ගීත රසවින්දනය





ගීතය සංගීතය නැමති විෂය ක්ෂේත්‍රය  නැමති කුඩාම නමුත් ජනප්‍රියම ශාඛාවායි. ගීත ක්ශේත්‍රයෙහි ගී පද රචනාව යනු ගීයේ ප්‍රාණයයි. විවිධ ගී පද රචනාවන් ගී ක්ශෙත්‍රය හමුවේ විවිධ වූ තේමාවන්ට අනුගතව ඒවා රචනාවී තිබේ. ගීතයේ භාවිතය වන්නෙ එය හුදු වචන හරබයක් නොව සාහිත්‍යමය ගුනයන්ගෙ ඔපවත්ව  නිසි කවිතවයෙන් පිහිටන විටදීය. එය කවිතා යනුවෙන් හැදින්වේ.
කවිතා යනු ඕනැම කලා නිර්මානයක තිබිය යුතු සෞන්දර්යාත්මක මුහුනුවර හා අවාලකනයයි. දහම, මාතෘත්වය , වීරත්වය දේශනුරාගය හෝ ප්‍රේමය යනාදි කුමන තෙමවක වුවද අදාල කවීතා වල පිහිටීමෙ ස්වභාවය මත එය සිත් ගන්න සුලු සෞන්දර්යාත්මක නිර්මානයන් වේ.මෙසෙ ගීත නිර්මානයන් අතර මාතෘත්වය යන තේමවද ගීත ක්ශෙත්‍රය තුල කවීත්වයෙන් සපිරි බොහෝ නිර්මානයන් බිහිවූ තේමවකි. " ආදරයෙ උල්පත වූ අම්මා" ගීතය එසෙ මාතෘත්වය පිලිබඳව තේමා වූ ලාන්කීය ගීත ක්ශේත්‍රයේ දාරක ප්‍රේමය පිලිබඳව කියන්නාවූ අතිශය රමනීය ගීතයකි,


"ආදරයේ උල්පතවූ අම්මා..
මා ඔබගේ පුතු වූ...
ඔබ මතු බුදු වන දවසේ...
මා රාහුල කුමරුන් සේ..
සෙවන පතා අද මෙන් පැමිනෙන්නෙමි..
සුලැගිල්ලෙ එල්ලී..."


ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන් විසින් රචිත මෙම ගීතය එතුමන්ගේ පලමු මවු ගුන ගීතය විය.දරුවෙකුට ලොව වටිනාම වස්තුව වන්නෙ මවයි.තම මවට වන් ආදරයක් මිහිපිට නැති අවස්තාවන් ජීවිතයෙ ලැබෙන්නේද නැත.මව මතු බුදු වන්නේ යැයි බොහෝ දෙනෙක් විශ්වාස කරයි.මෙහි ගී පද රචනාවෙහිද ප්‍රේමකීර්තිද අල්විස් සූරින් එය දැඩිව දක්වා ඇත.අද මවගේ සිරුරට වෙලී ඇත්තා සේම ඇය මතු බුදුවන දිනයේ ද ඇයගේ සුලැගිල්ලෙ එල්ලී ඈ පසුපස එන බා ඔහු සිය ප්ද රචනාවෙන් ඉඟි කරයි.



"සද දිය කොට කිරි වතුරෙන්...
ඒ දියරෙන් මුව දෝවා...දිව මතුරක් වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූව...
ජීවිට්ජයැන් ජීවිතයක් ගැන දී..
ඒ ජීවිතයට දිවි ඩී පන දී...
මා දැඩි කල අම්මා..."


නින්දට යන දරුවන්ට තම මවගේ නැලැවිලි ගී ගායනා සැබෑවටම දිව්‍ය මන්තරයකි.නැලැවිලි ගී කෙසේ වුවද මවගේ දෑතක් හිතෙ දැවටෙන විට පවා දැනෙන සැනසීම ආරක්ශාව සිතට ගතට දිව්‍යමය ඖෂධයකි.මවක් යනු තම ජීවිතයෙන් තව ජීවිතයකට පන පොවන්නීය. රචකයා පද වැල් තුලින් එම උත්තරීතර කර්තව්‍යය ඉදිරිපත් කර ඇත්තේ දැඩි මව් සෙනෙහෙ පෙරදැරි කරගෙනය..ජීවිතය ලබාදීමෙන් නොනවතින ඇය තම ලේ ධාතුව කිරි බවට පත්කර ජීවය පොවන්නේ තම දාරක ප්‍රේමය නිසවෙනි.





"තුරුලට ගෙන අත්පා හැඩ ගස්වා ...
නිදි ගන්වා යහන් ගැබේ..
සිහිනෙන් ගෑ සුවදක් මෙන්...
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ..
දවසින් දවසට සෙනෙසහ ලැබදී
ගෙන දී දිවියට නවපන ලැබ දී..
මා දැඩි කල අම්මා.."


දරුවෙකුගෙ අත් පා ආදී ශරීරාංග කුඩා කාලයේ දී හැඩ ගන්වන්නේ අම්මාය. රචකයා ගී පද වැල් තුලින් මවගේ කාර්‍ය බාරය, ඇය වගකීම් ඉටු කරන ආකාරයද මනාව පෙන්වයි. ස්මරනයක ආකෘතියෙන් ගී පද රචනාවී ඇති බව හැගේ.."සිහිවෙයි ඒ කිරි සුවද ඔබේ" ලෙස කීමෙන් මව පිලිබද ඇති දැඩි මතකය ඉඟි කරයි. දිනෙන් දින සෙනෙහස ලැබ දී තම ඇති දැඩි කල මව පිලිබද ඔහු ගයන ගුන ගීය සමස්ත මාතෘත්වයේම ගුණ ගායනාවක් ලෙස දැක්විය හැකිය..



ප්‍රතිභාපූර්ණ ගීපද රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචිත මෙම ගීතයේ සංගීතය හා ගායනය සංගීතවේදී වික්ටර් රත්නායකයන් විසිනි. මුල් ගීතයට සවන් දීමේදී මෙම ගීතයේ රසය වඩාත් විඳගැනීමේ අවස්තාව ලැබේ. බොහෝ කලක සිට ගුවන් විදුලියෙ රාත්‍රියට මෙම ගීතය ප්‍රචරයට පත් කෙරුනු අවස්තා විය..දෑස් පිය ගෙන රසවිදිය හැකි මනසින් මවගෙ දාරක ප්‍රේමය අවස්තා විදිය හැකි රසයක් මෙම ගීතයේ ඇත..විචාරකයින් පවසන පරිදි මෙම ගීතය මව් ගුණ ගැන ලියවුනු විශිශ්ඨතම ගීයකි. එය ඔප කලේ වික්ටර් රත්නායකයන්ගේ මදුර මනෝහර හඬ, තනුව, හ සංගීතයයි.එම සංගීතය නොයෙක් සංගීත නාද රටවන්ගේ කලබල කාරි නොවූ මියුරු සංගීතයකි.සිතාරය, වයලීනය, බටනලාව, හා සියුම් තාල වාද්‍යයන්ගේ නාද මිශ්‍රව නිර්මානය වී ඇති මෙහි සංගීතය ගීතයෙන් ශ්‍රාවකයාගෙ මනසට කතාකිරීමට යොදා ගෙන ඇත.සැබෑවටම මෙය ශ්‍රී ලාංකේය ගීත කලාවේ කවීත්වයෙන් සුපෝශනය වූ ගී නිර්මාණයක් ලෙස ඉදිරිපත් කල හැකිය.




චූලහංසි මංචනායක 
සංගීත පීඨය
සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලය

3 comments:

  1. දයාබර නංගි ඔබගේ විචාරාත්මක රසවින්දනය ඉතා ඉහලින් අගයමි

    ReplyDelete