Kitchen එක





කවුද ආස නැත්තේ දැල්ලෝ කන්න.


ඒ නිසා අද අපි කතාකරන්න යන්නේ රසවත් බටර්ඩ් කට්ල්ෆිෂ් සමඟ කටට සැර මැයෝනේස්  එකක් පිළිගන්වන ආකාරය. හොඳ හෝටල් වල නිතරම වගේ ඉල්ලන කෑමක් තමයි මේ බටර්ඩ් කට්ල්ෆිෂ් කියන්නේ.



අවශ්‍ය ද්‍රව්‍ය


දැල්ලන් සඳහා

පිටි ග්‍රෑම් 100 (පාන් පිටි නම් වඩාත් සුදුසුයි.)
ගම්මිරිස් කුඩු තේ හැඳි 2ක්
ලුණු කුඩු ග්‍රෑම් 5ක්
මිරිස් කුඩු ග්‍රෑම් 10ක්
ඕනෑම තෙල් වර්ගයකින් මිලි ලීටර් 250
සිහින් පටි මෙන් කපාගත් දැල්ලන් ග්‍රෑම් 250ක්
සිහින්ව කපාගත් සුදුළූණු සහ අමු මිරිස් (පිළිගැන්වීම සඳහා)


මැයෝනේස් සඳහා

බිත්තර කහමද 2ක්
දෙහි යුෂ හෝ විනාකිරි මිලි ලීටර් 20ක්
මස්ටර්ඩ් පේස්ට්
ලුණු ග්‍රෑම් 5ක්
එළවළු තෙල් මිලි ලීට්ර් 250 ක්
ගම්මිරිස් ග්‍රෑම් 5ක්
මිරිස් කුඩු ග්‍රෑම් 5ක් (අවශ්‍ය නම්)


පිළියෙල කිරීම


දැල්ලන්

ඔබ සපයාගත් තෙල් මිලි ලීටර් 250 ගැඹුරු තෙල් තාච්චියක දමා රත්වෙන්නට ඉඩ හරින්න. ඉන්පසු ගම්මිරිස්, මිරිස් කුඩු, පිටි සහ ලුණු හොඳින් කලවම් කර දැල්ලන් තීරු එහි දමා හොඳින් තවරගන්න. පිටි කැටිති ලෙස එනතෙක් තැවරිය හැකිනම් වඩාත් සුදුසුයි. ඉන්පසු දැල්ලන් තීරු රන්වන් පැහැයට හැරෙන තෙක් ගැඹුරු තෙලේ බැදගන්න. මේ සඳහා ආසන්නව විනාඩි 2ක් පමණ ගත වේ.


මැයෝනෙස්

මස්ටර්ඩ් පේස්ට්, බිත්තර කහමද, දෙහි යුෂ හා ලුණු බ්ලෙන්ඩර් එකකට දමා එය ඝන මිශ්‍රණයක් වීමට ආසන්න වන තුරු සාදාගන්න.  ඉන්පසු එළවළු තෙල් සෙමෙන් එකතු කරන්න. මේ අතර බ්ලෙන්ඩරයේ පැති වල රැඳෙන මිශ්‍රණයද නැවත එකතු කරන්න. මිශ්‍රණය සුදු පැහැති ඝන ක්‍රීම් එකක් වෙනතුරු මෙසේ කරන්න.
(විශේෂ - මෙහිදී තෙල් එකතු කිරීම සෙමින් කළ යුතුයි. නමුත් ඕනෑවට වඩා සෙමින් කළහොත් මිශ්‍රණය පදම් වීමට පෙර ඝණ විය හැකියි. එසේ වුවහොත් අනෙක් තෙල් එකතු කිරීමට පෙර උණුවතුර තේ හැන්දක් දමා නැවත තෙල් එකතු කිරීමට පටන්ගන්න.)


පිළිගැන්වීම


සුදු ළූණු සහ අමු මිරිස් දැල්ලන් පිළියෙල කර භාජනයේම ගැඹුරු තෙලේ බැදගෙන සිහින් කැබලි වලට කපාගන්න.
දැල්ලන් තීරු මත එම සිහින් කැබලි විසුරුවා, පිළියෙල කරගත් මැයෝනේස්ද සමඟ පිළිගන්වන්න.




Crispy cuttlefish with spicy mayonnaise 


Ingredients 


For cuttlefish 


100g plain flour
2 tsp black pepper, cracked
5g salt
10g chilli powder
250ml of any deep frying oil for frying
250g squid, cleaned and cut into strips
finely sliced garlic and green chilli, to serve


For mayonnaise 

2 egg yolks
20ml of lemon juice or vinegar
15g of Mustard paste 5g of salt 250ml vegetable oil  5g of pepper
5g of chilli powder ( optional)


Method

Cuttlefish 

Heat the oil in a deep pan or a wok.Mix all the dry ingredients together in a mixing bowl.Coat the cuttlefish well until you get flour flakes in the squid. Fry in batches for about 2 mins each or until golden brown.Use a slotted spoon to take out the squid, then drain on the oil absorbing paper and sprinkle with a little more salt. Quickly deep fry sliced garlic and green chilli in the same pan(about 20 seconds)Serve the squid scattered with the fried garlic and chilli, with the mayonnaise on the side.
 Mayonnaise  Place the egg yolks, mustard,lemon juice and salt in the blender and process until the mixture just begins to thicken. Pour oil into a measuring jug. Slowly add oil to egg-yolk mixture in occasionally stopping to scrape down the side of the blender with a spatula, until the mixture is thick, creamy and pale. You need to add the oil slowly, but not too slowly as the mixture could thicken too quickly (if this happens, add a little hot water, about 1 tablespoon to thin down the mayonnaise before adding the remaining oil). Season with chilli powder and pepper.





සිතාරා රාජකරුණා 

0 comments:

Post a Comment