනික හා ජෛව විද්‍යාත්මක ක්‍රම


  • පොකුණු, ජල ටැංකි හා කාණු යනාදිය සදහා මදුරු කිට නාශක මත්ස්‍යයන් යෙදීම (උදා: ගප්පි, නල හදයා)


නීතිමය පියවර ගැනීම 


  • මදුරුවන් බෝවන ස්ථාන ඇති පරිසර පවත්වා ගන්නන්ට එරෙහි නඩු පැවරීම.


මදුරු දෂ්ඨනයට ලක් නොවීම 


  • සාමාන්‍යයෙන් ඊඩිස් මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පැය පැය කීපයක් යන තුරුද, සවස් කාලයේ හිරු බැසීමට පැය කීපයකට පෙර ද වැඩිපුර දෂ්ඨ කිරීම සිදු කරයි.
  • ශරීරය හොදින් ආවරණය වන සේ ඇදුම් ඇදීම.
  • මදුරු විකර්ෂක භාවිතය(පැඟිරි තෙල්, මදුරු තලා, කජු ලෙලි දුම් වැනි)
  • දහවල් කාලයේදී වුවද සැක සහිත රෝගීන් හට මදුරු දැල් යට විවේකය ලබා දීම.



සැම විටම රෝගය වැලදී ප්‍රතිකාර ගැනීමට වඩා රෝගය වළක්වා ගැනීමට කටයුතු කර ප්‍රවේශම් වීම අගනේය. මෙමගින් ඔබ, ඔබගේ මෙන්ම අන් අයගේ ජිවිත කාලය හා මුදල් ද සුරැකීමට දායක වේ. ඩෙංගු රෝගය වැලැක්වීම අප සැමගේ යුතුකමකි. අප සැවොම ඒ සදහා පෙළ ගැසෙමු.






විචාරා රත්නායක
වෛද්‍ය පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය 

0 comments:

Post a Comment