Fashion



විලාසිතා, එසේත් නැතහොත් fashion යන මාතෘකාව දිනෙන් දින යාවත්කාලීන වන මාතෘකාවක් බව ඔබත් මමත් හොදින් දන්නා කරුණකි. එමෙන්ම විලාසිතාව ලොව තුළ දිනෙන් දින පුවත් මවන මාතෘකාවක්ද වී හමාරය. ආසියාතිකයන් වන අප නව විලාසිතා පිළිබද යාවත්කාලීන වීම යම් තාක් දුරට ප්‍රමාද වුවත් ලොව අනෙකුත් රටවල, විශේෂයෙන් යුරෝපානු, ඇමරිකානු සහ ලතින් ඇමරිකානු රටවල විලාසිතව ඔවුන්ගේ සමාජය තුල දිවෙනා ප්‍රබල අංගයකි. එම රටවල පවතින සෘතු බේදයත් සමග දිනෙන් දින ඔවුන් ගේ විලාසිතා ද ඒ හා පවතින වර්ණ ද වෙනස් වෙමින් ඉදිරියට යයි.



විලාසිතාවන් විවිධ මාධ්‍ය ඔස්සේ පෙන්වීමට සහ සමාජ ගත කිරීමට අපට හැකියාවක් ඇත. එය ඇදුමක්, යම් පළදනාවක්(accessories), පාවහන් යුගලක්(shoes) හෝ කොන්ඩා විලාසිතාවක්(hair style) ද විය හැක. ඒ සෑම දෙයක් තුළම පවතින්නේ විලාසිතාවයි.එය නව විලාසිතාවක් හෝ පැරණි විලාසිතාවක් විය හැක. නමුත් එය පළදින පුද්ගලයාට එහි ඇති ගැලපීම මත පැරණි විලාසිතාවක් වුවද නව විලාසිතාවක් සේ දිස්විය හැක. එමෙන්ම නව විලාසිතාවක් වුවද අලංකාර නොවිය හැක.


විලාසිතාවන් හඹායාම තුල ප්‍රධාන වෂන්යෙන් අප දැනගත යුතු කරුණු කිහිපයක් ඇත.


  • තමාට ගැලපෙන පරිදි විලාසිතාවන් තෝරා ගැනීම.
  • තම පෞරුෂත්වය ඔප් නැංවෙන පරිදි විලාසිතා තෝරා ගැනීම.


යන කරුණු දෙක ඒ අතරින් ප්‍රදාන වන අතර මෙම කරුණු දෙක තුල තවත් කරුණු රාශියක් ගැබ්ව පවතී.



මුල්ම කරුණ, එසේත් නැතහොත් තමාට ගැලපෙන පරිදි විලාසිතා තෝරාගැනීම යන කරුණ සලකා බාලීමෙදී අපට ඒ තුල පවතින තවත් කරුණු රාශියක් පිළිබද කතා කල හැක. එහිදී වර්ණ (colors) යන්න ප්‍රධාන වශයෙන් කතාකල යුතු මාතෘකාවකි.



විලාසිතාවක් සදහා වර්ණ තෝරා ගැනීමේදී තමුන්ට, එසේත් නැතහොත් තමාගේ සමේ වර්ණයට ගැලපෙන පරිදි වර්ණ තෝරා ගැනීම තුල එම විලාසිතාව ඔබට ආභරණයක් වනු ඇත. විශේෂයෙන් ආසියාතිකයන් වන අපගේ සමේ වර්ණය විවිධාකාර වේ. සාමාන්‍යයෙන් ඔබගේ සමෙහි වර්ණය අඳුරු ගතියෙන් අඩුනම් (fair skin) එම පුද්ගයාට තද වර්ණ මෙන්ම ලා වර්ණ ද ඇදීම හෝ පැළදීම ගැටළුවක් නැත. නමුත් අදුරු සමක් (dark skin) ඇති අයට ලා වර්ණ ඇදීමේදී හා පැළදීමේදී තරමක් සැලකිලිමත් විය යුතුය. ලා නිල්, ලා රෝස වැනි වර්ණ අදුරු සමක් ඇති අයෙකු පැළඳුවහොත් ඔහුගේ හෝ ඇයගේ සමෙහි වර්ණය කැපී පෙනීමේ හැකියාවක් ඇති අතර ඉන් තමාගේ අදුරු ගතිය තව තවත් වැඩි වී පෙනෙනු ඇත. මෙවැනි කරුණු හේතුවෙන් විලාසිතා භාවිතයෙදී වර්ණ පිළිබද සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.


එමෙන්ම අලංකරණ උපාංග හා ද්‍රව්‍ය (Prints, Embellishments) හා  රෙදි (Materials) යන කරුණු, අප අවදානය යොමු කල යුතු තවත් කරුණු දෙකකි.



මුද්‍රිත රෙදි පිළි (Printed fabrics) යනු විලාසිතාව තුළ ප්‍රබල මාධ්‍යයකි. යම් විලාසිතා ප්‍රවනතාවක් (fashion trend) ඉහත කී මුද්‍රිත රෙදි පිළි මත වුවද යාවත්කාලීන විය හැක. එවැනි මුද්‍රිත රෙදිපිළි තුලින් ශරීරයෙහි හැඩය ඔප්නන්වා පෙන්වීමේ හැකියාවක් ඇති අතර යම් අයෙකුගේ සිහින් බව හා තරබාරු බව අඩු වැඩි කර පෙන්විය හැකි තරමටම එය ප්‍රබල වේ. මුද්‍රිත ඉරි සහිත රෙදි (Stripes printed fabrics) ඒ අතර ප්‍රධාන තැනක් ගනී.



ඉහත අප කතා කල දෙවන කරුණ, තම පෞරුෂත්වය ඔප්නැන්වෙන පරිදි විලාසිතා භාවිතය යන කරුණ අද වන විට බොහෝ දෙනා පටලවාගන සිටින කරුණකි. එදිනෙදා විලාසිතා (casual wear), කාර්යාලීය විලාසිතා (Office wear), උත්සව විලාසිතා (occasional wear), සාද විලාසිතා (Party wear) යන විවිදාකාර විලාසිතා හරිහැටි හදුනාගන ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන පරිදි විලාසිතා භාවිතා කිරීම තුලින් තමා භාවිතා කරන විලාසිතාවෙන් තම පෞරුෂත්වය ඔප්නන්වා ගැනීමේ හැකියාවක් ඇත. බොහෝ දෙන තුල ඇති අඩු අවබෝධය නිසා අද වන විට තම විලාසිතාව නිසා පෞරුශත්වයට හානි කරගන්න අයද දැකිය හැක.


ඇදුමක් හෝ විලාසිතාවක් තුලින් යම් අයෙකුගේ සැගවුණු පෞරුශත්වය මෙන්ම සුන්දරත්වයද ඉතා අලංකාර හා ආකර්ෂණීය ලෙස සමාජ ගත කල හැකි අතර එයට විලාසිතා පිළිබද හා තමාගේ ශරීරය පිළිබද නිවැරදි වැටහීම හා අවබෝධය මෙන්ම තමාට ගැලපෙන විලාසිතා පිළිබද මනා අවබෝදය ඉතා වැදගත් වේ.


නිවැරදි විලාසිතා භාවිතය තුලින් ඔබට ඉතා ආකර්ණීය පුද්ගලයෙකු ලෙස සමාජය ඉදිරියේ පෙනීසිටිමට හැකි වනු හැකි අතර දිනෙන් දින යාවත්කානීන වන විලාසිතා ලෝකයේ තොරතුරු පිළිබද යම් අවබෝදයක් ලබා තිබීම වැදගත් වේ. එම අවබෝධය හා යම් යම් කරුණු කාරණා අපි ඉදිරි ලිපි මගින් ඔබවෙත ගෙන එන්නෙමු.


“FASHION IS THE ARMOR TO SURVIVE THE REALITY OF EVERYDAY LIFE….”

- Bill Cunningham




විශ්ව රණසිංහ
විලාසිතා නිර්මාණවේදී උපාධිදාරිනී

0 comments:

Post a Comment