මියුsic






කොහොමද ?...අලුත් දවසක අලුත් ආරම්භයක් එක්කම  Music ගැන කතා කරන්නයි අපි ලෑස්ති වෙන්නේ...ඔබේ රසවින්දනයට වගෙම ඔබේ දැනුමටත් යමක් එකතු කරන ගමන්ම සංගීතය තුලින් ඔබව වෙනස් මානයකට රැගෙන යන්නට අපි සූදානම්. අද music ගැන කතා කරන දෙවෙනි දවස...පසුගිය දවසෙ අපි  Music ගැන කතා කලෙ ඔබට යමක් සිතන්නට ඉතිරි කරමින්... ඒ වගේම ඉදිරියේදී මෙ Music ගැන හොයාගෙන යන ගමනෙ පෙරදිග අපරදිග වගේම අපෙ දේශීය ජන සංගීතය ගැන කතා කරන්න...ඒ ගැන ඔබට කියන්න අපි සූදානම් ,,,,

Music ගැන අද අපේ කතාව පටන් ගන්න කලින් මම කලින් අපි හමුවුන දවසෙ කරපු සාකච්චාව ඔබට ආවර්ජනයක් කරන්නම්. අපි කලින් දවසෙ කතා කළේ අපි නොදැන හෝ දැන අපිට ඇහෙන හෝ  අපි රසවිඳින සංගීතය ඇත්තටම අපිව පිනවනවද නැත්තම් අපි එකෙන් විදවනවද කියල. ඒ නිසවෙන්ම මෙම විෂය පිලිබඳව පොඩි හෝ අවබෝධයක් ලබා දෙන්නයි මේ පුංචි උත්සහය. අද අපි රසවිදින සංගීතය තුල ගොඩක් සංගීත ශෛලීන් ගැබ් වෙල තිබෙනවා...ඒ වගේම මේ හැම සංගීත ශෛලියක්ම මවු සංගීත පද්ධතියක් අසුරු කරගෙන තමයි නිර්මාණය වෙල තියෙන්නේ....pop music, jazz,roc,blues music, වගේම ශාස්ත්‍රිය සංගීතයත් එහෙමමයි .අපි හැමොගෙම රස වින්දනය එකිනෙකට වෙනස් ...ඒ හැම රසයකටම මවු සංගීත පද්ධතියක් පාදක වෙලා තියෙනවා...ඔබට ප්‍රශ්නයක්...ඇත්තටම මොකද්ද මෙ සංගීත පද්ධතියක්  කියල කියන්නෙ....අපි එතනින් අපේ කතාව පටන් ගනිමු.....මවු සංගීත පද්ධතියක්... කියන්නෙ එයටම ආවෙනික ස්වර ප්‍රස්ථාර ක්‍රමයක් , එයටම ආවෙනික ගායන වාදන ශිල්ප ක්‍රමයන්  සහ ආවෙනික භාණ්ඩ සහිත පද්ධතියකටයි....මේ විදිහට ලෝකය පිලිගත්  ප්‍රධාන සංගීත පද්ධති 5 තිබෙනවා. 


හින්දුස්තානි සංගීත පද්ධතිය 












Inline image 3



බටහිර සංගීත පද්ධතිය 



Inline image 1



Inline image 2



ගමිලෑන්  සංගීත පද්ධතිය


Inline image 3



Inline image 4



ඉස්ලාම් සංගීත පද්ධතිය 


Inline image 5



Inline image 6


චීන සංගීත පද්ධතිය 

Inline image 7



Inline image 8




එතකොට මේ හැම සංගීත පද්ධතියකටම පොදු වුන කරුනු කීපය අපි පොඩ්ඩක් නිරවුල් කරගෙන යමු උදාහරණත් එක්කම...



මේ තියෙන්නෙ බටහිර සංගීත ප්‍රස්තාර ක්‍රමය.....Scales කියන මූලික සිද්ධාන්තය තමයි මෙ ක්‍රමයට පදනම් වෙන්නෙ. ඒ කියන්නෙ ආරොහණ සහ අවරෝහණ ක්‍රමයට පෙල ගැස්වූ ඉවර අශ්ඨකයක් සමඟ..... 


Inline image 1


ගොඩක් වෙලාවට අපි  Music කියනකොට මතක් වෙන්නෙ ස ..රි.. ග ..ම ..ප ..ධ.. නි..ස..(උච්ච සප්තකය - සප්තකය කියන්නෙ ස්වර 7 කියන එකට..) ..ඒත් බටහිර සංගීතයෙදී මෙ ස්වර ටිකම උනාට ශබ්ද කිරීම සහ නම් වෙනස් ..ඒ කියන්නෙ 


පෙරදිග ක්‍රමය - ස, රි, ග,ම,ප,ද,නි,ස(උච්ච)

බටහිර ක්‍රමය - C - DHO, D -RE, E - MI, F - FA, G - SO, A - LA, B - TI, C - DHO


මේ විදියට 



Inline image 1


මේ ප්‍රස්තාර ක්‍රමය පාවිච්චි කරන්නෙ බටහිර සංගීත ශෛලිය සඳහා....මේ ක්‍රමය පෙරදිග සංගීත ක්‍රමයෙ භාවිතය කරන්නෙ.නෑ....ඒත් වර්තමානයේ නම් බටහිර සංගීතයෙ සිද්ධාන්තයන් ද යොදා ගන්නා අවස්තා තියෙනව... ඒ වගේම තමයි බටහිර සංගීත භාණ්ඩ වර්ගීකරණය....ඒ වර්ගීකරණයත් කොටස් 4 කට බෙදෙනවා.


1.woodwind instruments



Inline image 1


Inline image 2


2. Brasswind instruments


Inline image 4



Inline image 3


3.   strings instruments




Inline image 7



Inline image 8


4.  percusion instruments 

Inline image 5










Inline image 6


මේ විදිහට තමයි බටහිර සංගීතය තුල එයටම අවෙනික වූ භාන්ඩ වර්ගීකරණය සහ ස්වර ප්‍රස්තාර ක්‍රමය නිර්මාණය වෙලා තියෙන්නෙ...මම මෙ විදිහට උත්සහ කලෙ  ඔබට මවු සංගීත පද්ධතියක් කියල කියන්නෙ මොකද්ද කියල පැහැදිලි කරල දෙන්න...හරි...එතකොට මෙ පද්ධතියට අදාළ සංගීත ශිල්ප ක්‍රම මොනවද...හැම සංගීත පද්ධතියක්ම තුලම ගායනය  සහ වාදනය කියල කොටස් දෙකක් තිබෙන බව ඔබ දන්නවා ඇති..බටහිර සංගීත පද්ධතිය තුලත් එහෙමයි... Melody සහ harmony කියන කොටස් දෙක මත තමයි බටහිර සංගීතයට පාදක වෙල තියෙන්නෙ...ඒ වගෙම හැම භාණ්ඩයකටම එයටම අවෙනික ශිල්පීය ක්‍රම තියෙනවා...ඒ ශිල්පීය ක්‍රම සහ එය බටහිර සහ පෙරදිග විදිහට වෙනස් වෙන විදිහ අපි අනිත් දවසෙ හමුවෙල කතා කරමු..




ශමීන් බණ්ඩාර
සංගීත පීඨය
සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලය


2 comments: